Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්ටේන්ට පළමු තරගය මඟහැරෙයි

ස්ටේන්ට පළමු තරගය මඟහැරෙයි

editorial - 2019 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් එංගලන්තයට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේදී අනිද්දා (30 වැනිදා) පැවැත්වෙන පළමු තරගයට දකුණු අප්‍රිකාවේ ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නා වන ඬේල් ස්ටෙන් සහභාගී නොවේ. උරහිසේ ආබාධය වරින්වර ඇතිවීම හේතුවෙන් මෙම තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිතව ඇත.

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ආබාධයට ලක්වූ ඬේල් ස්ටේන් අප්‍රේල් 21 වැනිදා සිට ක්‍රීඩා නොකළේය. උරහිසේ සහ පාදයේ ආබාධ හේතුවෙන් වසර 2 ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්නට නොලැඹුණු ස්ටේන් පසුගිය නොවැම්බර් මාසයේදී නැවත ක්‍රීඩාව ආරම්භ කළේය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී 36 වැනි වියට පා තබන ස්ටේන් පළමු තරගයට සුදානම් නැති බව දකුණු අප්‍රිකානු පුහුණුකරු ඔටිස් ගිබ්සන් කලින් පවසා තිබූ අතර අද එය ස්ථීර කළේය.

අබාධයන්ට ලක්ව සිටි ඞ්වේන් ප්‍රිටෝරියස්, ලුන්ගි න්ගිඞ් සහ කගීසෝ රබාඩා ශ්‍රී ලංකාවට එරෙහිව පසුගියදා පැවැති පුහුණු තරගයට ක්‍රීඩා කළහ. පළමු තරගයේදී ඬේල් ස්ටෙන් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් හෝ ඞ්වේන් ප්‍රිටෝරියස් යොදාගැනීමට බොහෝ දුරට ඉඩ ඇත.


අදහස් (0)

ස්ටේන්ට පළමු තරගය මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.