Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සීක්කු - ළහිරු කොලෑන්ඩස් පිලේ ජය පහසු කරති

සීක්කු - ළහිරු කොලෑන්ඩස් පිලේ ජය පහසු කරති

editorial - 2019 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දයහයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ කොලෑන්ඩර්ස් කණ්ඩායම සහ නදර්න් වොරියර්ස් කණ්ඩායම අතර ඊයේ (16 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 66 ක පහසු ජයක් අත්කර ගැනීමට කොලෑන්ඩර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹාගිය නදර්න් වොරියර්ස් කණ්ඩායමට ඕවර 9 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 46 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ජෝජ් ගාටන් සහ ළහිරු කුමාර කඩුලු 3 බැගින් බිඳහෙළු අතර වොරියර්ස් ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් සීක්කුගේ ප්‍රසන්න සහ ක්‍රිස් ජෝඩාන් කඩුලු 2 බැගින් දවාගත්හ.

සෑම් බිලින්ස් (14) හැරුණු කොට වොරියර්ස් කණ්ඩායමේ කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව පසුකර යෑමට කොලෑන්ඩර්ස් පන්දු යවන්නෝ ඉඩක් ලබා නොදුන්හ. එහිදී සීක්කුගේ පිට පිට පන්දු 2 කදී කඩුලු 2 ක්ද, ළහිරු එකම ඕවරයකදී කඩුලු 3 ක්ද දවාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොලෑන්ඩර්ස් කණ්ඩායම ඕවර 10 තුළදී කඩුලු 4 ක් දැවී ලකුණු 112 ක් ලබාගත් අතර එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට ආරම්භක පිතිකරු ටොම් බැන්ටන් (නොදැවී 53) සමත් විය. පන්දු 28 කට මුහුණදුන් බැන්ටන් හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කන් සිය ඉනිම අලංකාර කළේය.

ජෝඩාන් ක්ලාක් පන්දු 8 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 15 ක්ද, ලුක් රොන්කි පන්දු 11 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 14 ක්ද, ක්‍රිස් ජෝඩාන් පන්දු 3 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 10 ක්ද රැස්කරමින් කොලෑන්ඩර්ස් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

කොලෑන්ඩර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 4 ක් දැවී 112
(ටොම් බැන්ටන් නොදැවී 53, ලුක් රොන්කි 14, ජෝඩාන් ක්ලාක් 15)

නදර්න් වොරියර්ස් පිල - ඕවර 10 කදී සියලු දෙනා දැවී 46
(සෑම් බිලින්ස් 14, ළහිරු කුමාර 10/3, ජෝජ් ගාටන් 10/3, ක්‍රිස් ජොඩාන් 2/2, සීක්කුගේ ප්‍රසන්න 07/2)

-036


අදහස් (0)

සීක්කු - ළහිරු කොලෑන්ඩස් පිලේ ජය පහසු කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.