Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හිටපු ක්‍රිකට් නායක අෆ්රිඩිට කොරෝනා

හිටපු ක්‍රිකට් නායක අෆ්රිඩිට කොරෝනා

editorial - 2020 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේ හිටපු නායකයකු වන ෂහිඩ් අෆ්රිඩ්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ෂහිඩ් අෆ්රිඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වූ දකුණු ආසියානු රට බවට පත්ව ඇත්තේ පාකිස්තානයයි.

පාකිස්තානයෙන් පෙරේදා (14) පස්වරු 4 වනවිට වාර්තා වූ  කොරෝනා ආසාදිතයන්ගේ  සමස්ත ගණන 1,32,405ක් වූ අතර එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 2,551කි.

පාකිස්තානයෙන් සෙනසුරාදා දිනයේදී පමණක් නව ආසාදිතයන් 6,472 දෙනකු හඳුනාගත් බවත් එරට සෞඛ්‍ය බලධාරීහු සඳහන් කළහ.

 

ටයිම්ස් ඔෆ් ඉන්දියා/ද ඉකොනමික්ස් ටයිම්ස්
- 055


අදහස් (0)

හිටපු ක්‍රිකට් නායක අෆ්රිඩිට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.