Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී.පී.එල්. තරගාවලියේ සැලසුම් එලෙසින්ම

සී.පී.එල්. තරගාවලියේ සැලසුම් එලෙසින්ම

editorial - 2020 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කොරෝනා වෛරසය හේතුවෙන් කැරිබියානු ප්‍රිමියර් ලීග් (සී.පී.එල්) තරගාවලිය කල් දැමීමට හෝ අවලංගු කිරීමට තරග සංවිධායකයින් මේ වනතෙක් කිසිදු සැලසුමක් ගෙන නොමැති බව ආරංචි මාර්ග පවසයි.
 
වසර 2013 සිට කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් මේ දක්වා තරගාවලිය පැවැති අතර මෙම වසරේදී තරගාවලිය අගෝස්තු 19 සිට සැප්තැම්බර් 26 දක්වා පැවැත් වීමට නියමිත ඇත. බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් කණ්ඩායම පසුගිය වසරේ ශූරතාව දිනාගත් කණ්ඩායමයි.
 
”පසුගිය සති කිහිපය තුළ අපගේ වෛද්‍ය උපදේශකයින් සමඟ නිරන්තරයෙන් ඒ පිළිබඳව කථාබස් කරමින් සිටියා. ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයසතනය සමඟින්ද කතා කරමින් සිටිනවා.... මේ වන විට තරගාවලිය කල් දැමීම හෝ අවලංගු කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් පවත්වා නෑ” යයි කැරිබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
පෞද්ගලික හිමිකරුවන්ගෙන් සමන්විත කණ්ඩායම් අතර මේ වසරේ මුල්ම විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් 15 දක්වා කල් දමා ඇති අතර එංගලන්තය සමගින් ශ්‍රී ලංකාවේදී පැවැත් වීමට තිබූ ටෙස්ට් තරගමාලාවද මේ මාසයේ කල් දැමීමට සිදුවිය.
 
කොවිඩ්-19 හි ප්‍රතිඵලක් ලෙස මැයි 28 ට පෙර කිසිදු වෘත්තීය ක්‍රිකට් තරගාවලියක් එංගලන්තයේදී සංවිධානය නොකරන බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය සිකුරාදා නිවේදනය කළේය. දින හතරේ පළමු පෙළ තරගාවලියක් වන ප්‍රාන්ත ශූරතාවලිය අප්‍රේල් 12 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණි.
 
..

 


අදහස් (0)

සී.පී.එල්. තරගාවලියේ සැලසුම් එලෙසින්ම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.