Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හෝල්ඩර් තවත් දුර බලයි

හෝල්ඩර් තවත් දුර බලයි

editorial - 2020 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් එංගලන්ත මුල් ඉනිම ලකුණු 204 කට සීමා කළ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් තමන්ගේ ටෙස්ට් තරගය තවමත් අහවර වී නැතැයි කියයි. ඔහු නොකියා කියන්නේ තමන්ට මෙම තරයේදී ශතකයක් ලබාගැනීමේ අවශ්‍යතාව ඇති බවයි. එකම ටෙස්ට් තරගයකදී කඩුලු 5 ක් සහ ශතකයක් ලබාගත් තුන් ඉරියව් ක්‍රීඩකයෝ ඉතා දුර්ලභය.

ටෙස්ට් ඉනිමක් සඳහා ලකුණු 32.72 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටින හෝල්ඩර් ටෙස්ට් ද්විත්ව ශතකයක්ද සමගින්, ශතක ශතක 3 ක සහ අර්ධ ශතක 8 ක හිමිකරුවෙකි.

එංගලන්තයේ සදම්ප්ටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ ලකුණු 42 කට කඩුලු 6 ක් දවාගත් හෝල්ඩර් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් 6 වැනි අවස්ථාව එයයි.

දෙවැනි දින ක්‍රීඩාව නතර කරන විට කොදෙව් පිල කඩුල්ලක් දැවී ලකුණු 57 ක් ලබා සිටියේය.

“මම පන්දුවෙන් නම් හොඳ දෙයක් කළා. ඒත් පිත්තෙන් මට තවත් විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා...මගේ ටෙස්ට් තරගය තවමත් ඉවර නෑ” යයි ජේසන් හෝල්ඩර් තරගයෙන් පසුව පැවසීය.

කොදෙව් කණ්ඩායම වසර 32 කින් මෙපිට එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන නැත. එහෙත් විස්ඩන් කුසලානයේ වත්මන් හිමිකරුවන් වන්නේ පසුගිය වසරේ බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැති තරගාවලිය 2-1 ක් ලෙසින් ජයගැනීමට කොදෙව්වන් සමත් වූ බැවිනි. එම ජයට පදනම වූයේ තරගාවලියේ පළමු තරගයේදී ජේසන් හෝල්ඩර් ලබාගත් ද්විත්ව ශතකයකි.

දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේදී නායක ජේසන් හෝල්ඩර්ට අමතරව  දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ ශැනන් ගේබ්‍රියල් ලකුණු 62 කට කඩුලු 4 ක් දවාගත්තේ එංගලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා හෝල්ඩර්ට අනගි සහායක් දෙමිනි.

ලකුණු 87 කට කඩුලු 5 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව සිටි එංගලන්ත කණ්ඩායම එම තත්වයෙන් මුදවාගත් නායක බෙන් ස්ටෝක්ස්, හතරේ පහර 7 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් එංගලන්ත ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත්විය. ජොස් බට්ලර් (35) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්ටෝක්ස් සමත් විය.

ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩව්රිච් අතට උඩ පන්දුවක් දෙමින් ස්ටෝක්ස්ගේ දැවී ගිය අතර ඉන් අනතුරුව එංගලන්ත ඉනිමේ ඉතිරි කඩුලු 4 ලකුණු 50 ක් තුළ බිඳවැටිණ. ඉනිම නිමාවන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුවට පහරදුන් ඩොමිනික් බෙස් හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 31 රැස්කළේය.

ස්ටෝක්ස් දැවී ගිය ආකාරයෙන්ම කඩුලු රකින්නාට උඩ පන්දුවක් දෙමින් බට්ලර්ද දැවී ගිය අතර ඒ වන විට එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 157 කට කඩුලු 7 ක් ලෙස සටහන් විය. එංගලන්ත කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන් තිදෙනාටම හෝල්ඩර්ගේ සහ ගේබ්‍රියල්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට නොහැකි විය.

දෙවැනි දිනය සඳහා ඊයේ තරගය ආරම්භ වීමෙන් අනතුරුව ක්‍රියාත්මක කෙරුණ 6 වැනි ඕවරයේදී එංගලන්ත කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස ජෝ ඩෙන්ලිගේ (18) කඩුල්ල බිඳ දැමීමට ශැනන් ගේබ්‍රියල් සමත් විය. ඉන් නොනැවතුණ ගේබ්‍රියල්, ලකුණු 30 ක් ලබා සිටි ආරම්භක පිතිකරු රෝරි බර්න්ස්ද කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත්තේ එංගලන්ත කණ්ඩායමට හිසරදයක් වෙමිනි.

දිවා ආහාරයට පෙර ගේබ්‍රියල්ට අනගි සහායක් දුන් හෝල්ඩර් තවත් කඩුලු 2 ක් දවාගනිමින් එංගලන්ත කණ්ඩායම කබලෙන් ලිපට ඇද දැමුවේය. එහිදී හෝල්ඩර්ගේ පන්දු හමුවේ සැක් ක්‍රොව්ලි (10) කඩුල්ල මුවාකරමින්ද, ඔලී පෝප් (12) කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩොව්රිච් අතට පහසු උඩ පන්දුවක් දෙමින්ද පිටියෙන් ඉවත්ව ගියහ.
 
දිවා ආහාරය ලබාගැනීමට ඕවර 2 කට පෙර අල්සාරි ජෝෂප්ගේ පන්දුවක් හමුවේ ස්ටෝක්ස් ගැසූ පුල් පරහකින් ඉහළ ඇදී ගිය පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගැනීමට ෆයින් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි කේමර් රෝච් අසමත්වීම හේතුවෙන් ස්ටෝක්ස්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටිමේ අවස්ථාව හිමිවිය.

එම අවස්ථාවේදී එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 89 ක් කට කඩුලු 5 ක් ලෙස සටහන් වූ අතර ස්ටෝක්ස්ගේ උඩ පන්දුව රැකගැනීමට රෝච් සමත් වූයේ නම් එංගලන්ත කණ්ඩායම ලකුණු 89 කට කඩුලු 6 ක් ලෙස තවත් අසරණ තත්වයට පත්වීමට ඉඩ තිබිණ. උඩ පන්දුව ලබා දෙන විට ස්ටෝක්ස් ලබා සිටියේ ලකුණු 14 ක් පමණි.


එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 204  
(රෝරි බර්න්ස් 30, ජෝ ඩෙන්ලි 18, බෙන් ස්ටෝක්ස් 43, ඔලී පෝප් 12, ජොස් බට්ලර් 35, ඩොමිනික් බේස් නොදැවී 31, ජේසන් හෝල්ඩර් 42/6, ශැනන් ගේබ්‍රියල් 62/4)

බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම කඩුලු 1 ට 57 යි
(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් නොදැවී 20, ජෝන් කැම්බල් 28, ජේම්ස් ඇන්ඩසන් 17/1)

-036

 


අදහස් (0)

හෝල්ඩර් තවත් දුර බලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.