Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ජීවන් මෙන්ඩිස් ගැන ටිකක් හිතමු

ජීවන් මෙන්ඩිස් ගැන ටිකක් හිතමු

editorial - 2019 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වී සතියක් ඉක්ම යෑමටත් මත්තෙන් මෙතෙක් පැවැති අති විශිෂ්ඨ තරගවලින් මෙන්ම ලැබුණු අනපේක්ෂිත ප්‍රතිඵලවලින් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතිශය සිත් ඇද ගන්නා සුළු ආකර්ශණීය ක්‍රිකට් තරගාවලියක් බවට පත්ව ඇති බව මේ වන විටත් ඔප්පු වී තිබේ. පාකිස්තානු කණ්ඩායම හමුවේ සත්කාරක එංගලන්ත කණ්ඩායම ලද පරාජය ඒ අතරින් බොහෝ දෙනාගේ අවධානයට යොමුවූ තරගය බවට පත්විය. 

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුහුණ දුන් පළමු තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පාකිස්තානු පිල දැඩි ප්‍රහාරයකට ලක් වුණත්, එම තරග රටාවට වඩා සම්පූර්ණ වෙනස් තරග රටාවකින් එංගලන්තය සමඟ ට්‍රනේට්බි්‍රජ්හි පැවැති තරගයට පාකිස්තානුවෝ අවතීර්ණ වූහ.  ශක්ති සම්පන්න විය යුතු හොඳම ආකාරයෙන් තරග වැදුණු පාකිස්තානු කණ්ඩායම මුලින් විශාල ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට දමා ගැනීමට සමත් වූවා වගේම ඔවුන්ගේ  පන්දු යැවීමද ඉතාම ඉහළ මට්ටමේ පැවතුණා. විශේෂයෙන්ම ඔවුන්ගේ වමත් වේග පන්දු යවන්නන් වුණු වහාබ් රියාස් සහ මොහොමඞ් අමීර් ඉතාම හොඳින් පන්දු යැව්වා. 

මෙවර ලෝක කුසලාන දිනා ගනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම් අතර එංගලන්ත පිල ඉදිරියෙන් පසු වුවත්, සෙසු කණ්ඩායම් ගෙන බැලූ විට දක්ෂතා අතින් උදාසීනත්වයෙන් යුතු කිසිම කණ්ඩායමක් මෙවර ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන්නේ නෑ. 

ලෝක කුසලානය දිනා ගනු ඇතැයි අපේක්ෂිත අනෙක් කණ්ඩායම් වන ඉන්දියාව සහ ඔස්ටේ්‍රලියාව, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව හොඳ ජයග්‍රහණයක් වාර්තා කරමින් ඕස්ටේ්‍රලියාව අත්පත් කරගත් වර්ධනය, තරගාවලියේ දෙවැනි සතියට අපි පිවිසෙන විට දක්ෂතා අතින් හොඳ හැඩයක සිටින හැටි අපිට බලා ගන්න පුලුවන්.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද කණ්ඩායම් අතර අවසානයට සමාරම්භක තරගයට සහභාගි වුණු රට බවට ඉන්දියාව පත් වුණත්, ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය ඉතා විශිෂ්ඨයි. ඔවුන් සතුව ඉතාම සමබර කණ්ඩායමක් සිටිනවා. විශේෂයෙන් විශිෂ්ඨ මට්ටමේ දඟ පන්දු යවන්නන් වගේම ජස්ප්‍රිට් බුම්රා ද අතිෂයින්ම විශිෂ්ඨ පන්දු යවන්නෙක්. මේ කරුණුත් එක්ක ඔවුන් ඉතාම විශ්වාසනීය කණ්ඩායමක් බවට පත්වෙනවා. 

මේ අතර මෙවර තරගාවලිය තුළදී දකුණු අප්‍රිකානු පිල මෙතෙක් සහභාගි වුණු තරග සඳහා යොදා ගනු ලැබූ උපාය මාර්ග ඉතාම පහළ මට්ටමේ පැවැති බව ඔවුන් මේ වන විටත් පෙන්නුම් කරලා තියෙනවා. කණ්ඩායම් තේරීමේ සිට ඒ ඒ අවස්ථාවන්ට අනුවර්තනය වීමේදී ඔවුන්ගේ අඩු ලුහුඬු කම් රැසක් දැක ගන්නට ලැබෙනවා.

මට තේරුම් ගන්න බැරි දෙයක් තමයි පළමු තරගයෙදී ඇයි ඔවුන් ඬේවිඞ් මිලර්ව ක්‍රීඩා කරවන්නේ නැතුව ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයකු වුණු ක්‍රිස් මොරිස්ව ළං කර ගත්ත එක. ඔහුව අමතර ක්‍රීඩකයකු ලෙස සැලකීම තමයි මට තියෙන ලොකුම ප්‍රහේලිකාව. ඔවුන්ගේ පසු පෙළ දිහා බැලුවහම, පිතිකරුවන් එළියට දාලා තියෙන දිහා බැලුවම කණ්ඩායම සමබර කරන්න ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයින් එකොලොස් දෙනා ක්‍රීඩා කළ යුතුයි.

ඔවුන් සතු දිදුළන ආලෝකයක් බඳු ක්‍රීඩකයා වන්නේ කාගිසෝ රාබඩා. නියම වේගයකින් සහ ආවේගශීලී පන්දු යවන්නකු වන ඔහුගේ පන්දු පාලනය මෙන්ම විශ්වාසය ඉතා ඉහළයි. පිට පිටම තරග 3 ක් පරාජයට පත් වෙලා තියෙන දකුණු අප්‍රිකානු පිලට ඒ හදවතේ තියෙන ධෛර්යයනේ වැඩි දෙයක් දැන් අවශ්‍යයි. 

ඉන්දියාව ඔවුන්ගේ ශක්තියන් ක්‍රීඩා කරද්දී විරාට් කෝලිගේ ප්‍රතිවාදී නායකයා වූ ෆෆ් ඩුප්ලෙසි වැඩි ලකුණු අතරට යා යුතුවීම අනිවාර්ය වනවා සේම උපායශීලීත්වය අතින්ද වඩා කල්පනාකාරී විය යුතුව තිබුණා. කෝලි කියන්නේ ආවේගශීලී වගේම නිතරම සීමාවෙන් පිටතින් හිතන, උද්‍යෝගිමත් සහ ආඩම්බරකාර ක්‍රීඩකයෙක්. ඔවුන්ගේ කණ්ඩායම කඩා වැටෙන සෑම තැනකදීම කෝලි තම ක්‍රීඩකයින්ගෙන් ලබාගන්න තියෙන හොඳම දේ ලබා ගන්න  දක්වන්නේ පුදුම දක්ෂතාවක්. 

මෙවර තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ලද පළමු ජයග්‍රහණය වුණු ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබාගත් ජයග්‍රහණයට ඇත්තටම ශ්‍රී ලංකා පිලට දැඩි සටනක් ලබා දීමට සිදුවුණා. ඇත්තටම ඒ තරග ජයග්‍රහණය අපේ ධෛර්ය වැඩි කරවන අවස්ථාවක් වුණා. ඒත් අපිම තමයි ඒ ජයග්‍රහණය මෙතරම් අපහසු කරගත්තේ. 

පිතිකරු අනුපිළිවෙළේ කරන ලද වෙනස්කම, ඒ කියන්නේ කුසල් පෙරේරාව ආරම්භක පිතිකරු ස්ථානය දක්වා උසස් කිරීම හරහා පළමු කඩුල්ල වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්නත් එක්ක ලකුණු 92 ක් එක් කිරීමට අපිට එම තරගයේදී හැකියාව ලැබුණා. ඒ සම්බන්ධතාවය අපිට විශාල ලකුණු සංඛ්‍යාවකට යෑම සඳහා හොඳ අඩිතාලමක් විවර කර දුන් නමුත් සුපුරුදු මැද පෙළ කඩා වැටීම ඊට හරහට හිටියා.

අවස්ථානුකූලව පන්දුව පහර දීමේදී ඇති අත්දැකීම් හීනතාවය, ශක්තිය සහ අරමුණක් නොමැති බව පිතිකරුවන් ක්‍රීඩා කළ ආකාරයෙන් නොදැනුවත්වම එම තරගයේදී පෙන්නුම් කෙරුණා. ඒ වගේම පන්දුවට පහර දීමේදී පිතිකරුවන් දැවී ගිය ආකාරය ඉතාම බොළඳ වූවා සේම කඩුලු අතර දිව යෑමේදී සිදුවූ අඩුපාඩුද අනුමත කළ නොහැකි මට්ටමේ පැවැතුණා. පළමු පන්දුවාර 12 න් පසුව ඇෆ්ගනිස්තාන පිල ආක්‍රමණීශීලිත්වයෙන් සහ කපටිකමින් තරගයට හොඳින් අවතීර්ණ වුණා. නමුත් අපිට මීට වඩා හොඳට තරගය කළ යුතුව තිබුණා. 

මේ තරගයට ක්‍රීඩා කරන ලද වේග පන්දු යවන්නන් පස් දෙනා අතුරින් අවසානයේදී ලසිත් මාලිංග සහ නුවන් ප්‍රදීප් පමණක් ප්‍රතිවාදීන්ට තර්ජනයක් වෙමින් කඩුලු දවා ගැනීමට සමත් වුණා. ඒත් මට හැඟෙන ආකාරයට අපි කරපු අඩු පාඩුව තමයි ජීවන් මෙන්ඩිස්ව මේ තරගයට ක්‍රීඩා නොකරවපු එක.

ධනංජය ද සිල්වා සහ ජීවන් මෙන්ඩිස් අතරින් ක්‍රීඩා කරවන්න හොඳම කෙනා කවුද කියලා බැලුවොත් මම නම් හිතන්නේ ක්‍රීඩා කරන්න සුදුසුකම කෙනා තමයි ජීවන් මෙන්ඩිස්. දඟ පන්දු යවන්නෙක් විදියට ඔහු ඉතාම හොඳින් පන්දු යවනවා වගේම ඔහුගේ පා දඟ පන්දුව අපිට පන්දු යැවීමේදී විවිධත්වයක් ලබාගැනීමට හොඳින් උදව් වෙනවා.

 


අදහස් (0)

ජීවන් මෙන්ඩිස් ගැන ටිකක් හිතමු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.