Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජාතික සංචිතයේ පුහුණුවීම් වලට තවම සැලසුම් හදනවා

ජාතික සංචිතයේ පුහුණුවීම් වලට තවම සැලසුම් හදනවා

යොහාන් භාසුර - 2020 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින නමුත් ලබන ජූනි 01 වැනිදා පුහුණුවීම් ආරම්භ කිරීමට හැකිවේද යන්න තවම කිවනොහැකි බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ක්‍රිකට්, පාපන්දු සහ රග්බි යන ක්‍රීඩාවන්හි ජාතික සංගම් වලට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පසුගියදා ලිඛිතව දන්වා සිටියේ ජූනි මස 1 වැනිදා සිට ජාතික සංගම් වල පුහුණුවීම් ආරම්භ කිරීමට කටයුතු යොදන ලෙසයි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ මේ සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කළ බවත් පුහුණුවීම් සඳහා සැළසුමක් සකස් කර ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අනුමැතියට යොමු කරන ලෙස උපදෙස් ලැබුණු බවත් පාපන්දු සම්මේලන සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

“මම එම සැලැස්ම සම්බන්ධයෙන් අපේ ජාතික පුහුණුකරුවා සමඟ සාකච්ඡා කළා. අපි වෛද්‍ය අනුමැතිය සඳහා සැලැස්මක් සකස් කරන්න කටයුතු කරමින් ඉන්නවා” යයි අනුර ද සිල්වා මහතා පැවසීය.

“කොරෝනා අවදානම හේතුවෙන් රට වසා දමන විට අපි ක්‍රීඩකයන් 22 ක සංචිතයක් පුහුණුවීම් කරමින් සිටියා. ඒත් හදිසි තත්ත්වයත් සමඟම අපි සංචිතය විසුරුවා හැරියා” යැයි ද සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ (ආසියානු කළාපීය) සුදුසුකම් ලැබීමේ පළමු වටයේ තරග දෙකකට පසුගිය මාර්තු මස 25 සහ 31 යන දෙදින ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සහභාගි වීමට නියමිතව සිටියේය. එහෙත් උද්ගත වූ හදිසි තත්ත්වය හේතුවෙන් එම තරග දින නියමයක් නැතිව කල්දමන ලදි.

මෙම තරගවලින් පසුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේදී බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සහභාගිවීමට සූදානමින් සිටියේය. එහෙත් දකුණු ආසියානු පාපන්දු තරගාවලයද දින නියමයක් නැතිව කල්දමා තිබේ.

 


අදහස් (0)

ජාතික සංචිතයේ පුහුණුවීම් වලට තවම සැලසුම් හදනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.