Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නූතන තාක්‍ෂණය මුසු කරගන්නා තුරු ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට පැවැත්මක් නෑ

නූතන තාක්‍ෂණය මුසු කරගන්නා තුරු ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට පැවැත්මක් නෑ

නාමල් පතිරගේ - 2020 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නූතන තාක්‍ෂණය ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට මුසු නොවීම මෙරට පාපන්දු ක්‍රීඩාවේ වත්මන් පරිහානියට හේතුවී තිබෙන බවත් එය නිවැරදි කරගන්නා තුරු ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට පැවැත්මක් නැති බවත් ජාතික පාපන්දු පුහුණුකරු බොස්නියානු ජාතික අමීර් ඇලජික් මහතා පවසයි.

පාපන්දු නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ යුරෝපයේ පාපන්දු ක්‍රීඩාවේ දියුණුවට ඉවහල් වූයේ නිරන්තරයෙන් එහි අළුත්වන තාක්‍ෂණය බවත් ඉදිරියේදී ජාතික පාපන්දු සංචිතයට එක්වන යුරෝපයේ ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් එක්කර ගැනීම ඒ සඳහාවන අඩිතාලමක් බවත් ඔහු එහිදී පැවසීය.

පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සේවය බාර ගත් අමීර් ඇලජික් මහතාට මාර්තු මාසයේ සිට ක්‍රියාකාරීව යමක් කළ නොහැකි විය. කොරෝනා වසංගතය හේතුවෙන් ජාතික පාපන්දු පුහුණු සංචිතයේ කටයුතු එතැන් සිට අත්හිටුවන ලදි.  ඇලජික් මහතා ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව නැංවීම සඳහා සිව් අවුරුදු සැළැස්මක් මේ වනවිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ඉදිරිපත් කර තිබේ. එහි පළමු ඉලක්කය ශ්‍රී ලංකාව දකුණු ආසියානු කුසලාන දිනා ගැනීමයි.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 206 වැනි ස්ථානයේ ද ආසියානු ශ්‍රේණිගත කිරීම අනුව අවසන් (45 වැනි) ස්ථානයේද සිටී. එය අන්තර්ජාතික පාපන්දු තරග බිමේ දරුණු කඩාවැටීමකි.

ඇලජික් මහතා වැඩිදුරටත් පැවසුවේ තාක්‍ෂණය දියුණු කරගනිමින් පියවරෙන් පියවර යන ගමනකින් හැරෙන්නට ශ්‍රී ලංකාවට පාපන්දු ක්‍රීඩාවෙන් ගොඩඒමක් නොමැති බවයි. ඒ සඳහා යොවුන් ක්‍රීඩකයන් කෙරෙහි වඩාත් විශ්වාසය තැබීමට සිදුවන බවත් එහිදී ක්‍රීඩකයන්ගේ පමණක් නොව නිලධාරීන්ගේ කැපවීමද දැඩි බලපෑමක් කරන බවත් ඔහු අනාවරණය කර සිටියේය.

ජර්මනියේ හා එංගලන්තයේ පුරවැසිභාවය හිමි, එ් රටවල්වල ක්‍රීඩා සමාජ පාපන්දු තරග සඳහා සහභාගීවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ තිදෙනෙක් ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් සඳහා සහභාගි වීමට දැනටමත් කැමැත්ත පළකර ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.
අමීර් ඇලජික් මහතා ජාතික සංචිතයේ ප්‍රධාන පුහුණුකරු හැරෙන්නට එහි තාක්ෂණික අධ්‍යක්‍ෂවරයා ලෙසත් මේවනවිට පත්වීම් ලබා සිටී.


 ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා


අදහස් (1)

නූතන තාක්‍ෂණය මුසු කරගන්නා තුරු ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට පැවැත්මක් නෑ
  • fairoos Monday, 22 June 2020 07:05 AM

    මෙයාව දාලා අපිට පාපන්දු ඇලජික් කරයිද? දන්නේ නැහැ..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.