Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සර්ෆ්‍රාස් යළිත් නායකත්වයට

සර්ෆ්‍රාස් යළිත් නායකත්වයට

editorial - 2019 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව මේ මස අවසානයේදී පැවැත්වෙන එක්දින සහ විස්සයි20 තරගාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය හිටපු නායක සර්ෆ්‍රාස් අහ්මඞ් වෙතම පැවැරීමට තේරීම් කම්ටුව පියවර ගෙන ඇත. පසුගියදා අවසන්වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් හිටපු පුහුණුකරු මිකී ආතර් මහතාට සිය තනතුර අහිමිව ගියේය.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට දකුණු ආසියාවේ රටක් වන පාකිස්තානය අපොහොසත් වීම හේතුවෙන් පුහුණුකරු මිකී ආතර් මහතාගේ සේවය දීර්ඝ නොකිරීමට තීරණය කළ පාකිස්තානු ක්‍රිකට් ආයතනය පන්දු යැවීමේ පුහුණුකරු අසාර් මහ්මුද්, පිතිහරඹ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ අභ්‍යාසක ග්‍රාන්ට් ලූඩන් යන මහත්වරුන්ගේද සේවයද අවසන් කිරීමට තීරණය කළේය.

විවිධ හේතුන් මත සර්ෆ්‍රාස් අහ්මඞ්ට නායකත්වය අහිමිවේ යැයි උපකල්පනය කළද පාකිස්තාන ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පිලේ පාකිස්තානු සංචාරයේදී එක්දින සහ විස්සයි 20 කණ්ඩායම් මෙහෙයවීමේ වගකීම සර්ෆ්‍රාස් අහ්මඞ් වෙතම පවරන බවයි.

අනාගතයේදී නායකත්වයේ වගකීම භාරදීමේ අරමුණින් බාබර් අසාම් උපනායකයා ලෙස පත්කිරීමට තීරණය කළ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති එෂාන් මානී මහතා වැඩිදුරටත් පැවසීය.

34 හැවිරිදි සර්ෆ්‍රාස් අහ්මඞ් වසර 2 කට පෙර ශූරයන්ගේ කුසලාන පාකිස්තානය වෙත රැගෙන යාමට නායකත්වය දුන් අතර අවසන් එක්දින 47 න් පාකිස්තානයට ජයග්‍රහණය කිරීමට හැකිවූයේ තරග 24 ක් පමණි. තරඟ 20 ක් පරාජය වූ අතර තරඟ 3 ක් විසඳුමකින් තොරව අවසන් විය.

24 හැවිරිදි බාබර් අසාම් මේ වනවිට පාකිස්තාන වෙනුවෙන් එක්දින පිටියේ දස්කම් දක්වන හොඳම පිතිකරුවා බවට පත්වී ඇත.

එක්දින තරඟාවලිය මේ මස 27, 29 සහ ඔක්තෝබර් 3 වැනිදා කරච්චි නුවරදී පැවැත්වෙන අතර ඔක්තෝබර් 5, 7 සහ 9 වැනිදා ලාහෝර් නුවරදී විස්සයි 20 තරඟාවලිය පැවැත්වීමට නියමිතව ඇත.

...

 


අදහස් (0)

සර්ෆ්‍රාස් යළිත් නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.