Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෆිලිප්ස්ගේ ශතකය නවසීලන්තයට ජය ගෙනෙයි

ෆිලිප්ස්ගේ ශතකය නවසීලන්තයට ජය ගෙනෙයි

editorial - 2020 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ග්ලෙන් ෆිලිප්ස්ගේ (108) විශිෂ්ට පිතිහරඹය හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බේ ඕවල් හිදි පැවැති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 72 කින් ජය ගැනීමට නවසීලන්තය අද (29 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකිවිය.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 238 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ ග්ලෙන් ෆිලිප්ස් සිය අර්ධ ශතකය පන්දු 22 කදී ලබාගත් අතර ශතකය පන්දු 46 කදී සම්පූර්ණ කළේය. දැවීයනවිට පන්දු 51 කදී මුහුණදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 108 ක් ලබාගැනීමට ග්ලෙන් ෆිලිප්ස් සමත්විය.

ග්ලෙන් ෆිලිප්ස්ට අනගි සහයක් ලබාදුන් ඩෙවොන් කෝන්වේ පන්දු 37 කදී හයේ පහර සහ හතරේ පහර 4 බැගින් එල්ල කරමින් වේගවත් ලකුණු 65 ක් රැස්කරමින් නවසීලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට දායක වූහ.

එමෙන්ම ග්ලෙන් ෆිලිප්ස් සහ ඩෙවොන් කෝන්වේ එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 81 කදී ලකුණු 184 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ. එම ලකුණු ලකුණු 184 සම්බන්ධතාවය ඕනෑම කඩුල්ලක් සඳහා පැවැත්වූ ඉහළම සම්බන්ධතා අතර සිවුවැනි ස්ථානය ලබාගන්නා අතර තෙවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ඉහළම සම්බන්ධතාවය ලෙස වාර්තා පොත් අතරට එක්වූයේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 238 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 166 ක් පමණි.

නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකිරීමට අවස්ථාව උදානොවීය. ලකුණු 28 ක් ලබාගත් කරන් පොලාඞ් කොදෙව් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

කයිල් ජේමීසන් සහ මිචෙල් සැන්ටර් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

නවසීලන්තය- ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 238
(මාටින් ගප්ටිල් 34, ඩෙවොන් කෝන්වේ නොදැවී 65, ග්ලෙන් ෆිලිප්ස් 108)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 166
(ඇන්ඩි්‍ර ෆ්ලේචර් 20, ශිම්රටන් හෙට්මයර් 25, කයිල් මේයර්ස් 20, කරන් පොලාඞ් 28, කීමෝ පෝල් නොදැවී 26, කයිල් ජේමීසන් 15/2, මිචෙල් සැන්ටර් 41/2


අදහස් (0)

ෆිලිප්ස්ගේ ශතකය නවසීලන්තයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.