Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සා. තෝමස් පිලට ගාල්ලේදී පහර දෙති

සා. තෝමස් පිලට ගාල්ලේදී පහර දෙති

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (09) පැවැති වයස 19 න් පහළ පළමු කොටසේ එක්දින තරගාවලියේ අවසන් මහ තරගයේදී ගාල්ල රිච්මන්ඞ් විදුහල පරාජය කරමින් ශූරයන් බවට පත්වූ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිලට ජයග්‍රහණයෙන් පසුව පිරිසක් පහරදී තිබේ. 

ක්‍රීඩාංගණයට රැස්ව සිටි 500 කට ආසන්න පිරිසක් තරගය අවසන් වූ වහාම ක්‍රීඩාංගණයට පැන පහරදී තිබේ. එම පිරිසේ ඇතැමුන් අත පොලු වැනි දේ ද තිබූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. 

එහිදී සාන්ත තෝමස් විදුහල් පිලේ නායක සිතාර හපුහින්න, ඩියොන් ප්‍රනාන්දු සහ එම විදුහලේ තාවකාලික කණ්ඩායම් බාර ආචාර්ය යොහාන් මෙන්ඩිස් මහතා ප්‍රහාරයට ලක්වූහ. 

අනතුරුව ගාල්ල පොලිසියේ නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ කණ්ඩායම ක්‍රීඩාංගණයෙන් පිටතට පැමිණ ඇති අතර ඊයේ රාත්‍රී එම කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයට ද පොලිස් ආරක්‍ෂාව සපයා තිබුණි. 

මෙම සිද්ධිය පිළිබඳව ගාල්ල පොලිසිය එම අවස්ථාවේදී ප්‍රකාශ සටහන්කරගත් බව ද සාන්ත තෝමස් විදුහලේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 

 

 


අදහස් (0)

සා. තෝමස් පිලට ගාල්ලේදී පහර දෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.