Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී.පී.එල්. තරගාවලියෙන් අපේ අය හැළෙයි

සී.පී.එල්. තරගාවලියෙන් අපේ අය හැළෙයි

රොෂාන් ගුණරත්න - 2020 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පැවැත්වෙන කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ 6 වැනි තරගාවලිය සඳහා සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අහිමිවී තිබේ. මෙම තරගාවලියේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකික ක්‍රීඩකයන්ට එයට සහභාගි වූ අතර කුමාර් සංගක්කාර වසර තුනක්ම මෙම තරගාවලියට සහභාගි වූයේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නොමැතිව කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන්නේ පළමු වැනි වතාවටයි.

අවසන් වරට පැවැති 2019 තරග වාරයේදී ශාන්ත කිට්ස් ඇන්ඞ් නේවිස් පැටි්‍රඔට්ස් කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදානද, ශාන්ත ලුසියා සෝක්ස් වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල, ලසිත් මාලිංග සහ තිසර පෙරේරාද, ටි්‍රන්බෑගෝ නයිට් රයිඩර්ස් වෙනුවෙන් සීකුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයෝ එක්වුවද මෙවර ඔවුන්ගේ ස්ථාන අහිමිවී ගියහ. ඊට පෙර පැවැති තරගාවලි සඳහා ජීවන් මෙන්ඩිස්, ඩිල්ෂාන් මුණවීර, කුමාර් සංගක්කාර තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන යන ක්‍රීඩකයෝ සහභාගී වුහ.

හයවන කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් පැවැත්වේ. ජැමෙයිකා තලවාස්, ශාන්ත ලුසියා සෝක්ස්, ටි්‍රන්බෑගෝ නයිට් රයිඩර්ස්, ශාන්ත කිට්ස් ඇන්ඞ් නේවිස් පැටි්‍රඔට්ස්, බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් සහ ගයනා ඇමසන් වොරියර්ස් කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගී වෙති.

කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ පළමු වරට ඉන්දීය ක්‍රීඩකයකු එක්ව සිටී. ටි්‍රන්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩක 48 හැවිරිදි ප්‍රවින් තම්බේ මේ වන විට ඉන්දීය ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින බැවින් ඔහුට මෙම තරගාවලිය සඳහා එක්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය ලත් ලිපියක් අවශ්‍ය නොවේ.

 


අදහස් (0)

සී.පී.එල්. තරගාවලියෙන් අපේ අය හැළෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.