Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට හලාවත මේරියන්ස් පිල අද (19 වැනිදා) සමත්විය. කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී රාගම පිලට එරෙහිව ලකුණු 38 ක ජයක් හිමිකර ගැනීමට හලාවත මේරියන්ස් පිල සමත්විය.
කාසියේ වාසිය දිනූ රාගම පිල පළමුව පන්දුවට පහරදීමට හලාවත මේරියන්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 168 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ලසිත් කෲස්පුල්ලේ පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 67 ක් රැස්කිරීමට සමත්විය.
ලසිත් කෲස්පුල්ලේ සහ කමිඳු මෙන්ඩිස් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 63 කදී ලකුණු 93 ක් සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වුහ.
පුලින තරංග ලකුණු 33 ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 25 ක් රැස්කරමින් හලාවත මේරියන්ස් පිලේ ලකුණු මට්ටම ඉහළ දැමීමට සමත්වූහ.
පන්දුවෙන් දස්කම් දැක්වූ උදාර ජයසුන්දර සිය ඕවර 4 ලකුණු 16 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගැනීමට සමත්වූ අතර ඉෂාන් ජයරත්න ලකුණු 40 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය රාගම පිලට ඕවර 19 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 135 ක් පමණි.
උදාර ජයසුන්දර ලකුණු 35 ක්, නිෂාන් ප්‍රනාන්දු ලකුණු 33 ක් සහ සුපේෂල ජයතිලක ලකුණු 24 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වුවද රාගම පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.
පුලින තරංග ඕවර 3 ක් යවමින් ලකුණු 18 කට කඩුලු 3 ක් දවාගනිමින් සිය කණ්ඩායම අවසන් මහා තරගය කරා රැගෙන යාමට දායකත්වය ලබාදුන්නේය.
අවසන් මහ තරගය 21 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
හලාවත මේරියන්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 168
(ලසිත් කෲස්පුල්ලේ 67, කමිඳු මෙන්ඩිස් 25, පුලින තරංග 33, උදාර ජයසුන්දර 16/4, ඉෂාන් ජයරත්න 40/2)
රාගම - ඕවර 19 කදී සියලුදෙනා දැවී 135
(නිෂාන් ප්‍රනාන්දු 33, උදාර ජයසුන්දර 35, සුපේෂල ජයතිලක 24, පුලින තරංග 18/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.