Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රීමත් බොතම් එංගලන්ත පාර්ලිමේන්තුවට

ශ්‍රීමත් බොතම් එංගලන්ත පාර්ලිමේන්තුවට

editorial - 2020 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දශක එක හමාරක කාලයක් පුරා (1977 සිට 1992 දක්වා) එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 102 කට ක්‍රීඩා කළ ශ්‍රීමත් ඉයන් බොතම් එංගලන්ත පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලයේ සාමාජිකයකු ලෙසින් නම්කර තිබේ. එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ ශ්‍රීමත් ඉයන් බොතම් ප්‍රමුඛ පෙළේ ‘බ්‍රෙක්සිට්’ ආධාරකරුවෙකි.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා බ්‍රිතාන්‍යය ගන්නා උත්සාහයේදී (බ්‍රෙක්සිට්) ශ්‍රීමත් බොතම් ඒ වෙනුවෙන් විශේෂ වැඩ කොටසක්ද කළේය.

සමාජ සත්කාර කටයුතු සහ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ සේවය අගයමින් 2007 දී ඔහු නයිට් පදවිය ද හිමිකරගත්තේය. මේ වන විට 64 හැවිරිදි ශ්‍රීමත් බොතම් එංගලන්ත ටෙස්ට් පිලේ හිටපු නායකයෙක්ද වෙයි. එංගලන්ත රජය විසින් සාමි මණ්ඩලයට නම්කරන ලද 36 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමට බොතම් ඇතුළත් වෙයි.

වසර 2011 දී එංගලන්තයේ හිටපු කාන්තා ක්‍රිකට් නායිකාව වන රේෂල් හෙයිහෝ-ෆ්ලින්ට්ගෙන් පසුව මෙම සම්මානයට පාත්‍ර වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රීමත් බොතම්ය. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ටෙස්ට් විනිසුරුවරයකුද වූ ඩේවිඩ් ෂෙපර්ඩ්, එංගලන්ත පිලේ හිටපු නායක කොලින් කවුඞ්රි සහ ලියරි කොන්සටන්ටයින් එංගලන්ත පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලයට නම්කරන ලද හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති.  

1981 දී එංගලන්ත පිලේ නායකත්වයට පත්වූවද බොතම් නායකයකු වශයෙන් එතරම් සාර්ථක නොවීය. එහෙත් නායකත්වය ආපසු බාර දුන් බොතම් සාමාන්‍ය ක්‍රීඩකයකු ලෙසින් තරග කරමින් අළු බඳුනතරගාවලියේ සුවිශේෂී දස්කම් දක්වමින්  ක්‍රිකට් ලෝකයම දෙවනත් කළේය. 1992 දී ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු ලියුකේමියාව පිළිබඳ පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීම ඇතුළු ක්‍රිකට් තරඟ පිළිබඳ විවරණ ලබා දීම ඇතුළු පුණ්‍ය කටයුතු සඳහා සම්බන්ධ විය.

- 213


අදහස් (1)

ශ්‍රීමත් බොතම් එංගලන්ත පාර්ලිමේන්තුවට
  • rohan perera Sunday, 02 August 2020 04:50 AM

    පාර්ලිමේන්තුව නෙමෙයි, හරියට කරුණු සෙවිය යුතුයි..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.