Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features වි-20ට ගැලපෙන අය නැතිනම් මම යනවා

වි-20ට ගැලපෙන අය නැතිනම් මම යනවා

යොහාන් භාසුර - 2019 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායමට නායකයා හැටියට තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් ඉල්ලා සිටින බවත් එයට හොඳ ප්‍රතිචාරයක් නොලැබුණ හොත් බායි කියා යන බවත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත් ලසිත් මාලිංග පැවසීය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් පසුව මාලිංග මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.


● ඔබේ අවසන් තරගයේදී කඩුලු තුනක් දවාගැනීම පිළිබඳව හිතෙන්නෙ මොකක්ද?
මට පුදුම සතුටක් තියෙනවා. කඩුලු දවාගත්තට වඩා මගේ අවසන් තරගය නරඹන්න ප්‍රේක්‍ෂකාගාර පිරෙන්න හිටියා. ඒ සියලු දෙනාටම ස්තූති කරනවා.
අපි පළමු පන්දු ඕවර 10 තුළ කඩුලු දෙකක් දවාගන්න උත්සහ කරනවා. තරගයක් ජයග්‍රහණය කරන්න නම් ස්ථාවර වෙන්න ඕනේ. මම හැමදාම උත්සහ කළේ ඒ දේ. සමහර අවස්ථාවල සාර්ථක වුණා. සමහර අවස්ථාවල අසාර්ථක වුණා.
කඩුලු තුනක් දවාගෙන මගේ අවසන් තරගය ජයග්‍රහණය කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඒ නිසා මම හිතනවා ගොඩක් සතුටින් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්න ලැබුණා කියලා”


● ළහිරු කුමාර කඩුල්ල දවාගැනීමෙන් පසුව ඔබ දෙස බලමින් තමයි සතුටු වුණේ. ඒකට හේතුව මොකක්ද?
ඔහු තාම තරුණ ක්‍රීඩකයෙක්. ඔහුගේ හැකියාව තාම ඔහුත් දන්නේ නෑ.
අපි ගොඩක් ක්‍රිකට් ගහලා තියෙන නිසා පිතිකරුවා හැසිරෙන ආකාරයට මට හිතෙනවා මෙයා මේක තමයි කරන්න හදන්නෙ කියලා. වනිඳුව තර්ඞ්මෑන් එකට දාලා මම මිඞ්ඕන් එකට ආවේ අලුත් ක්‍රීඩකයක් වන ළහිරුට උදව් කරන්න පු`ඵවන්නම් හොඳයි කියලා හිතුන නිසයි.
ඒ නිසා මම ඔහුට උපදෙසක් දුන්නා. ඔහු එය උත්සහ කළා සාර්ථක වූණා. ඔහු ඒ නිසා මා දිහා බලලා කඩුල්ල දවාගැනීමේ ප්‍රීතිය සැමරුවා. මම ඉගෙනගත්ත දෙයක් දීලා යන්න ඕනෙ. මම අද විතරක් නොවෙයි හැමදාම මොකක්ද වෙන්නෙ, පිතිකරු හසිරෙන්නෙ කොහොමද, මොකක්ද කරන්න ඕනේ කියන දේවල් ටික ටික කියලා දීලා තියෙනවා. ඒ වගේ දේවල් දකින විට මට හිතෙනවා මම සාර්ථකයි. ඒ වගේම සතුටුයි”


● යෝකර් පන්දු දෙකකින් පළමු කඩුලු දෙක දවාගැනීම පිළිබඳව හිතෙන්නෙ මොකක්ද?
“මම දැන් ගොඩක් වයසක ක්‍රීඩකයෙක්. කලින් වගේ පන්දුවේ වේගය නෑ. වේගය නැති නිසා මගේ තියෙන දක්‍ෂතාවලින් සෑහෙන ප්‍රමාණයක් අද වන විට අඩු වෙලා ඇති.
මට කඩුල්ලක් දවාගන්න හැකියාව තියෙන්නෙ එක විදියකට. මට ඒක සනත් ජයසූරියද එහෙම නැත්තන් අද ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් දෙදෙනාද? වමත්ද? කවුරු හරි හෝ වේවා මට ගන්න පු`ඵවන් ක්‍රමය තියෙන්නේ එකයිනේ. ඉතින් ඒක තමයි මම උත්සහ කරන්නෙ.
ඒගොල්ලො එක එක විදියට දැවී යනවා විඩියෝ දැක්කත් මට තියෙන්නෙ එක දෙයයි. මට තියෙන දේ මම කළා. සාර්ථක වුණා. මගේ වේගය වෙනදා තරම් නෑ. වැඩි කඩුලු සංඛ්‍යාවක් ගන්න තරම් ශක්තියක් සහ හැකියාවක් නෑ. නමුත් අවශ්‍ය දේ ගන්න මට තියෙන දේ මම ප්‍රයෝජනයට ගත්තා. මට ඒ ගැන සතුටුයි”


● ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනාගත බලාපොරොත්තුව මොකක්ද?
මම එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා. අපි ක්‍රිකට් ක්‍රීඩාව කරපු කාලය තුළ අපිට හැකියාව කියන එක අවබෝධය දෙන්න අතපසුවීමක් වෙලා තියෙනවා.
ඕනම කෙනකුට හැකියාව තියෙනවා. නමුත් ඒ හැකියාව ආත්මශක්තිය ඇතිව නැවත නැවත යොදාගන්න කොහොමද කියන එක දන්නෙ නෑ.
මම කථා කරන්නෙ පන්දු යවන්නන් ගැනයි. හැකියාව නැවත නැවත යොදා ගන්න දන්නැති කෙනා ඉදිරියට යන්නේ නෑ. ස්කිල් එක ‘රිපීට්’ කරන එක තමයි දක්‍ෂතාව කියන්නේ. රිපීට් කරන්න බැරිනම් ‘ටැලන්ට්’ එක දක්වා එය ඉදිරියට යන්නෙ නෑ.
ස්කිල් එකයි ටැලන්ට් එකයි තියෙනවා නම් ඔහුට විඩීයෝ බලලා, ඇනලයිස් කරලා අවස්ථාව හදුන ගන්නා පුඵවන්. එහෙමත් නැත්නම් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ඉන්නවා නම් ඔවුන්ට කියන්න පුඵවන් මේවා කරන්න කියලා.
අවසන් අවුරුදු හයක හතක කාලය තුළ ඒ දේ ලැබිලා නෑ. මම හිතන්නෙ ජාතික කණ්ඩායමේදී ක්‍රීඩකයෙක්ට ඒ දේ දෙන්න බෑ. වයස අවුරුදු 17 දී 15 දී ක්‍රීඩකයන් හදුනාගෙන පුහුණු සංචිතයක් ආරම්භ කරන්න ඕනෙ.
ජාත්‍යන්තරයේදී ‘ලයින් ඇන්ඞ් ලෙන්ත්’ පන්දු යවන්න ඕනෙ. ඒ වගේම පීඩනය පාලනය කරන්න ඕනෙ. පීඩනය කියන්නේ අවස්ථාවත් දන්නවා, කරන්න ඕන දේත් දන්නවා නමුත් ප්‍රශ්නයක් තියෙනවා ඒක කරන්න පු`ඵවන්ද කියලා. අන්න ඒක තමයි පීඩනය.
තමන් හැකියාවෙන් ඉහළින් ඉන්නවා නම්. ආත්ම විශ්වාසයෙන් ඒ දේ කරන්න පුඵවන් නම් පීඩනයක් ඇති වෙන්නේ නෑ.
වසර 15 ක් තුළ මම අයි.පී.එල්. ක්‍රිකට් ගහලා සෑම දේයකින්ම ලබාගත් අත්දැකීම පුහුණුකරුවකු විදියට වඩා මේ ලණුව ඇතුළෙ වෙන්නෙ මොනවද? තරගයක් තේරුම් ගන්නෙ කොහොමද? පිතිකරුවෙක් දවාගන්නෙ කොහොමද? හැකියාව වර්ධනය කරන්නෙ කොහොමද? යන දේවල් කියලා දෙන්න පුඵවන් කියන එක ගැන මට ශක්තියක් තියෙනවා.
ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක නම් අඩුපාඩුව. එය බලාපොරොත්තු වන තැනකට මම මගේ සහය දෙනවා. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙන්න පු`ඵවන්. වෙන රටක වෙන්නත් පුඵවන්. බලාපොරොත්තු වෙන තැනට දෙනවා. මට ස්ථිරව කියන්න බෑ ලංකාවටම කියලා. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නේ. මගේ ක්‍රිකට් මම මගෙන් ඉල්ලන ඕන කෙනෙක්ට දෙනවා. මේක තියාගෙන ඉදලා වැඩක් නෑ”


● බංග්ලාදේශ පිලේ වේග පන්දුයවන්න්ගේ පුහුණුකරු හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චම්පක රාමනායක මහතාට ඔබ විශේෂ ගෞරවයක් දක්වන බවත් පේනවා. ඒකට හේතුව මොකක්ද?
චම්පක මගේ ක්‍රිකට් ජීවිතයේ ප්‍රධානම චරිතය. 2001 වසරේ ඔහු හඳුනාගත්තා මගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස්, මට දෙයක් කරන්න පුඵවන් කියලා. ඒ නිසා ඔහු වඩාත් වැඳගත් වුණා. දිල්හාර ප්‍රනාන්දු, ප්‍රභාත් නිශ්ංශංක වැනි ක්‍රීඩකයන්ට ද ඔහුගේ උපදෙස් ලැබුණා.
ඔහු ගාල්ලේ ක්‍රිකට් සමාජයේ ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවා ලෙස කටයුතු කළා. ඔහු මට අවස්ථාව ලබා දුන්නා. මම කඩුලු අටක් දවාගත්තා. ඔහු ක්‍රිකට් අවසන් කරලා මට ඔහුගේ අවස්ථාව දීලා ඔහු පුහුණුකරු වැඬේ කරන්න ගත්තා. මම හිතන්නෙ නෑ වෙන කෙනෙක් එහෙම කරයි කියලා. මගේ සහ නුවන් කුලසේකරගේ පුහුණුකරු ඔහුයි.
අපි දෙන්නා වසර 12 ක් පමණ එකට ක්‍රීඩා කළා. අපි දස්කම් දැක්වුවා. මම හිතනවා ඔහු තමයි සාර්ථකම පුහුණුකරු කියලා. මේ වන විට ඔහු යටතේ බංග්ලාදේශ වේග පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යවනවා.
ඔහු දන්නවා දක්‍ෂතාව හදුනාගැනීමට සහ වර්ධනයට කිරීමට. මට ඔහුව අහිමිවුණා. එය පාලනය කරන්න මට බෑ. කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ වාසනාවන්තයි”


● ඔබ මේ දක්වා ගතකළ ක්‍රිකට් ජීවිතය ගැන හිතෙන්නෙ මොනවද?
මගේ ක්‍රිකට් ගමන ගොඩක් වාසනාවන්තයි. ජාතික කණ්ඩායමේ ක්‍රිකට් වීරයන් සමඟ ක්‍රීඩා කළා. මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, සනත් ජයසූරිය, මාවන් අතපත්තු සහ චමින්ද වාස් වැනි ක්‍රිකට් වීරයන් සමඟ ක්‍රීඩා කරන්න ලැබුණා. මම හිතන්නේ නෑ වෙනත් ක්‍රීඩකයෙකුට මෙවැනි අවස්ථාවක් ලැබෙයි කියලා. ඒ නිසා මම මගේ ක්‍රිකට් ජීවිතතේ ගැන සියයට සියයක්ම සතුටු වෙනවා”


● ඔබ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවා කියලා කථාවක් පැතිර ගියා. එහි සත්‍යතාව කොහොමද?
“මම පළමුවෙන්ම ඒ කථාව හදපු කෙනා සොයා ගන්න ඕනේ. ඉන් පසුව කථාව ලියපු කෙනා සොයාන්න ඕනේ. ඒක මම කියපු දෙයක් නෙවෙයි. ඒ නිසා මම ඒකට උත්තර දෙන්නෙ කොහොමද? මම කියපු වීඩියොවක් හෝ ප්‍රකාශයක් හෝ තිබුණනන් අන්න ලසිත් මාලිංග කිව්වා ඕස්ට්‍රේලියාවේ ගිහින් පදිංචි වෙනවා කියලා. එහෙම දෙයක් තිබුණනන් මට උත්තරයක් දෙන්න පුඵවන්. වෙනත් කෙනෙක් කියපු දේකට කොහොමද උත්තර දෙන්නෙ කියලා මට තේරෙන්නේ නෑ”


● ඔබ පීඩනය ගැන කථා කරනවා. ඔබ පීඩනය පාලනය කරන්නෙ කොහොමද?
පීඩනය කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනෙ. අපි හිතමුකෝ වාහන රියදුරෙක් ගියර් එක දාන්නත්, ක්ලච් එක දෙන්නත් හැම දේම දන්නවා නම් එයාට වාහනය පදවන්න බයක් නෑ. එයාට ස්කිල් එක තියනවා. ඒකම තමයි ක්‍රිිකට් වලත්.
මට යෝකර් හයක් දාන්න කියලා අභියෝගයක් ලැබෙනවා. ඒ දේ කරන්න මට පු`ඵවන් කියලා දන්නවා නම් මට පීඩනයක් නෑ. අවස්ථාවේ හැටියට කඩුල්ලක් ගන්න ඕනේ. ඒකට ස්ලෝ බෝලයක් හරි තැනට දාන්න ඕනේ. ඒක පු`ඵවන්නන් මට පීඩනයක් නෑ. මේ හැම දේම පවතින්නෙ අවස්ථාවත් දන්නවා, කරන්න ඕන දේත් දන්නවා නමුත් ඒක කරන්න පුඵවන්ද කියලා විශ්වාසයක් නෑ. ඒක තමයි පීඩනය. මම කියන්නේ පීඩනය කියලා දෙයක් නෑ. ආත්ම විශ්වාසය කාටවත් දෙන්න බෑ. මට උදව් කරන්න පුඵවන්. අපේ වෙලා තියෙන්නේ ඒක ඇඟට දීලා නෑ. අපි ඒක දෙන්න හදන්නෙ ජාතික කණ්ඩායමට ආවමයි.
හැමෝම කියන එකක් තමයි ගහලා ඉගෙන ගන්න ඕන කියන එක. ගහලා ඉගෙන ගන්න බෑ. දාන්න දේවල් තියෙනවා නම් අන්න එවිට ඒවා දාන්නෙ මොන වෙලාවට ද කියලා ඉගනෙ ගන්න පු`ඵවන්. ජාතික කණ්ඩායමට ඇවිත් අවුරුද්දක් ගහන විට තියෙන දේ ප්‍රයෝජනයට ගන්න විදිය ඉගෙන ගන්න පු`ඵවන්.
පීඩනය කියන්නේ තමන්ට ස්කිල් එක නෑ. ස්කිල් එක නැති කෙනෙක් ජාතික කණ්ඩායමක ගහන්න සුදුසු නෑ. සමහර වෙලාවට වයිඞ් යෝකර් හයක් දාන්න වෙනවා. එහෙමත් නැත්නම් ස්ලෝ බෝල් හයක් දාන්න. සමහර විට කෙලින් බෝල් හයක් දාන්න. නායකයා මට පන්දුව දුන්නම මට කියන්න බෑ ඒක දාන්න බෑ කියලා. එහෙම වුණොත් මම ඒ කණ්ඩායමට සුදුසු නෑ.
ගහන පන්දු යවන්නන් පස්දෙනා කවුරු වුණත් නායකයා කියන එක දාන්න පු`ඵවන් වෙන්න ඕනේ. ඒක බැරි කෙනාට පීඩනය. මම කියන්නෙ ඔහුව ගේන්න එපා.
මම ක්‍රිකට්වල පීඩනයක් කියලා එකක් දන්නේ නෑ. මොකද මට ඉතා කෙටි කාලයකින් හොඳ යෝකර් එකක් හදාගන්න පු`ඵවන් වුණා. ස්ලෝ බෝල් එකක් හදාගන්න පු`ඵවන් වුණා. මට ඒ දෙක බැලන්ස් කරන්න පු`ඵවන් වුණා. මම වයිඞ් එකටත් දානවා. හීල් එකටත් දානවා. ස්ටම්ප් එකට කෙළිනුත් දානවා. මම බැලන්ස් එක කියන එක හදාගත්තා. ඒ නිසා මම මේ පීඩනය කියන එක මොකද්ද කියලා තාම හොයනවා.
මට අවස්ථාව ජය ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා පීඩනයක් නෑ. ඒක තමයි මම දන්න දේ. මම සමහර විට වැරදි ඇති. මට පීඩනය දැනිලා නෑ”


● විස්සයි20 කණ්ඩායමේ තවමත් නායකයා ඔබයි. ඉදිරි සැළසුම් මොනවද?
තේරීම් කමිටුවත් සමඟ සමුගැනීම ගැන කථා කළ අවස්ථාවේදී මට කිව්වේ ලබන වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය දක්වා මගේ විස්සයි20 නායකත්වය ඉදිරියට අරගෙන යන්න කියලයි.
මම මේ තරගාවලියෙන් පසුව සැලැස්මක් හදනවා. මම හිතන්නේ නෑ මම තරම් විස්සයි20 ක්‍රිකට් ගහපු හරි ඒ පීඩනයට ක්‍රීඩා කරපු හරි කෙනෙක් ඉන්නවා කියලා. මම මගේ ලොකු කමක් කියනවා නෙවෙයි.
මම දැන් කාලයක් බලාගෙන හිටියනේ. මේක යටටම වැටෙනකන් බලාගෙන හිටියනේ. ඒ නිසා පුහුණුවීම් වෙන්නෙ කොහොමද? ඒ පුහුණුවීම් ඇතුළෙදී මොනවගේ පුහුණුවීම්ද වෙන්න ඕනෙ කියලා තීරණය කරනවා. මම අයිපී.එල්. ක්‍රිකට් ගහලා මොනවද කරන්න ඕනෙ කියලා දළ අදහසක් තියෙනවා.
මොනවගේ ක්‍රීඩකයොද ඕනේ. මොනවගේ අවස්ථාවන්වල ගහන අයද ඕනේ. මගේ අදහස් තියෙනවා මේ ගේම්එකට ගැලපෙන ක්‍රීඩකයන් 20 ක 25 ක සංචිතයක් හදාගන්න. අපිට ලෝක කුසලානයට පෙර තරග 19 ක් තියෙනවා. අපිට ලෝක කුසලානයට ගිහිල්ලා කියන්න බෑ මේ දේ කරන්න බෑ කියලා.
මම නායකයනන් මමනේ මැදට යන්නෙ. වෙන කෙනෙක් කියන දෙයක් ඉගෙන ගත්ත කෙනෙක් මට මැදට අරන් යන්න බෑ. මැදට අරන් යන්නෙ මමනන් එයාගෙන් ගන්න වැඬේ දන්නෙ මමනන්, මොනවද පුහුණුවීම් කරලා තියෙන්නේ කියලා දන්නේ මමනන්, මම පුහුණුකරුට කියන්න ඕනේ මට මෙයාගෙන් මේ දේ ඕන කියලා. මම හරිම සරළව මගේ ඒ ප්‍රතිපත්තිය කියලා බලනවා. ප්‍රතිචාරය කොහොමද කියලා බලනවා. නැත්නම් ඉතින් බායි කියලා යනවා”


● ශ්‍රී ලංකාවේ වර්තමාන යොවුන් වේග පන්දු යවන්නන්ගේ දස්කම් පිළිබඳව ඔබ සතුටු වෙනවාද?
අපිට වේග පන්දු යවන්නෝ ඉන්නවා. ලසිත් මාලිංගගෙන් බලාපොරොත්තු වෙනවානේ කඩුලු දෙකක් උදේ අරන් දෙයි කියලා. අපි අන්න එතනට කට්ටිය හදලද කියලා හොයාගන්න ඕනෙ.
 හැකියාව තියෙනවද කියලා හොයන්න ඕනේ. වේග පන්දු යවන්නන් කොච්චර හිටියත් ගුටි කාලා ඉගෙන ගන්නෙ නෑ. වෙනම සංචිතයක් හදලා අවශ්‍ය දේ දෙන්න ඕනේ.
පන්දු යවන්නෙක් හැටියට මම කියන්න ඕනේ පුහුණුකරු මට මේක ඉගෙන ගන්න ඕනෙ. මට අද මේක කරන්න ඕන කියලා. අන්න එහෙම ශක්තිය තියෙන පන්දු යවන්න් මුලින්ම හොයා ගන්න ඕනෙ.
පන්දු යවන්නෙක් වුණාම මුලින්ම පෞර්ශත්වයක් තියෙන්න ඕනේ අද මම ආවේ මේක ඉගෙන ගන්න. ඒක නිසා අද මේක ඉගෙන ගන්න මට උදව් කරන්න යැයි පුහුණුකරුට කියන්න පුඵවන් වෙන්න ඕනේ”

(ඡායාරූපය - ශාන්ත රත්නායක)


අදහස් (1)

වි-20ට ගැලපෙන අය නැතිනම් මම යනවා
  • චරිත් Monday, 07 October 2019 05:53 PM

    ඔන්න දැන් විස්සයි විස්සට ගැළපෙන අය ඉන්නවා. ටීම් එකේ ප්ලේස් එකත් නැතුව තමයි යනවනම් යන්න ‌වෙන්නේ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.