Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සකීබ් බංග්ලාදේශයට ජය ගෙනෙයි

සකීබ් බංග්ලාදේශයට ජය ගෙනෙයි

editorial - 2021 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසරක තරග තහනමකින් පසුව සහභාගිවූ පළමු ජාත්‍යන්තර තරගයේදී ලකුණු 08 කට කඩුලු 4 ක් දවාගත් සකීබ් අල් හසන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ලකුණු 122 කට සීමා කිරීමට බංග්ලාදේශයට හැකිවිය. ඒ අනුව ඩකාහිදි අද (20 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 6 ක ජයක් හිමිකර ගත් බංග්ලාදේශය අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී ප්‍රසාද ලකුණු 10 ක් හිමිකර ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලට ආරාධනා කළ අතර ඕවර 32.2 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 122 ක් පමණි.

කයිල් මේයර් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 40 ක් රැස්කරමින් කොදෙව් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. රෝව්මන් පවෙල් පන්දු 31 කදී හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 28 ක් රැස්කළ අතර ඇන්ඩෘෘ මැකාර්ති (12) සහ ජේසන් මොහොමඩ් (17) ලකුණු 10 සීමාව පසුකළ සෙසු පිතිකරුවන් දෙදෙනා වූහ. අනෙක් පිතිකරුවන්ට ලකුණු අතරය පැමිණීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ සකීබ් අල් හසන් ඕවර 7.2 ක් යවමින් නිලකුණු ඕවර 2 ක් සමගින් ලකුණු 8 කට කඩුලු 4 ක් දවාගත්තේය. හසන් මහ්මුඩ් ලකුණු 28 කට කඩුලු 3 ක් සහ මුස්ටෆිසූර් රෙහ්මාන් ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 123 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය ඕවර 33.5 කදී කඩුලු 4 ක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකර ගියේය.

ටමීම් ඉක්බාල් පන්දු 69 කදි හතරේ පහර 7 ක් සමගින් ලකුණු 44 ක් රැස්කරමින් බංග්ලාදේශය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

අකීල් හුසේන් සිය ඕවර 10 ලකුණු 26 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත්තද පරාජයෙන් ගැලවීමට එය ප්‍රමාණවත් නොවීය.


බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 32.2 කදී සියලුදෙනා දැවී 122
(කයිල් මේයර්ස් 40, රෝව්මන් පවෙල් 28, සකීබ් අල් හසන් 08/4, හසන් මහ්මුඩ් 28/3, මුස්ටෆිසූර් රෙහ්මාන් 20/2)

බංග්ලාදේශය - ඕවර 33.5 කදී කඩුලු 4 ක් දැවී 125
(ටමීම් ඉක්බාල් 44, අකීල් හුසේන් 26/3)

- 2079


අදහස් (0)

සකීබ් බංග්ලාදේශයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.