Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්මිත් පාලනය අතට ගනී

ස්මිත් පාලනය අතට ගනී

editorial - 2019 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රෙග් ඔවර්ටන් විසින් මානස් ලැබුස්චේන්ජ් දවාගැනීම හේතුවෙන් ශතක සම්බන්ධතාව බිඳ වැටුණ නමුත් සිව්වැනි අළු බඳුන ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (4 වැනිදා) නිමා වන විටත් ස්ටීවන් ස්මිත් කඩුල්ලේ රැඳී සිටියේය. මැන්චෙස්ටර් නුවර ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය මැන්චෙස්ටර් නුවරට පමණක් නොව එංගලන්ත පිලටත් තරමක් අන්ධකාර වූයේය.

අයපත් ආලෝක තත්ත්වයෙන් පසුව තරගය ආරම්භ වූයේ ප්‍රමාද වී නමුත් ඬේවිඞ් වෝනර් ලකුණු ලබාගැනීමට පෙරම ස්ටුවර්ට් බ්‍රෝඞ් විසින් දවාගන්නා ලදි. මාකස් හැරිස් දැවී යාමත් සමගම ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කඩුලු 2 කට 28 ක් ලෙසින් දිස්විය. එංගලන්තයට සැනසීමට කාරණාවක් වූයේ එපමණකි.
 
පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක, ඕස්ට්‍රේලියානු  නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ඇයිද යන්න පහදා දුන් මානස් ලැබුස්චේන්ජ් (67) සහ ස්ටීවන් ස්මිත් (නොදැවී 60) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක් එක් කළේ තෙතබරිත මෙන්ම සීතල සුළඟ තිබූ දිනයකදීය. කිහිප අවස්ථාවකම කඩුල්ල මත තිබූ බේල ගසාගෙන යන තරමට සුළඟ රළු විය. දිනය පුරාම යැවිය හැකිවූයේ ඕවර 44 ක් පමණි.
 
ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ස්මිත් තුවාල ලැබීම හේතුවෙන් පිටියට පිවිසි මානස් ලැබුස්චේන්ජ්, එතැන් සිට පිට පිටම ලබාගත් සිව්වැනි අර්ධ ශතකය මෙයයි. තැන්පත් පිතිකරුවකු වන ලැබුස්චේන්ජ් දවාගැනීමට ක්‍රෙග් ඔවර්ටන් සමත් වීමත් සමගම ලකුණු පුවරුව කඩුලු 3 කට 170 ක් ලෙසින් වෙනස් වූ නමුත් ඒ සමගම වර්ෂාව පැමිණියෙන් තරගය නතර කෙරිණ.

ලෝඞ්ස්හිදී පැවැති තරගයේදී ජොෆ්රා ආචර්ගේ පන්දුවක් වැදීම හේතුවෙන් තුවාල ලබා පිටියෙන් ඉවත්ව ගිය ස්මිත් තුන්වැනි තරගයට ක්‍රීඩා නොකළේය. එහෙහත් ඊයේ ඔහු සුපුරුදු ස්මිත්ම විය.

මානස් ලැබුස්චේන්ජ් පා ආවරණයෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට කළ ඉල්ලීමක් එංගලන්ත පිල විසින් විතීවි ක්‍රමවේදයට යොමු කළ නමුත් මාරියස් එරැස්මස් විනිසුරුවරයාගේ තීරණය නිවැරදි විය. මෙම තරගය විනිශ්චය කරන අනෙක් විනිසුරුවරයා වන්නේ ශ්‍රී ලාංකික කුමාර් ධර්මසේන මහතාය.

සුළඟ කෙතරම් තදින් හැමුවේද යත් දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ වූයේ කඩුලු මත බේල නොතබමිනි. නරඹන්නන් අතරේ තිබූ කසළ මෙන්ම වෙනත් ද්‍රව්‍ය සුළඟින් පිටය මැදට ගසාගෙන ඒම නිසා කිහිප වරක්ම තරගය නතර කිරීමටත් සිදුවිය.
 
තරගය ආරම්භ වූයේ ස්ටුවර්ට් බ්‍රෝඞ් විසින් ඬේවිඞ් වෝනර් සහ මාකස් හැරිස් දවාගනු ලැබීමත් සමගම වූවත් ටික වේලාවක් යද්දී ස්ටීවන් ස්මත් හෙමි හෙමිහිට තරගයේ පාලනය අතට ගන්නා බවක් දිස්විය. ස්මිත්ට අභියෝග කළ ජොෆ්රා ආචර්ට පවා වැඩි සාර්ථකත්වයක් පෙන්වීමේ අවසරයක් නොවීය. ස්මිත් තමන්ගේ පාඩුවේ තමන්ට රිසි පිතිහරඹය කළේය.

පන්දුව නිදැල්ලේ යාමට හැරීමේදී වේග පන්දු යවන්නන් කුපිත කරවන ආකාරයේ ඉරියව් සියල්ලම අඩු නැතිව යොදා ගනිමින් ස්ටීවන් ස්මිත් කඩුල්ලේ රැඳී සිටියදී මානස් ලැබුස්චේන්ජ් හෙමින් සීරුවේ ලකුණු එකතු කරමින් සිය අර්ධ ශතකය සොයා ගියේය. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ඇති අපූර්ව නීතිය නිසා අතිරේක පිතිකරුවකු ලෙසින් කණ්ඩායමට එකතු නොවූවානම් ලැබුස්චේන්ජ්ට මෙවර අළුබඳුන තරගාවලියේ දොරටු විවර නොවන්නටත් තිබිණ.

සංඛ්‍යා සටහන්

■    තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ මානස් ලැබුස්චේන්ජ් සහ ස්ටීවන් ස්මිත් ටෙස්ට් තරගකදී එකවිට පන්දුවට පහර දෙන්නේ පළමු වතාවටය.

■    මෙය මානස් ලැබුස්චේන්ජ් පිට පිටම ලබාගත් සිව්වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

■    අළු බඳුන තරගවලදී පිට පිටම ඉනිම 8 කදී ලකුණු 50 ක් හෝ ඊට වඩා වැඩියෙන් ලබාගැනීමට ස්ටීවන් ස්මිත් සමත්ව තිබේ.

■    අළු බඳුන තරගාවලියේදී එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින ශ්‍රීමත් ඉයන් බොතම් (148), බොබ් විලිස් (128) දෙදෙනාට පසුව ස්ටුවර්ට් බ්‍රෝඞ් (110) තුන්වැනි ස්ථානය ගෙන තිබේ.

■    ස්ටුවර්ට් බ්‍රෝඞ් යන සුප්‍රකට තරග තීරකවරයකු මෙන්ම එංගලන්ත පිලේ හිටපු ආරම්භ පිතිකරු ක්‍රිස් බ්‍රෝඞ්ගේ පුතණුවන්ය.

■    මෙම තරගාවලියේදී ස්ටුවර්ට් බෝඞ් විසින් ඬේවිඞ් වෝනර් දවාගන්නා ලද අවස්ථා ගණන 5 කි.

■    මෙවර අළු බඳුන තරගාවලියේ ඉනිම 7 කට පසුව ඬේවිඞ් වෝනර්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 11.30 කි.

ඕස්ට්‍රේලියානු - කඩුලු 3 ක් දැවී 170 යි
(මාකස් හැරිස් 13, මානස් ලැබුස්චේන්ජ් 67, ස්ටීවන් ස්මිත් නොදැවී 60, ට්‍රැවිස් හෙඞ් නොදැවී 18, ස්ටුවර්ට් බ්‍රෝඞ් 35/2)

...


අදහස් (0)

ස්මිත් පාලනය අතට ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.