Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සාර්ථකත්වයේ රහස හොඳ පුහුණුකරුවන් ලැබීමයි - අවිෂ්ක

සාර්ථකත්වයේ රහස හොඳ පුහුණුකරුවන් ලැබීමයි - අවිෂ්ක

editorial - 2020 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල කොදෙව් පිලට එරෙහිව තරග දෙකම ජය ලබා සාර්ථක වීමට ප්‍රධාන හේතුව හොඳ පුහුණුකරුවන් රැසකගේ සේවය ලැබීම බව යොවුන් පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පැවසීය.

සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කොදෙව් පිලට එරෙහිව ඊයේ (26 වැනිදා) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 161 ක ජයක් ලැබීමෙන් පසුව එම තරගයේ වීරයා වූ අවිෂ්ක වැඩි දුරටත් මෙසේ ද ‘පැවසීය.

“අපිට පුහුණුවීම්වලදී හරි දේ කරන්න පු`ඵවන් නම් තරගයේදීත් ඒ දේවල් කරන්න පුඵවන්. අපිට දැන් හොඳ පුහුණුකරුවන් කණ්ඩායමක් ඉන්නවා. අත්දැකීම් තියෙන ක්‍රීඩකයො ඉන්නවා. මම හිතන්නෙ ඒවා තමයි වැඳගත් වෙන්නේ”

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පසුගිය ජනවාරි මස සිට ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඇතුඵ නව විදේශ පුහුණුකරුවන් පස්දෙනකුගේ සේවය ලැබුණි.

එම තරගයේදී අවිෂ්ක ලකුණු 127 ක් රැස්කිරීමට සමත්වූ අතර එම ඉනිම පිළිබඳව අවිෂ්ක මෙසේ අදහස් දැක්වීය.

“ලකුණු නවයකට කඩුලු දෙකක් බිඳ වැටීම නිසා මට මගේ සාමාන්‍ය පිතිහරඹයට යන්න බැරි වුණා. මම කුසල් අයියත් සමඟ කථා කරලා සැළසුම් කළේ සෑම විටම ඕවරයකට ලකුණු තුන හතර ගහලා ඕවර 10 ක් 15 ක් කඩුල්ල ආරක්‍ෂාකර ගන්න”

 “නමුත් ඒ අවස්ථාවේදී අපේ ඩොට් බෝල්ස් ගණන වැඩි වුණා. කෙසේ වෙතත් පසු පෙළ පිතිකරුවන්ට වේගයෙන් ලකුණු රැස්කරන්න ඕවර සංඛ්‍යාවක් ඉතිරි වුණා”

“පුහුණුවීම්වලදී හරි දේ කරනවා නම් තරගයේදීත් ඒවා කරන්න පුඵවන්. මම සෑම විටම බලන්නේ තරගයෙන් තරගයට පිතිකරුවකු ලෙස කණ්ඩායමට උපරිමය ලබාදෙන්නයි”

“ලීග් තරගාවලිවලට සහභාගි වීමෙන් ලොකු අත්දැකීමක් ලබාගන්න පුඵවන්. මොකද ඒ තරගාවලිවලට ලෝකයේ ප්‍රබල ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා. බී.පී.එල්. තරගාවලිය මගේ ඉදිරි ක්‍රිකට්වලට හොඳ අත්දැකීමක් වුණා”

සූරියවැව ක්‍රීඩාංගණයේ හතරේ සීමාව තණතීරුවේ සිට යාර 90 ක් පමණ දුරවීම පිළිබඳව අවිෂ්ක මෙසේ පැවසීය.

 

“ලංකාවේ ක්‍රීඩාංගණවලින් සූරියවැව ක්‍රීඩාංගණය ගොඩක්ම විශාල ක්‍රීඩාංගණය. යාර 80 හෝ 85 හතරේ සීමාව තියෙන ක්‍රීඩාංගණවල විශාල පහරවලට යෑමට අපිට ලොකු හැකියාවක් නෑ. ඒ නිසා අපි බැලුවෙ අපිට එන ලකුණු හතර අරගෙන මැද ඕවර ටිකේ දුවලා ලකුණු රැස්කරන්නයි. අපිට අද එය සාර්ථකව කරන්න පුඵවන් වුණා”

“හයක් ගහන්න වගේ ලොකු දේවල් අපි බැලුවේ නෑ. ඒ ආකාරයට ක්‍රීඩා කළ නිසා තමයි ලකුණු 345 ක් රැස් කරන්න හැකි වුණේ”

“ඒ අවස්ථාවේදී කඩුලු දෙකක් වැටුණු නිසා මටයි කුසල් අයියටයි ඕන වුණේ ලකුණු ටිකක් රැස්කරන්න. පසු පෙළ පිතිකරුවන්ට ඕවර ටිකක් ඉතිරි කරලා කඩුලු අතේ තියාගත්තා නම් ඒ අවසන් ඕවරවලට ලකුණු රැස්කරන්න පුඵවන් බව අපි දැනගෙන හිටියා”

කුසල් මෙන්ඩිස් ලකුණු දෙකක් ලබා සිටියදී කරන් පොලාඞ් වෙතින් ගිලිහී ගිය උඩ පන්දුව පිළිබඳව කළ විමසුමේදී අවිෂ්ක මෙසේ පැවසීය.

“ඒ උඩපන්දුව ගිලිහී යෑම ඇත්තෙන්ම තීරණාත්මකයි. මොකද ඒ වෙලාවේ තව කඩුල්ලක් බිඳ වැටුණා නම් අපිට පීඩනය වැඩි වෙනවා” යැයි අවිෂ්ක වැඩි දුරටත් පැවසීය.

කරන් පොලාඞ් තරගය අවසන් වීමෙන් පසුව පැවසුවේ තමන් වෙතින් උඩ පන්දුව ගිලිහී යෑම නිසා කුසල්ගේ ශතකයට තමන්ටම ස්තූතිය පළ කරගන්නා බවයි.

ඡායාරූපය - ඉෂාන් සංජීව


අදහස් (0)

සාර්ථකත්වයේ රහස හොඳ පුහුණුකරුවන් ලැබීමයි - අවිෂ්ක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.