Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සොනාල් දිනූෂ ශ්‍රී ලංකාව දිනවයි

සොනාල් දිනූෂ ශ්‍රී ලංකාව දිනවයි

editorial - 2019 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා, එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායම් අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන තුන් කොන් යොවුන් එක්දින ජාත්‍යන්තර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේදීම කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා  ක්‍රීඩකයෝ ඊයේ (10 වැනිදා) සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක් ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම ඕවර 40.1 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. සෙසු ක්‍රීඩකයන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් සොනාල් දිනූෂ, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ පන්දු 63 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 46 ක් රැස්කරමිනි.

අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසි අම්ෂි ද සිල්වා සමග එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 37 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සොනාල් දිනූෂ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. පන්දු 29 කදී වාර්තා වූ අම්ෂිගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 50 ක් වන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ 5 වැනි කඩුල්ලත් බිඳ වැටුණ අතර එහිදී ආරම්භක පිතිකරුවන් වූ නවෝද් පරණවිතාන ලකුණු 3 කටද, කමිල් මිෂාර ලකුණු 8 කටද, චමිඳු වික්‍රමසිංහ ලකුණු 5 කටද, රවිඳු රෂාන්ත ලකුණු නොලබාද පිටියෙන් ඉවත්ව ගියහ.

කෙසේ වුවත් අහන් වික්‍රමසිංහ (13) සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 28 ක්ද, සොනාල් දිනූෂ සමග එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 31 ක්ද එක්කළ නායක නිපුන් ධනංජය (31) ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය. පන්දු 57 කට මුහුණුදුන් ධනංජය හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසුවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායමට කවිඳු නදීෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කෙව්ලෝන් ඇන්ඩසන් පන්දු 70 කදී හතරේ පහරක් සමග ලකුණු 43 ක් රැස්කළේය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නදීෂාන් ලකුණු 20 කට කඩුලු 4 ක් බිඳහෙළමින් තරගයේ වීරයා බවට පත් විය. අම්ෂි ද සිල්වා ලකුණු 18 කඩුලු 3 ක් දවාගනිමින් කොදෙව් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා නදීෂාන්ට අනගි සහායක් දුන් අතර අෂේන් ඩැනියෙල් සහ සොනාල් දිනූෂද එක් කඩුල්ල බැගින් දවාගත්හ.

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 9 කට 137
(කික් මැකෙන්සි 15, කෙව්ලෝන් ඇන්ඩසන් 43, අෂ්මීඞ් නෙඞ් නොදැවී 21, ජේඞ්න් සීල්ස් 23, කවිඳු නදීෂාන් 20/4, අම්ෂි ද සිල්වා 18/3)

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 40.1 කදී කඩුලු 9 කට 138
(නිපුන් ධනංජය 31, සොනාල් දිනූෂ නොදැවී 46, රේමන් සිමන්ඞ්ස් 31/3, ජේඞ්න් සීල්ස් 23/2, නයීම් යංග් 37/2)

-036


අදහස් (0)

සොනාල් දිනූෂ ශ්‍රී ලංකාව දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.