Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෆින්ච් ඕස්ට්‍රේලියාව දිනවයි

ෆින්ච් ඕස්ට්‍රේලියාව දිනවයි

editorial - 2021 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඒරන් ෆින්ච්ගේ (නොදැවී 79) පිතිහරඹයත්, පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් නවසීලන්තයට එරෙහිව වෙලිංටන්හිදී අද (5 වැනිදා) පැවැති සිව්වැනි විස්සයි20 තරගය ලකුණු 50 කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-2 ක් ලෙස සමකර ගැනීමටද ඕස්ට්‍රේලියාවට හැකිවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් රැස්කිරීමට සමත්විය. වේගවත් පිතිහරඹයක නිරතවූ නායක ඒරන් ෆින්ච් පන්දු 55 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 79 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කිරීමට සමත්විය. සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසුකර යෑමට නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

ඉෂ් සෝධි කඩුලු 3 ක් සහ ටේ‍රන්ට් බෝල්ට් කඩුලු 2 ක් දවාගත් අතර සිය ඕවර 4 ලකුණු 16 කට සීමාකරමින් කඩුල්ලක් දවාගැනීමට මිචෙල් සැන්ට්නර් සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට ඕවර 18.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 106 ක් පමණි. කයිල් ජැමීසන් පන්දු 18 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 30 ක් රැස්කරමින් නවසීලන්ත පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. ටිම් සේෆර්ට් ලකුණු 17 ක් සහ ඩෙවොන් කොන්වේ ලකුණු 17 ක් රැස්කළද සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණ.

කේන් රිචඩ්සන් කඩුලු 3 ක් ද ඇෂ්ටන් ආගර්, ග්ලෙන් මැක්ස්වෙල් සහ ඇඩම් සම්පා කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 156
(ඒරන් ෆින්ච් නොදැවී 79, ඉෂ් සෝධී 32/3, ට්‍රෙන්ට් බෝල්ට් 27/2)

නවසීලන්තය - ඕවර 18.5 කදී සියලුදෙනා දැවී 106
(කයිල් ජේමීසන් 30, කේන් රිචඩ්සන් 19/3, ඇෂ්ටන් ඒගර් 11/2, ග්ලෙන් මැක්ස්වෙල් 14/2, ඇඩම් සම්පා 24/2)

 

 

- 2079

 


අදහස් (0)

ෆින්ච් ඕස්ට්‍රේලියාව දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.