Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෂෙහාන් මධුශංඛට තාවකාලික තහනමක්

ෂෙහාන් මධුශංඛට තාවකාලික තහනමක්

යොහාන් භාසුර - 2020 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මත්ද්‍රව්‍ය ළඟ තබාගත්තේ යැයි චෝදනාවට රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංඛට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (26) පියවර ගත්තේය. මෙම තහනමත් සමඟ ෂෙහාන්ට අන්තර්ජාතික තරගවලට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කිසිදු තරගයකට හෝ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වෙනත් කාර්යයකට සහභාගි විය නොහැක.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ෂෙහාන්ට තාවකාලික තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඊයේ (26 වැනිදා) පස්වරුවේ තීරණය කළ බවයි.

“ෂෙහාන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා නිගමනයකට එළඹෙන තෙක් ඔහුට තාවකාලික තහනමක් පැනවුවා. පරීක්‍ෂණයේ ප්‍රතිඵලය අනුව ඔහු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගතහැකියි. එම තහනමත් සමඟ ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමත් අත්හිටුවනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව විශේෂ පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිතය.  

ෂෙහාන් 2018 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර නොමැති අතර ඔහු පසුගිය මාර්තු මස 6 වැනිදා බදුරලිය ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් එන්.සී.සී. පිලට එරෙහිව අවසන් පළමු පෙළ තරගයට ක්‍රීඩා කර තිබේ.

ෂෙහාන් මධුශංඛ සහ තවත් පුද්ගලයකු පන්නල පොලිසිය විසින් පසුගිය සෙනසුරාදා (23 වැනිදා) මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. එහිදී ෂෙහාන් මධුශංඛ ජූනි මස 2 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදි.

දකුණතින් වේග පන්දු යවන 25 හැවිරිදි ෂෙහාන් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරගයකට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග දෙකකට ක්‍රීඩා කර තිබේ.   

 


අදහස් (1)

ෂෙහාන් මධුශංඛට තාවකාලික තහනමක්
  • lalithm Friday, 29 May 2020 12:50 PM

    අපේ ටීම් එකේ තව ඒ අය ඇති. ඒකනේ ඔය විදිහට පරදින්නේ... ජීවිත කාලයටම තරග තහනම් කරන්න ඕනේ මේ වගේ අයට..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.