Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features පසුගිය දේවල් දැන් කතා කරලා වැඩක් නෑ

පසුගිය දේවල් දැන් කතා කරලා වැඩක් නෑ

editorial - 2019 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, එංගලන්තයේ ලීඩ්ස් සිට...)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරග තුනේදී ආසාර්ථක වීම පිළිබඳව දැඩි කණගාටුවට පත්වන බවත් ඉදිරියේදී කණ්ඩායමට උපරිම දායකක්වය ලබාදෙන බබත් ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. මැතිව්ස්, ලීඩ්ස්හිදී එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 85 ක් රැස්කරමින් ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්විය.

ශ්‍රී ලංකාව එම තරගයෙන් ලකුණු 20 ක ජයක් ලැබීය.

මැතිව්ස් විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වීය.

 

● පළමු තරග තුනේදී ඔබ අසාර්ථක වීම කණ්ඩායමේ පසු බෑමට විශාල බලපෑමක් කළා නේද?

“මම එම තරග තුනේදී හොඳින් ක්‍රීඩා කළේ නෑ. ක්‍රීඩකයෙක් හැටියට මම එය පිළිගන්න ඕනේ. මම එම තරග තුන්දි අසාර්ථක වුණා. පළමු තරග දෙකේදී පන්දු දහයකට අඩුවෙන් දැවී ගියා”

“පළමු තරග තුනේදී පිතිකරු අංශයෙන් පසු බෑමකට ලක්වීම පිළිබඳව අපි සියලු දෙනාම බොහොම කණගාටු වෙනවා. මම ඇතු`ඵ මැඳ පෙළ පිතිකරුවන් එම තරග තුනේදිම අසාර්ථක වුණා. එම තරග දෙක පරාජය වෙන්න ප්‍රධානතම හේතුව වුණේ එකයි”
“පන්දු යවන්නන් හොදින් පන්දු යැවුවා. මැද පෙළ පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කළොත් ලැබෙන හොඳ ආරම්භයත් සමඟ ඉදිරියට යන්න පු`ඵවන් කියලා විශ්වාස කරනවා”
“පිතිකරුවක් ලකුණු 20 ක් 25 ක් ලබාගත්තම ලොකු ඉනිමකට යන්න ඕනේ. හැම වෙලාවෙම ලකුණු ගහන්න බෑ. එහෙම දවසට කණ්ඩායම ගොඩයන්න පුඵවන් ලකුණු සංඛ්‍යාවක් රැස්කරන්න ඕනේ. ඉදිරි තරගවලදී උපරිමයෙන් එය කරන්න බලාපොරොත්තු වෙනවා”

 

● ශ්‍රී ලංකා පිලේ සමස්ත කඩා වැටීම හේතුව හැටියට ඔබ දකින්නේ කුමක්ද?

“අපි මූලිකවම කරන්න ඕනේ ක්‍රීඩකයන්ට අඛණ්ඩව අවස්ථාව දීලා බලන්න ඕනේ. පසුගිය කාළෙ ඒ සමහර දේවල් වුණේ නෑ. නමුත් අපිට ක්‍රීඩකයන් වශයෙන් ඒ සමහර දේවල් පාලනය කරන්න බෑ”

“ගොඩක් රටවල් වසර හතරක් පහක් එක දිගට ක්‍රීඩා කරපු කණ්ඩායම් ඉන්නේ. අපේ අවාසනාවට මෑතකදී නොවෙයි කලින් ඒ දේවල් වුණේ නෑ. අපි පසුගිය දේවල්වල් කථා කරලා වැඩක් නෑ. දැන් ඒ දේවල් ගිහිල්ලා අවසන්”
“නායකයාට පුහුණුකරු සහ තේරීම් කමිටුවත් සමඟ සාකච්ඡා කරන්න දීලා ක්‍රීඩකයන් විදියන් අපි කළ යුත්තේ ලැබෙන අවස්ථාවේදී කණ්ඩායමට උපරිම දීම පමණයි”

“ක්‍රීඩකයන් වශයෙන් කළ හැක්කේ ඒ ලැබෙන සෑම අවස්ථාවකදීම හොඳින් ක්‍රීඩා කිරීම පමණයි. බාහිර දේවල්වලට වැඩිය හිතන්නෙ නැතුව, ඒවට ඔලුව යොමු නොකර ක්‍රීඩකයන් වශයෙන් අපි උපරිම කරන්න ඕනේ”

“අපි තරගයේ මැදට ගිහිල්ලා කණ්ඩායම කොහොමද ගොඩදාන්නෙ කියලා බලන්න ඕනේ. පන්දු යවන්නන් පස්දෙනාගෙන් පස්දෙනාම එක දවසේ හොඳට කරන්නෙ නෑ. ඒ වගේම පිතිකරුවන් හත්දෙනා හෝ හයදෙනා එකම දවසෙ හොඳට කරන්නේ නෑ. ඒ ගහන දවසට කණ්ඩායම ජයග්‍රහණය දක්වා ගෙනියන්න ඕන කියලා මම විශ්වාස කරනවා”

 

● බංග්ලාදේශ කණ්ඩායම මෙම ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාරයන් බවට පත්ව සිටින ඒ සාර්ථකත්වයට හේතුව හැටියට ඔබ දකින්නෙ මොකක්ද?

“බංග්ලාදේශ කණ්ඩායම කිසිඳු අවස්ථාවක සැහැල්ලුවට ගන්න බෑ. මොකද බංග්ලාදේශය එකම කණ්ඩායම වසර 10 ක් පමණ එක දිගට ක්‍රීඩා කළා. මාත් සමඟ වයස 19 න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් හත් අට දෙනෙක්ම මේ බංග්ලාදේශ කණ්ඩායමට ක්‍රීඩා කරනවා. ඒ සියලු දෙනාම දැන් වසර 10 ක් පමණ එකට ක්‍රීඩා කරනවා. එහෙම ක්‍රීඩා කළාම ඔවුන් පරිනථ වෙලා මොනම හෝ අවස්ථාවක ඒ පරිනතභාවය ප්‍රදර්ශනය කරනවා”
“අවසන් වසර දෙක තුනේදී බංග්ලාදේශ පිල සෑහෙන්න ඒ පරිනත බව ප්‍රදර්ශනය කළා. ඔවුන් එකට දිගින් දිගටම ක්‍රීඩා කළා. එය තමයි මම පෙනෙන රහස සහ වෙනස”

 

● ඔබේ පාසල් මිත්‍රයා දිමුත් කරුණාරත්නගේ සාර්ථකත්වය පිළිබඳව ඔබ අදහස මොකක්ද?

“දිමුත් නායකයා මෙන්ම පිතිකරුවකු ලෙසත් ඉතාමත් හොඳට ක්‍රීඩා කරනවා. ඔහු කණ්ඩායමට අවශ්‍ය ආරම්භය අරන් දුන්නා. අවාසනාවට මැඳ පිතිකරුවන්ට ඔහුට අවශ්‍ය සහයෝගය දෙන්න බැරි වුණා.

“අපි කවුරුත් අසාර්ථක වෙන්න මැදට යන්නේ නෑ. අපි උපරිම වෙර දරනවා කණ්ඩායමට අවශ්‍ය දේ කරන්න. අවාසනාවකට ඒ තරග තුනේදීම එය කරන්න බැරි වුණා. ඉදිරි තරගවලදී එය අනෙක් පැත්තට හරවලා පු`ඵවන් උපරිම සහයෝගය දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ”

ශ්‍රී ලංකා පිල සහභාගි වන මීළඟ තරග දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්හැම්හිදී ලබන 28 වැනිදා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා පිල අද (24) ඩර්හැම්හිදී පළමු පුහුණු සැසියට සහභාගි විය.

 


අදහස් (0)

පසුගිය දේවල් දැන් කතා කරලා වැඩක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.