Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හෂීම් අම්ලා ක්‍රීඩාවෙන් සමුගනී

හෂීම් අම්ලා ක්‍රීඩාවෙන් සමුගනී

editorial - 2019 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු හෂීම් අම්ලා ජාත්‍යන්තර තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ. මේ වන විට 36 වැනි වියේ පසුවන අම්ලා සිය සමුගැනීම ප්‍රකාශයට පත්කරන විට ටෙස්ට් තරග 124 කට සහභාගි වී සිටියේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතරින් දෙවැනි ස්ථානයේ පසුවන අම්ලා, එහිදී ශතක 28 ක් සමග ලකුණු 9.282 ක් රැස්කරගෙන ඇත්තේ ඉනිමකදී ලකුණු 46.64 ක වේගයක් රඳවා ගනිමිනි.

ටෙස්ට් තරගයකදී ත්‍රිත්ව ශතකයක් ලබාගත් එකම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා වන අම්ලා, 2012 වසරේදී එංගලන්තයට එරෙහිව ලකුණු 311 ක් රැස්කරමින් එම වාර්තාව පිහිටුවේය.

ඔහු 2014 වසරේ සිට 2016 වසර දක්වා දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර සුදු ජාතිකයකු නොවන පුද්ගලයෙක් විසින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නිත්‍ය නායකයා බවට පත්වූ පළමු අවස්ථාව ලෙස එය වාර්තා අතරට එක්විය.

එදින තරග 181 කට ක්‍රීඩා කර ඇති අම්ලා ශතක 27 ක් සමගින් එහිදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 8113 කි. එහි සාමාන්‍ය 49.46 ක අගයක් ගනී. විස්සයි20 ජාත්‍යන්තර තරග 44 කදී අර්ධ ශතක 8 ක් සමගින් ලකුණු 1277 ක් රැස්කිරීමටද අම්ලා සමත්වී ඇත.

සමස්තයක් ලෙස ගත් කළ ජාත්‍යන්තර තරග 349 කදී ශතක 55 ක් සහ අර්ධ ශතක 88 ක් සමගින් ලකුණු 18672 ක් රැස්කරගෙන සිටින අම්ලා ලෝක ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම් දෙකේදීම ප්‍රථම ස්ථාන හිමිකර ගෙන තිබේ.

මෙම මස මුලදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු ප්‍රවීණතම වේග පන්දු යවන්නා වූ ඬේල් ස්ට්නේද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය.

 
-036

 


අදහස් (0)

හෂීම් අම්ලා ක්‍රීඩාවෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.