Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සකිබ් - මුස්ටෆිසුර් දෙදෙනාට සහනයක් නෑ

සකිබ් - මුස්ටෆිසුර් දෙදෙනාට සහනයක් නෑ

editorial - 2021 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන්ට සහ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රහ්මන්ට ක්‍රීඩා කිරීමට නොහැකිවනු ඇති බව බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.

ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලිය අත්හිටුවීමෙන් පසුව බංග්ලාදේශයට පැමිණෙන ඔවුන් දෙදෙනාටම දින 14 ක කාලයක් නිරෝධායනය විමට සිදුවෙයි. එබැවින් ඔවුන්ට එක්දින තරගාවලිය සඳහා සූදානම් වීමට කාලයක් නොමැති වීම ඊට ප්‍රධාන හේතුවයි.
අයි.පී,එල්. තරගාවලිය දිගටම පැවැතියේ නම් ඒත් ඔවුන් දෙදෙනාටම එක්දින තරගාවලිය අහිමි වේ. බංග්ලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම පසෙක තබා අයි.පී.එල්. තරගාවලියේදී ක්‍රීඩා කිරීමට ඔවුන් දෙදෙනාම කලින් කැමැත්ත පළකර තිබිණ.

සකීබ්ගේ සහ මුස්ටෆිසූර්ගේ නිරෝධායන කාල සීමාව අඩු කරන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීම ප්‍රතික්‍ෂේපවී ඇත. රජය විසින් නියම කරනු ලබන විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයකදී ඔවුන් නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කළයුතු බව බංග්ලාදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, අවම සූදානමක් යටතේ වුව ද සකිබ් සහ මුස්ටෆිසුර් දෙදෙනා, බංග්ලාදේශ කණ්ඩායම සමග සම්බන්ධ වීම ඉතා වැදගත් බව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රසල් ඩොමින්ගෝ මහතා ප්‍රකාශකර ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා 23 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම්කර තිබේ. ඒ සඳහා සකීබ් අල් හසන් සහ මුස්ටෆිසූර් රහ්මන් දෙදෙනාම නම්කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබේ.

තරගාවලියේ තරග තුනම ඩකා අගනුවර මීර්පූර්හි ශ්‍රී බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර පැවැත්වෙන පුහුණු තරගය 21 වැනිදා ඩකා අගනුවර මීර්පූර්හි ජාතික ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


එක්දින තරගවලිය සඳහා වන බංග්ලාදේශ මූලික සංචිතය
ටමීම් ඉක්බාල්, නයිම් ෂේක්, ඉම්රුල් කයිස්, ලිටන් දාස්, සෞම්‍ය සර්කාර්, නජ්මුල් හුසේන්, සකීබ් අල් හසන්, මුෂ්ෆිකූර් රහිම්, මොහොමඩ් මිතුන්, මහ්මුදුල්ලා, අෆීෆ් හුසේන්, මොසැඩෙක් හුසේන්, මෙහෙදි හසන්, මෙහිඩි හසන්, තයිජුල් ඉස්ලාම්, නසුම් අහ්මඩ්, සයිෆුඩීන්, මුස්ටෆිසූර් රහ්මන්, රුබෙල් හුසේන්, ටස්කින් අහ්මඩ්, හසන් මහ්මුද්, ෂොරිෆුල් ඉස්ලාම්, ෂොහිඩුල් ඉස්ලාම්.

එක්දින තරගාවලියේ තරග කාල සටහන
■    පළමු තරගය - 23 වැනිදා
■    දෙවැනි තරගය 25 වැනිදා
■    තෙවැනි තරගය 28 වැනිදා

- 2079


අදහස් (0)

සකිබ් - මුස්ටෆිසුර් දෙදෙනාට සහනයක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.