Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic සී.සී.සී පිල අවසන් මහ තරගයට

සී.සී.සී පිල අවසන් මහ තරගයට

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සී.සී.සී පිල අද (19 වැනිදා) සමත්විය. කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී පිලට එරෙහිව ලකුණු 10 ක ජයක් හිමිකර ගැනීමට සී.සී.සී පිල සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සී.සී.සී පිලට ඕවර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 144 ක් පමණි.

මලිඳු මදුරංග පන්දු 30 කදී ලකුණු 38 ක් ද වනිඳු හසරංග පන්දු 26 කදී ලකුණු 33 ක් ද රැස්කළ අතර මනෙල්ක ද සිල්වා පන්දු 11 කදී නොදැවී ලකුණු 19 ක් රැස්කිරීමට සමත්විය.
චාමික ගුණසේකර සිය ඕවර 4 ලකුණු 23 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත් අතර සචිඳු කොළඹගේ සහ ඩිලේෂ් ගුණරත්න කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය එන්.සී.සී පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණි.

හුදකලා සටනක නිරතවූ ළහිරු උදාර පන්දු 48 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 65 ක් රැස්කිරීමට සමත්වුවද සෙසු පිතිකරුවන්ගෙන් නිසි සහයෝගය නොලැබීම හේතුවෙන් එන්.සී.සී පිලට පරාජය අත්විය.

මාලින්ද පුෂ්පකුමාර සිය ඕවර 4 ලකුණු 25 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් අතර අෂාන් ප්‍රියංජන් සිය ඕවර 4 ලකුණු 17 කට සීමාකරමින් කඩුල්ලක්ද, වනිඳු හසරංග සිය ඕවර 4 ලකුණු 18 කට සීමාකරමින් කඩුල්ලක් සහ ළහිරු ගමගේ සිය ඕවර 4 ලකුණු 22 කට සීමාකරමින් කඩුල්ලක් දවාගනිමින් සී.සී.සී පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

සී.සී.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර අවසන් මහ තරගය මේ මස 21 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


සී.සී.සී  - ඕවර 20 කදී සියලුදෙනා දැවී 144
(මලිඳු මදුරංග 38, වනිඳු හසරංග 33, චාමික ගුණසේකර 23/4, සචිඳු කොළඹගේ 21/2, ඩිලේෂ් ගුණරත්න 33/2)

එන්.සී.සී  - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 134
(ළහිරු උදාර 65, මහේල උඩවත්ත 23, මාලින්ද පුෂ්පකුමාර 25/2)


අදහස් (0)

සී.සී.සී පිල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.