Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ළහිරු උදාර ලකුණු 1000 සම්පූර්ණ කරයි

ළහිරු උදාර ලකුණු 1000 සම්පූර්ණ කරයි

රොෂාන් ගුණරත්න - 2020 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 පසුකළ පළමු පිතිකරුවා බවට පත්වීමට එන්.සී.සී පිලේ ළහිරු උදාර සමත්විය. සුපිරි කණ්ඩායම් 8 අතර පැවැත්වෙන තරගාවලියේ එන්.සී.සී පිල සහභාගිවන අවසන් තරගය ලෙස කෝල්ට්ස් පිලට එරෙහිව අද (25 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු ඉනිමේදී ලකුණු 66 ක් ලබාගත් ළහිරු උදාර මෙම දස්කම කිරීමට සමත්විය.

කෝල්ට්ස් පිලට එරෙහිව අද (25 වැනිදා) තරගය ආරම්භ වීමට පෙර තරග 8 ක ඉනිම 13 කදී ළහිරු උදාර ලකුණු 973 ක් රැස්කර සිටියේය.

සියලුදෙනාගේම අවධානය දිනාගනිමින් පිත්තෙන් දස්කම් දක්වන 26 හැවිරිද මෙම දකුණත් පිතිකරුවා ඊයේ ලබාගත් අර්ධ ශතකයත් සමගින් මේ වනවිට තරග 8 ක ඉනිම 14 කදී ලකුණු 1039 ක් රැස්කර ඇත. ඊට ශතක 3 ක් සහ අර්ධ ශතක 6 ක් ඇතුළත් වන්නේය.

මෙවර තරගාවලියේදී වාර්තාවූ ද්විත්ව ශතක 4 න් එකකට හිමිකම් කියූ ළහිරු උදාර, පළමු වටයේ තරගයකදී රාගම පිලට එරෙහිව එන්.සී.සී ක්‍රීඩාංගණයේදී නොදැවී ලබාගත් ලකුණු 290 ඔහු ලබා ඉනිමකදී ලබාගත් ඉහළ ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේය.

 


අදහස් (0)

ළහිරු උදාර ලකුණු 1000 සම්පූර්ණ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.