Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket world cup 2019 ඕස්ට්‍රේලියාව කඩුලු 7 කින් ඇෆ්ගනිස්තානය පරදවයි

ඕස්ට්‍රේලියාව කඩුලු 7 කින් ඇෆ්ගනිස්තානය පරදවයි

editorial - 2019 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දොළොස්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සිවුවැනි තරගය ලෙස බ්‍රිස්ටල්හිදී සෙනසුරාදා (01) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී ඕස්ට්‍රේලියානු පිල කඩුලු හතකින් ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ ලකුණු 208 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 34.5 කදී කඩුලු තුනක් පමණක් දැවී සම්පූර්ණ කළහ.

ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් පන්දු 114 කදී නොදැවී ලකුණු 89 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. වෝනර්ගේ ඉනිම හතරේ පහර අටකින් වර්ණවත් විය.

නායක ඒරන් ෆින්ච් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 49 කදී හතරේ පහර හයක් සහ හයේ පහර හතරක් සමගින් ලකුණු 66 ක් රැස්කළේය.

පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන් පිලේ පළමු කඩුලු පහ ලකුණු 77 කට බිඳ වැටීමෙන් පසුව නජිබුල්ලා ශද්‍රාන් (51) සහ ගුල්බදීන් නයිබ් (31) හයවැනි කඩුල්ලට ලකුණු 83 ක සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවනීය තත්ත්වයකට රැගෙන ආහ.

නජිබුල්ලා ශද්‍රාන් ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහිව අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 49 කදී හතරේ පහර හතක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 51 ක් රැස් කිරීම කැපී පෙනුණි.

රෂිඞ් ඛාන් පන්දු 11 කින් රැස්කළ ලකුණු 27 න් ඇෆ්ගනිස්තාන් පිල ලකුණු 200 සීමාව පැන ගත්තේය. රෂීඞ් ඛාන්ගේ ඉනිමට හතරේ පහර දෙකක් සහ හයේ පහර තුනක් ඇතුළත් විය.

ඕස්ට්‍රේලියානු පිලේ ප්‍රධානම දඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පා යැවූ ඕවර අටට ලකුණු 60 ක් රැස්කිරීමට ඇෆ්ගනිස්තාන් පිතිකරුවෝ සමත් වූහ.

පැට් කමින්ස් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 40 කට කඩුලු තුනක් දවාගත්තේය.    

ඇෆ්ගනිස්තාන් පිලේ නායක ගුල්බදීන් නයිබ් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණ්‍ය කළේය.
 
ලකුණු පුවරුව

ඇෆ්ගනිස්තාන් පිල

මොහොමඞ් ශෂාඞ් - ප. ස්ටාක්     0    (03)
හෂ්රතුල්ලා ශෂායි - ඇ. කේරි ප. කමින්ස්    0    (02)
රහමත් ෂා - ඇ. ස්මිත් ප. සම්පා     43    (60)
හෂ්මතුල්ලා ශහිදි - ස්ටම්ප් කේරි ප. සම්පා     18    (34)
මොහොමඞ් නබී - දුවද්දී දැවී ගියා     7    (22)
ගුල්බදීන් නයිබ් - ඇ. කේරි ප. ස්ටොයිනිස්     31    (33)
නජිබුල්ලා ශද්‍රාන් - ඇ. කේරි ප. ස්ටොයිනිස්    51    (49)
රෂීඞ් ඛාන් - ක. මූ. කළා ප. සම්පා    27    (11)
දව්ලට් ශද්‍රාන් - ඇ. කේරි ප. කමින්ස්    4    (06)
මුජීබ් උල් රහමන් - ප. කමින්ස්    13    (09)
හමීඞ් හසන් - නොදැවී     1    (02)
අතිරේක    12
එකතුව ඕවර 38.2 කදී සියලු දෙනා දැවී     207

කඩුලු වැටීම:
1-0(ශෂාඞ්), 2-5(ශෂායි), 3-56(ශහිදි), 4-75(ෂා), 5-77(නබී), 6-160(නයිබ්), 7-162(නජිබුල්ලා ශද්‍රාන්), 8-166(දව්ලට් ශද්‍රාන්), 9-205(රෂීඞ් ඛාන්), 10-207(රහමන්)

පන්දු යැවීම:
මිචෙල් ස්ටාක්: 7-1-31-1, පැට් කමින්ස්: 8.2-0-40-3, නේදන් කුල්ටර්නයිල්: 8-1-36-0, මාකස් ස්ටොයිනිස්: 7-1-37-2, ඇඩම් සම්පා: 8-0-60-3

ඕස්ට්‍රේලියානු පිල

ඒරන් ෆින්ච් - ඇ. රහමන් ප. නයිබ්    66    (49)
ඬේවිඞ් වෝනර් - නොදැවී     89    (114)
උස්මාන් කවාජා - ක. මූ. කළා ප. රෂීඞ් ඛාන්     15    (20)
ස්ටීවන් ස්මිත් - ඇ. ශෂායි ප. රහමන්    18    (27)
ග්ලේන් මැක්ස්වෙල් - නොදැවී     4    (01)
අතිරේක     17
එකතුව ඕවර 34.5 කදී කඩුලු 3 ක් දැවී     209

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
මාකස් ස්ටොයිනිස්, ඇලෙක්ස් කේරි, නේදන් කුල්ටර්නයිල්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ඇඩම් සම්පා

කඩුලු වැටීම:
1-96(ෆින්ච්), 2-156(කවාජා), 3-205(ස්මිත්)

පන්දු යැවීම:
මුජීබ් උල් රහමන්: 4.5-0-45-1, හමීඞ් හසන්: 6-2-15-0, දව්ලට් ශද්‍රාන්: 5-0-32-0, ගුල්බදීන් නයිබ්: 5-0-32-1, මොහොමඞ් නබී: 6-0-32-0, රෂීඞ් ඛාන්: 8-0-52-1

තරගයේ වීරයා: ඩේවිඞ් වෝනර් (ඕස්ට්‍රේලියාව)

- 048


අදහස් (0)

ඕස්ට්‍රේලියාව කඩුලු 7 කින් ඇෆ්ගනිස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.