Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic මාස් සිලූටා - එච්.එන්.බී. සම ශූරතා දිනති

මාස් සිලූටා - එච්.එන්.බී. සම ශූරතා දිනති

රොෂාන් ගුණරත්න - 2019 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තෙවැනි වරටත් පැවැති “ෆෙයාර් ඇන්ඞ් ලව්ලි මෙන්” අභියෝගතා කුසලාන තරගාවලියේ සම ශූරයින් බවට මාස් සිලූටා සහ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම් පත්වූහ. වෙළඳ සේවා ‘බී’ කොටස යටතේ පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

වෙළඳසේවා ක්‍රීඩාංගණයට පෙරදින ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් අවසන් තරගයේ ආරම්භය පස්වරු 2.30 ට පමණ සිදුවූ අතර එක් පිලකට තරගය ඕවර 23 කට සීමාවිය.

කාසියේ වාසිය දිනූ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ නායක මාධව වර්ණපුර පළමුව පන්දුවට පහරදීම සඳහා මාස් සිලූටා කණ්ඩායමට ආරාධනා කළ අතර අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය අවසන් කරනවිට ඕවර 16 කට කඩුලු 3 ක් දැවී ලකුණු 154 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ ශෙහාන් ප්‍රනාන්දු පන්දු 46 කදී හයේ පහර 11 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත්විය.

දෙවැනි කඩුල්ල සඳහා පන්දු 71 කදී ලකුණු 112 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ශෙහාන් ප්‍රනාන්දු සහ දනෝෂ් ද සිල්වා සමත්වූහ.

ත්‍යග ප්‍රදානෝත්සවය එදිනම වෙළඳසේවා ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී තරග 6 කදී ලකුණු 294 ක් රැස්කළ මාස් සිලුටා කණ්ඩායමේ නිම්නද සුබසිංහ දක්ෂතම පිතිකරුවාට හිමි සම්මානය දිනාගත්තේය. තරග 6 කදී කඩුලු 13 ක් දවාගත් සිටිසන් ඩිවලොප්මන්ට් බැංකු කණ්ඩායමේ රවිඳු සුදර්ෂන දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගැනීමට සමත්විය. තරග 5 කදී ලකුණු 186 ක් සහ කඩුලු 12 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ මාස් සිලූටා කණ්ඩායමේ දුශාන් හේමන්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය.

මාස් සිලූටා - ඕවර 16 කදී කඩුලු 3 ක් දැවී 154
(ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 101, සංගීත් කුරේ 33)


අදහස් (0)

මාස් සිලූටා - එච්.එන්.බී. සම ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.