Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සාන්ත තෝමසුවෝ අවසන් තරගයට එති

සාන්ත තෝමසුවෝ අවසන් තරගයට එති

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අද (6 වැනිදා) සමත් විය. ඒ කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයකදී ලකුණු 57 ක ජයක් වාර්තා කරමිනි. 

ජයග්‍රහණයට සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය තර්ස්ටන් විදුහලට සාන්ත තෝමස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 47 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 193 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කළණ පෙරේරා ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගනිමින් තර්ස්ටන් විදුහලේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමීය. 

එහිදී ශලීන් ද මෙල් (52) සාන්ත තෝමස් විදුහල වෙනුවෙන්ද, අවිෂ්ක කෞෂල්‍ය (56) තර්ස්ටන් විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. 

සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී 8 ක් දැවී 250 
(ශලීන් ද මෙල් 52, යොහාන් පෙරේරා 37, රයන් ප්‍රනාන්දු 31, කිෂාන් මුණසිංහ 59, ඩෙලන් පීරිස් 32, සඳරු ඩයස් 38/2)
 

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 47 කදී සියලු දෙනා දැවී 193 
(අවිෂ්ක කෞෂල්‍ය 56, නිමේෂ් පෙරේරා 37, අයේෂ් හර්ෂණ 34, රනේෂ් සිල්වා 20, කළණ පෙරේරා 34/4, ඩෙලන් පීරිස් 37/2) 

-036 


අදහස් (0)

සාන්ත තෝමසුවෝ අවසන් තරගයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.