Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිම්බාබ්වේ පළමු දිනයේ ලකුණු 352 ක් රැස්කරයි

සිම්බාබ්වේ පළමු දිනයේ ලකුණු 352 ක් රැස්කරයි

editorial - 2020 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෂෝන් විලියම්ස් සහ සිකන්දර් රාසා පස්වැනි කඩුල්ලට ගොඩනැගූ අනගි සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා පිලට එරෙහිව හරාරේ නුවරදී අද (27) ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අත්හිටුවන විට සිම්බාබ්වේ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හයක් දැවී ලකුණු 352 ක් රැස්කරමින් ප්‍රබල තත්ත්වයක පසුවිය.

 රෙගීස්  චකබ්වා (නොදැවී 31) සහ ටිනොටෙන්දා මුටොම්බොඩසා (නොදැවී 10) දිනයේ ක්‍රීඩාව අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටියහ.

නායක ෂෝන් විලියම්ස් පන්දු 137 කින් ලකුණු 107 ක් රැස්කිරීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන සාධකයක් බවට පත්විය. විලියම්ස්ගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහර තුනක් ඇතුළත් විය. විලියම්ස් සිය දෙවැනි ටෙස්ට් ශතකය පන්දු 131 කින් සම්පූර්ණ කළේය.

විලියම්ස් හිස ඔසවමින් ධනංජය ද සිල්වාගේ පන්දුවකට හරහට පහර ගැසීමට ගොස් පන්දුව කෙළිම්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.  

ෂෝන් විලියම්ස් (107) සහ සිකන්දර් රාසා (72) පස්වැනි කඩුල්ලට පන්දු 211 කින් ලකුණු 159 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. විලියම්ස් සහ රාසා දෙපළ එක්දින තරගයකදී මෙන් වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කිරීම කැපී පෙනුණි.

විලියම්ස් සහ රාසා අතර සම්බන්ධතාවයේ ලකුණු 100 පන්දු 146 කින් ද, ලකුණු 150 පන්දු 207 කින් ද, ලකුණු පුවරුවට එකතු විය.

වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර ඔහුගේ ඕවර 30 ට ලකුණු 153 ක් රැස්කර තිබුණි.    

ශ්‍රී ලංකා පිල 81 වැනි ඕවරයේදී දෙවැනි නව පන්දුව ලබාගෙන වේග පන්දු යවන්නන් යොදාගත්ත ද කඩුලු දවාගැනීමට නොහැකි විය.

බ්‍රෙන්ඩන් ටේලර් ටෙස්ට් ඉනිමක් බව අමතක කරමින් වේගවත් ප්‍රහාරයක් දියත් කිරීමෙන් තරගය වෙනස් විය. ටේලර් පන්දු 62 කින් හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට සමත් විය.   

බ්‍රෙන්ඩන් ටේලර් සහ කෙවින් කසූසා තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 65 ක සම්බන්ධතාවයෙන් සිම්බාබ්වේ හිස එසවීය.

දිවා විවේකය වන විට සිම්බාබ්වේ කඩුලු දෙකක් දැවී ලකුණු 96 ක් පමණක් රැස්කර සිටියේය.

පළමු තරගයේදී සිම්බාබ්වේ පළමු ඉනිම ඉහළතම ලකුණු ලාභියා වූ ක්‍රෙග් අර්වින් (12) දෙවැනි කඩුල්ල ලෙස පිටියනේ ඉවත් කරමින් ශ්‍රී ලංකාව පළමු පැයේදී සාර්ථකත්වය ළගාකරගත්තේය.

ළහිරු කුමාර ක්‍රියාත්මක වෙමින් ප්‍රින්ස් මසාවුරේ ලකුණු 9 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කළේය.

මෙම තරගයේදී වේග පන්දු යවන කසුන් රාජිතගේ ස්ථානයට වේග පන්දු යවන්නකු වන විශ්ව ප්‍රනාන්දු කැඳවා තිබුණි. ටිනොටෙන්දා මුටොම්බොඩසා මෙහිදී සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබීය.

සිම්බාබ්වේ පිලේ නායක ෂෝන් විලියම්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

හෙට (28) තරගයේ දෙවැනි දිනයයි.  

 

- 048


අදහස් (0)

සිම්බාබ්වේ පළමු දිනයේ ලකුණු 352 ක් රැස්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.