Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව fifa_2018 ප්‍රංශ විප්ලවය යළි සිහියට

ප්‍රංශ විප්ලවය යළි සිහියට

Nisanka Sandeepani - 2018 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශය සහ බෙල්ජියම අතර ඊයේ (10) ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ගෝල 1-0 ජයක් ලැබූ ප්‍රංශය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.  ප්‍රංශයේ මෙම ජයග්‍රහණයත් සමගින් ලෝක කුසලාන අවසන් මහ තරගයකට සුදුසුකම් ලබාගත් තෙවැනි අවස්ථාව බවටද පත්විය. 

තරගයේ 51 වැනි මිනිත්තුවේදී ප්‍රංශ ක්‍රීඩක සැමුවෙල් උම්ටිටි හිසින් දැලවෙත පන්දුව යොමු කරමින් ලබාගත් ගෝලයත් සමගින් ප්‍රංශයේ ජයග්‍රහණය තීරණය විය. අවස්ථා කිහියපයකදීම බෙල්ජියමට ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවත් පැමිණියත් ඒ සියල්ල අසාර්ථක වීම නිසා අපරාජිතව පැමිණි බෙල්ජියමටද මෙවර කුසලානය පෙනිපෙනී එහි සිහිනය අතහැර දැමීමට සිදුවිය. එහෙත් බෙල්ජියමට තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැත්වෙන තරගය සඳහා මේ මස 13 වැනිදා තෙක් නැවතත් බලා සිටීමට සිදුවනු ඇත. 

තරගයේ 21 වැනි මිනිත්තුවේදී බෙල්ජියමේ ටොබි ඇල්ඩවයල්ඞ් විසින් කෙළින්ම දැලවෙත යොමුකළ පා පහර ප්‍රංශයේ දැල රකින්නා විසින් සුරක්ෂිතව රඳවා ගැනීම නිසා එවරද ගෝලයක් ලබා ගැනීමට තැබූ අවස්ථාව බෙල්ජියමට මගහැරී ගියේය. ප්‍රංශ ක්‍රීඩක බෙන්ජමින් පවාඞ්  යොමුකළ පන්දුව බෙල්ජියමේ දැල රකින්නාගේ පාදයේ වැදි ගෝල සීමාවෙන් එපිටතට යොමු වීම නිසා පළමු භාගය අවසානයේ කණ්ඩායම් දෙකම ගෝල නොලබාම කරට කර සටනක නිරත වී සිටි වී නමුත් දෙවන භාගයේ බෙල්ජියමට ප්‍රංශයෙන් කිසිදු සමාවක් හිමිනොවීය. 

1998 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ බ්‍රසීලයට එරෙහිව ගෝල 3-0 ක විශිෂ්ට ජයක් ලැබූ ප්‍රංශය පළමු වරට ලෝක කුසලානය තමන් සතු කරගත්තේය. 2006 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ ඉතාලිය සමගින් පැවති අවසන් තරගයේදී දෙපිළම ගෝල 1-1 කින් සමවීම නිසා දඬුවම් පහරෙන් ජයග්‍රාහකයා තේරීමට සිදුවිය. එහිදී දඬුවම් පහර 5-3 කින් ජයගත් ඉතාලිය ලෝක ශූරයන් බවට පත්වෙද්දී, ප්‍රංශයට අනුශූරතාවයෙන් සෑහීමට සිදුවිය. 

වසර 12 කට පසු ලෝක කුසලාන අවසන් මහ තරගයකට සුදුසුකම් ලබාගත් ප්‍රංශය අද එංගලන්තය සහ ක්‍රෝඒෂියාව සමගින් පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග මේ මස 15 වැනිදා රුසියාවේ ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී අවසන් මහ තරගයට තරග වදිනු ඇත. 

23 34 111

024

 


අදහස් (0)

ප්‍රංශ විප්ලවය යළි සිහියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.