Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic කොළඹ පිලට ලකුණු 147 ක දැවැන්ත ජයක්

කොළඹ පිලට ලකුණු 147 ක දැවැන්ත ජයක්

ශානුක අරවින්ද - 2019 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර අද (16 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 147 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 284 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායම ඕවර 36.3 ක් අවසානයේ ලකුණු 136 කට සීමා කිරීමට කොළඹ කණ්ඩයමේ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ප්‍රවීන් නිමේෂ් ලකුණු 20 කට කඩුලු 4 ක් දවාගනිමින් දඹුල්ල කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී විය.

දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රවිඳු රෂාන්ත පන්දු 38 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 34 රැස්කළ අතර දුනිත් ජයකොඩි පන්දු 28 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 21 ක් රැස්කළේය. එහිදී සුධීර තිලකරත්න පන්දු 55 කදී ලකුණු 27 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 283 ක් රැස්කළ අතර කොළඹ ඉනිමේ නැංගුරම බවට පත් වූ අහන් වික්‍රමසිංහ පන්දු 73 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 78 ක් රැස්කළේය.

තෂික නිර්මාල් (28) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 60 සම්බන්ධතාවක් ගොඩනැගූ අහන්, ඉන් නොනැවතී වයි.ඒ.ඩී. සඳරුවන් (27) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක්ද පිහිටුවමින් කොළඹ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 11 කට මුහුණදුන් චමිඳු විජේසිංහ වේගවත් ලකුණු 28 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 16 ක් වන විට කොළඹ කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳවැටුණ අතර එතැන් පටන් ආරම්භක පිතිකරු ජොහාන් ද සිල්වා (49) සමග එක්වූ මොහොමඞ් ශමාස් (40) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. අර්ධ ශතකය පෙනි පෙනී දැවී යන විට පන්දු 64 කට මුහුණදී සිටි ජොහාන් හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම සරසා තිබූ අතර පන්දු 59 කදී වාර්තා වූ ශමාස්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

යසිරු රොද්‍රිගූ, සුධීර තිලකරත්න සහ අෂේන් ඩැනියෙල් එහිදී කඩුලු කඩුලු 2 බැගින් දවාගනිමින් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කොළඹ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 283
(අහන් වික්‍රමසිංහ 78, ජොහාන් ද සිල්වා 49, මොහොමඞ් ශමාස් 40, තෂික නිර්මාල් 28, චමිඳු විජේසිංහ 28, වයි.ඒ.ඩී. සඳරුවන් 27, යසිරු රොද්‍රිගූ 39/2, සුධීර තිලකරත්න 47/2, අෂේන් ඩැනියෙල් 56/2)

දඹුල්ල කණ්ඩායම - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 136  
(රවිඳු රෂාන්ත 34, සුධීර තිලකරත්න 27, දුනිත් ජයකොඩි 21, ලක්ෂාන් ගමගේ 18, නවීන් ප්‍රනාන්දු 18, ප්‍රවීන් නිමේෂ් 20/4, දිල්මින් රත්නායක 22/2)


අදහස් (0)

කොළඹ පිලට ලකුණු 147 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.