Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic වෙළඳසේවා ක්‍රිකට් සභාපති රෝහණ

වෙළඳසේවා ක්‍රිකට් සභාපති රෝහණ

editorial - 2019 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ 102 වැනි වාර්ෂික මහසභා රැස්වීමේදී එහි 41 වැනි සභාපතිවරයා ලෙස ඬේවිඞ් පිරීස් මෝටර් සමාගමේ රෝහණ දිසානායක මහතා තේරී පත්වී සිටී. ට්‍රෙන්ඩෙක්ස් ලංකා ආයතනයේ ශිරෝෂ ගුණතිලක මහතා නව ප්‍රධාන ලේකම්වරයා ලෙස තේරී පත්විය. නිළධාරී මණ්ඩලය නිතරගයෙන් පත්විය.
 
පස් දෙනෙකුගෙන් යුත් කමිටුව සඳහා නව මුහුණු 3 ක් එක්වී ඇති අතර අජිත් සියඹලාපිටිය (මාස් යුනිචෙලා), සජිත් අතපත්තු (ඒසියා ඇසට් ෆිනෑන්ස්) සහ හසිත දිසානායක (සී.ඩී.බී.) යන මහත්වරුන්ය.

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ ප්‍රධාන අනුශාසක ලෙස හේමක අමරසූරිය මහතාත් උප අනුශාසකවරුන් ලෙස චන්ද්‍ර ශාෆ්ටර්, උපාලි ධර්මදාස සහ ක්‍රිස් ඔබේසේකර යන මහත්වරුත් කටයුතු කරති. භාරකරුවෝ ලෙස තිලක් ද සොයිසා, කේ.මතිවානන් සහ නීල් පෙරේරා යන මහත්වරු කටයුතු කරති.

2019/20 සඳහා තේරීපත්වු නිළධාරී මණ්ඩලය
■    සභාපති - රෝහණ දිසානායක මහතා (ඬේවිඞ් පිරීස් මෝටර් සමාගම)
■    ජ්‍යෙෂ්ඨ උපසභාපති - නලින් වික්‍රමසිංහ මහතා (කොමර්ෂල් බැංකුව)
■    උපසභාපතිවරු - මහේෂ් ද අල්විස් (ෆෙයාර් ෆස්ට් ඉන්ෂුවරන්ස්) සහ තුෂාන් අමරසූරිය (සිංගර් ශ්‍රී ලංකා     සමාගම)
■    ප්‍රධාන ලේකම් - සිරෝෂ ගුණතිලක මහතා (ටේ‍රන්ඩෙක්ස් ලංකා)
■    උප ලේකම් - රොහාන් සෝමවංශ මහතා (ඩි.සැම්සන් කර්මාන්තායතනය)
■    භාණ්ඩාගාරික - අචින්ත හේවානායක මහතා (ඩි.එෆ්.සී.සී බැංකුව)
■    උප භාණ්ඩාගාරික - සංජය විජේසිංහ මහතා (ෆස්ට් චොයිස්)
■    කමිටු සාමාජිකයෝ - දුමින්ද පින්තු මහතා (මර්චන්ට් බැංකුව), පුන්‍යකාන්ත අබේගුණසේකර මහතා (ජෝන් කීල්ස් සමාගම), අජිත් සියඹලාපිටිය මහතා (මාස් යුනිචෙලා), සජිත් අතපත්තු මහතා (ඒසියා ඇසට් ෆිනෑන්ස්), හසිත දිසානායක (සී.ඩී.බී.)
■    තරඟ කමිටුවේ සභාපති - තරින්ද කළුපෙරුම මහතා (ස්ටැෆර්ඞ් මෝටර් සමාගම)

...


අදහස් (0)

වෙළඳසේවා ක්‍රිකට් සභාපති රෝහණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.