Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජර්මනියේ පාපන්දු ලීගය ඇරඹෙයි

ජර්මනියේ පාපන්දු ලීගය ඇරඹෙයි

editorial - 2020 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මාස දෙකකට වැඩි කාලයක් ක්‍රීඩාව අත්හිටුවීමෙන් පසු ජර්මානු පාපන්දු ලීගය හිස් ප්‍රේක්‍ෂකාගාර ඉදිරියේ පසුගිය සෙනසුරාදා (16 වැනිදා) නැවත ආරම්භ විය. ‘බන්ඩස්ලීගා’ යනුවෙන් හැඳින්වෙන ජර්මානු පාපන්දු ලීගය නැවත ආරම්භ කිරීමෙන් පසුව පැවැති පළමු තරගයේදී බොරූෂියා ඩෝමන්ඞ් කණ්ඩායම විසින් ෂාල්ක් කණ්ඩායම ගෝල 4-0 ක දරුණු පරාජයකට ලක් කරන ලදි.
 
යුරෝපයේ පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු ලීග හයෙන් එකක් වන බන්ඩස්ලීගා තරගාවලිය, කොරෝනා වයිරසය හේතුවෙන් ක්‍රීඩාව නවතා දැමීමෙන් පසු නැවත ක්‍රියාත්මක වූ පළමුවැනි ප්‍රධාන පෙළේ පාපන්දු ලීගයයි. කෙසේ වෙතත්, තවමත් දිනයකදී කොරෝනා වයිරසය වැළඳුණු රෝගීන් සිය ගණනක් තවමත් හමුවන රටක පාපන්දු ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අනෙකුත් ලීග තියුණු පරීක්ෂාවෙන් සිටී.

දැඩි සෞඛ්‍ය නිර්දේශ සහිතව ආරම්භ කෙරුණු මෙම තරගාවලියේදී වයිරසය පැතිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් නියෝග රැසකි. ක්‍රීඩකයන් හැර සියල්ලන්ම මුහුණු ආවරණ පැළඳිය යතුය. ක්‍රීඩකයින් මුහුණු ආවරණ නොපළඳින නමුත් අතට අත දීම සහ ක්‍රීඩකයන් එක්ව සතුට බෙදාගැනීම ආදී කිසිවක් කිරීමට ඔවුන්ට අවසර නැත.

තවත් දින 10 ක් ඇතුළතදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන බයර්න් මියුනිච් පිලට මුහුණ දෙන ඩොර්මන්ඞ් පිල ලබාගත් මෙම ජයග්‍රහණය ඔවුන්ට කුසලාන සොයා යාමේ නව බලාපොරොත්තුවකි. එය හදිසියේම නොපෙනී ගිය ගිනි පුපුරක් හිස් බිමකදී සොයා ගන්නාක් මෙනි.

තරගය ආරම්භ වී පැය භාගයකට පමණ පසුව නොර්වේ පිලේ ප්‍රහාරකයකු වන 19 හැවිරිදි අර්ලිං හාර්ලන්ඞ් පළමු ගෝලය ලබාගත්තේය. එය ඔහු ඩෝර්මනඞ් පිල වෙනුවෙන් තරග 12 කදී ලබාගත් 13 වැනි ගෝලය විය. ඔහු මේ වන විටත් සෑම ප්‍රධාන යුරෝපීය ලීගයකම වාගේ හුවමාරු ලැයිස්තුවේ ඉහළින්ම සිටින ක්‍රීඩකයෙකි.

මේ සති අන්තයේ බන්ඩෙස්ලිගා සඳහා බිලියනයක පමණ රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක් තරග සංවිධායකයෝ අපේක්ෂා කරති. මෙම තත්ත්වය යටතේ අර්ලිං හාර්ට්ලන්ඞ්ගේ ලකුණු ලබා ගැනීම ඔහුගේ දැනට පවතින කීර්තිය තවත් ඉහළ නංවනු ඇත.

පෘතුගීසි මැදපෙළ ක්‍රීඩක රෆායෙල් ගුවෙයිරෝ තවත් ගෝල දෙකක් එකතු කළ අතර එය ප්‍රසාද ලකුණු පුවරුවේදී ඩෝර්මන්ඞ් පිල ලකුණු 54 ක් දක්වා ඉහළට ගෙන යාමකි. මේ වන විට ඩෝර්මන්ඞ් පිල සිටින්නේ පසුගිය වසරේ ශූරයන් වන බයර්න් මියුනිච් පිලට වඩා ලකුණක් පසුපසිනි.

“කොන්දේසි සාමාන්‍යය නම් මම වඩාත් කැමතියි,” යැයි ඩොර්මන්ඞ් මැදපෙළ ක්‍රීඩක ජූලියන් බ්‍රැන්ඞ් පැවසීය.

“අපි හැමෝම මේ තත්ත්වයට අනුවර්තනය වී, එයින් විනෝද වීමට උත්සාහ කළ යුතුයි. අපි අද එය ඉතා හොඳින් කළා. ජයග්‍රහණයකට වඩා ලීගය නැවත ආරම්භ කිරීමට වඩා හොඳ විදිය කුමක්ද” යයි ජූලියන් විමසයි.

පේ්්‍රක්‍ෂකයන් 80,000 ධාරිතාවයකින් යුත් මෙම තරගය පැවැති සිග්නල් ඉදුනා උද්‍යානයේ ක්‍රීඩාංගණය ප්‍රේක්‍ෂකයන්ගෙන් හිස්ව පැවතිණ. තරගයේ 87 වන මිනිත්තුවේදී ෂාල්ක් කණ්ඩායම ජොන්ජෝ කෙනී වෙනුවට ටිමෝ බෙකර් ගෙන ආ විට එය බන්ඩෙස්ලිගා ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ආදේශන පහක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව විය. එය අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් තාවකාලික නිතී රීති වෙනසක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.

බන්ඩෙස්ලිගා තරගාවලියේදී ගෝලයක් ලබාගත් විට සතුට සැමරීම සිනහවකට, මාපට ඇඟිල්ල දිගු කිරීම හෝ ඉඳහිට හස්තය නැතහොත් වැලමිට ගැසීම වැනි දේවලට සීමා වී තිබිණ.

ඩොර්මන්ඞ්ගේ පහසු ජයග්‍රහණය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙු පසුවන බයර්න් වෙත එල්ල කළ පීඩනය වැඩි කරද්දී ආර්.බී ලීප්සිග් ක්‍රීඩකයෝද විශාල පසුබෑමකට ලක්වූහ. ඔව්හු ෆ්‍රීබර්ග්හිදී ගෝල 1-1 ක් ලෙස තරගය සමකර ගත්තේය. ලීප්සිග් පිල මේ වන විට ප්‍රසාද ලකුණු 51 ක් ලබා සිටින අතර ඔවුන්ගේ ආදේශකයන් බංකුවේ ආරක්ෂිත දුරක් තබා ගැනීම සඳහා ක්‍රීඩාංගනයේ ගුවන් යානා පඩිපෙළ භාවිතා කළේය.
 
- 2079

අදහස් (0)

ජර්මනියේ පාපන්දු ලීගය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.