Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට ලකුණු 23 ක ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 23 ක ජයක්

editorial - 2019 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

....................................................................................................................................................................

 

බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම පරදවා ලකුණු 23 ක ජයක් අත්කර ගැනීම ශ්‍රී ලංකාව සමත් වෙයි. තරගයේ වීරයා අවිෂ්ක ප්‍රනාන්දු.

....................................................................................................................................................................

ඕවර 50 කදී - 315/9

(ශෙල්ඩන් කොට්‍රෙල් 07, ශැනන් ගේබ්‍රියල් 03, ඇන්ජලෝ මැතිව්ස් 2-0-06-1)

           

මැතිව්ස්ගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 49 කදී - 312/9

(ශෙල්ඩන් කොට්‍රෙල් 07, ශැනන් ගේබ්‍රියල් 01, ඇන්ජලො 10-0-55-3)

           

49 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඔෂේන් තෝමස් සූදානම්.

මාලිංගගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඔෂේන් තෝමස් එක් ලකුණකට දැවී යයි.

11 වැනි පිතිකරුවා ලෙස ශැනන් ගේබ්‍රියල් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 48 කදී - 311/8

(ශෙල්ඩන් කොට්‍රෙල් 06, ඔෂේන් තෝමස් 01, ඇන්ජලෝ මැතිව්ස් 1-0-03-1)

           

48 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා නිකලස් පූරන් සූදානම්.

මැතිව්ස්ගේ පළමු ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් නිකලස් පූරන් ලකුණු 118 කට දැවී යයි. (හයේ පහර 4 යි, හතරේ පහර 11 යි)

10 වැනි පිතිකරුවා ලෙස ඔෂේන් තෝමස් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 47 කදී - 308/7

(නිකලස් පූරන් 118, ශෙල්ඩන් කොට්‍රෙල් 04, ඉසුරු උදාන 10-0-67-0)

           

උදානගේ 10 වැනි ඕවරයේ දෙවැනි පන්දුවට නිකලස් පූරන්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 46 කදී - 299/7

(නිකලස් පූරන් 113, ශෙල්ඩන් කොට්‍රෙල් 01, ලසිත් මාලිංග 9-0-54-2)

           

මාලිංගගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවට නිකලස් පූරන්ගෙන් ලෝන්ග් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

ලකුණු 108 ක් ලබා සිටියදී නිකලස් පූරන් ලාබාදුන් උඩ පන්දුවක් ලෝන්ග් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි තිසර පෙරේරා අතින් ගිළිහෙයි.

....................................................................................................................................................................

ඕවර 45 කදී - 292/7

(නිකලස් පූරන් 108, ශෙල්ඩන් කොට්‍රෙල් 00, ඉසුරු උදාන 9-0-58-0)

           

ලකුණු 51 ක් ලබා සිටි ෆැබියන් ඇලන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට කසුන් රාජිත සහ ඉසුරු උදාන සමත් වෙති. (හයේ පහර 1 යි, හතරේ පහර 7 යි)

නමවැනි පිතිකරුවා ලෙස ශෙල්ඩන් කොට්‍රෙල් පිටියට පිවිසෙයි.

පන්දු 92 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමගින් නිකලස් පූරන් සිට මංගල ශතකය ලබාගනී.

උදානගේ නමවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට නිකලස් පූරන්ගෙන් ඩීප් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හයේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 44 කදී - 282/6

(නිකලස් පූරන් 99, ෆැබියන් ඇලන් 51, කසුන් රාජිත 10-0-76-1)

           

රාජිතගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ෆැබියන් ඇලන්ගෙන් පන්දු යවන්නාගේ හිසට ඉහළින් හයේ පහරක්.

පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ෆැබියන් ඇලන් සිය මංගල අර්ධ ශතකය ලබාගනී. 

....................................................................................................................................................................

ඕවර 43 කදී - 271/6

(නිකලස් පූරන් 97, ෆැබියන් ඇලන් 43, ඉසුරු උදාන 8-0-48-0)

           

43 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා නිකලස් පූරන් සූදානම්.

උදානගේ අටවැනි ඕවරයේ දෙවැනි පන්දුවට බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ෆැබියන් ඇලන්ගෙන් සිවුවැනි පන්දුවට ෆයින් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 42 කදී - 262/6

(නිකලස් පූරන් 96, ෆැබියන් ඇලන් 35, කසුන් රාජිත 9-0-65-1)

           

42 වැනි ඕවරය යැවීම සඳහා කසුන් රාජිත කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා නිකලස් පූරන් සූදානම්.

රාජිතගේ නමවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ෆැබියන් ඇලන්ගෙන් මිඩ් විකට් කළාපය හරාහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 41 කදී - 255/6

(නිකලස් පූරන් 94, ෆැබියන් ඇලන් 30, ධනංජය ද සිල්වා 10-0-49-0)

           

41 වැනි ඕවරය යැවීම සඳහා ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා නිකලස් පූරන් සූදානම්.

ධනංජයගේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවට ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ක කළ නිකලස් පූරන්ගෙන් පස්වැනි පන්දුවට තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 40 කදී - 244/6

(නිකලස් පූරන් 83, ෆැබියන් ඇලන් 30, ලසිත් මාලිංග 8-0-47-2)

           

මාලිංගගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවට ෆැබියන් ඇලන්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 39 කදී - 234/6

(නිකලස් පූරන් 81, ෆැබියන් ඇලන් 22, ඉසුරු උදාන 7-0-39-0)

           

උදානගේ හත්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ෆැබියන් ඇලන්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 38 කදී - 225/6

(නිකලස් පූරන් 80, ෆැබියන් ඇලන් 14, ලසිත් මාලිංග 7-0-37-2)

           

මාලිංගගේ හත්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ෆැබියන් ඇලන්ගෙන් පස්වැනි පන්දුවට මිඩ් ඕන් කළාපය හරහා තවත් හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 37 කදී - 213/6

(නිකලස් පූරන් 80, ෆැබියන් ඇලන් 04, ඉසුරු උදාන 6-0-30-0)

           

උදානගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුවට නිකලස් පූරන්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

 

ඕවර 36 කදී - 207/6

 

(නිකලස් පූරන් 75, ෆැබියන් ඇලන් 03, ලසිත් මාලිංග 6-0-26-2)

           

36 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා නිකලස් පූරන් සූදානම්.

මාලිංගගේ හයවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 35 කදී - 200/6

(නිකලස් පූරන් 71, ෆැබියන් ඇලන් 00, ඉසුරු උදාන 5-0-24-0)

           

35 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කාර්ලෝස් බ්‍රැත්වේට් සූදානම්.

ලකුණු 8 ක් ලබා සිටියදී කාර්ලෝස් බ්‍රැත්වේට් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ඉසුරු උදාන සමත් වෙයි. (හතරේ පහර 1 යි)

අටවැනි පිතිකරුවා ලෙස ෆැබියන් ඇලන් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 34 කදී - 194/5

(නිකලස් පූරන් 66, කාර්ලෝස් බ්‍රැත්වේට් 07, කසුන් රාජිත 8-0-58-1)

           

රාජිතගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවට මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ නිකලස් පූරන්ගෙන් සිවුවැනි පන්දුවට ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 33 කදී - 179/5

(නිකලස් පූරන් 53, කාර්ලෝස් බ්‍රැත්වේට් 06, කසුන් රාජිත 1-0-07-0)

           

32 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක දිමුත් කරුණාරත්න පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා නිකලස් පූරන් සූදානම්.

දිමුත්ගේ පළමු ඕවරයේ පළමු පන්දුවට නිකලස් පූරන්ගෙන් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නිකලස් පූරන් සිය තෙවැනි අර්ධ ශතකය ලබාගනී.

....................................................................................................................................................................

ඕවර 32 කදී - 172/5

(නිකලස් පූරන් 46, කාර්ලෝස් බ්‍රැත්වේට් 06, කසුන් රාජිත 7-0-43-1)

           

රාජිතගේ හත්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 31 කදී - 168/5

(නිකලස් පූරන් 45, කාර්ලෝස් බ්‍රැත්වේට් 05, ජෙෆ්රි වැන්ඩසේ 7-0-50-1)

           

වැන්ඩසේගේ හත්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට නිකලස් පූරන්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 30 කදී - 159/5

(නිකලස් පූරන් 38, කාර්ලෝස් බ්‍රැත්වේට් 05, කසුන් රාජිත 6-0-41-1)

           

30 වැනි ඕවරය යැවීම සඳහා කසුන් රාජිත කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කාර්ලෝස් බ්‍රැත්වේට් සූදානම්.

රාජිතගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුවට කාර්ලෝස් බ්‍රැත්වේට්ගෙන් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක්.

....................................................................................................................................................................

ඕවර 29 කදී - 152/5

(නිකලස් පූරන් 37, කාර්ලෝස් බ්‍රැත්වේට් 01, ජෙෆ්රි වැන්ඩසේ 6-0-41-1)

           

වැන්ඩසේගේ හයවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ජීවන් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් ජේසන් හෝල්ඩර් ලකුණු 26 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

හත්වැනි පිතිකරුවා ලෙස කාර්ලෝස් බ්‍රැත්වේට් පිටියට පිවිසෙයි.

එම ඕවරයේ පස්වැනි පන්දුවට නිකලස් පූරන්ගෙන් ප්‍රධාන විනිසුරුගේ හිසට ඉහළින් හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 28 කදී - 143/4

(නිකලස් පූරන් 30, ජේසන් හෝල්ඩර් 26, ධනංජය ද සිල්වා 9-0-38-0)

           

ධනංජයගේ නමවැනි ඕවරයේ තෙවැනි පන්දුවට නිකලස් පූරන්ගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 27 කදී - 137/4

(නිකලස් පූරන් 25, ජේසන් හෝල්ඩර් 25, ජෙෆ්රි වැන්ඩසේ 5-0-32-0)

           

වැන්ඩසේගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට නිකලස් පූරන්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 26 කදී - 132/4

(නිකලස් පූරන් 21, ජේසන් හෝල්ඩර් 24, ධනංජය ද සිල්වා 8-0-32-0)

           

ධනංජයගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවට නිකලස් පූරන්ගෙන් ලෝන්ග් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 25 කදී - 126/4

(නිකලස් පූරන් 16, ජේසන් හෝල්ඩර් 23, ජෙෆ්රි වැන්ඩසේ 4-0-27-0)

           

වැන්ඩසේගේ සිවුවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 24 කදී - 119/4

(නිකලස් පූරන් 13, ජේසන් හෝල්ඩර් 19, ධනංජය ද සිල්වා 7-0-26-0)

           

ධනංජයගේ හත්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 23 කදී - 116/4

(නිකලස් පූරන් 10, ජේසන් හෝල්ඩර් 19, ජෙෆ්රි වැන්ඩසේ 3-0-20-0)

           

වැන්ඩසේගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ජේසන් හෝල්ඩර්ගෙන් ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 22 කදී - 111/4

(නිකලස් පූරන් 09, ජේසන් හෝල්ඩර් 15, ධනංජය ද සිල්වා 6-0-23-0)

           

22 වැනි ඕවරය යැවීම සඳහා ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේසන් හෝල්ඩර් සූදානම්.

ධනංජයගේ හයවැනි ඕවරයේ පළමු පන්දුවට ජේසන් හෝල්ඩර්ගෙන් මිඩ් විකට්  කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 21 කදී - 105/4

(නිකලස් පූරන් 08, ජේසන් හෝල්ඩර් 10, ජෙෆ්රි වැන්ඩසේ 2-0-15-0)

           

වැන්ඩසේගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ජේසන් හෝල්ඩර්ගෙන් ඩීප් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 20 කදී - 94/4

(නිකලස් පූරන් 07, ජේසන් හෝල්ඩර් 05, කසුන් රාජිත 5-0-35-1)

            

රාජිතගේ පස්වැනි ඕවරයේ පස්වැනි පන්දුවට ජේසන් හෝල්ඩර්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 19 කදී - 88/4

(නිකලස් පූරන් 06, ජේසන් හෝල්ඩර් 01, ජෙෆ්රි වැන්ඩසේ 1-0-04-0)

           

19 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා නිකලස් පූරන් සූදානම්.

වැන්ඩසේගේ පළමු ඕවරය ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 18 කදී - 84/4

(නිකලස් පූරන් 04, ජේසන් හෝල්ඩර් 00, කසුන් රාජිත 4-0-29-1)

            

රාජිතගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

ලකුණු 29 ක් ලබා සිටි ශිම්රන් හෙට්මියර් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ධනංජය ද සිල්වා සමත් වෙයි. (හතරේ පහර 2 යි)

හයවැනි පිතිකරු ලෙස ජේසන් හෝල්ඩර් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 17 කදී -82/3 

(ශිම්රන් හෙට්මියර් 28, නිකලස් පූරන් 03, ඉසුරු උදාන 4-0-18-0)

           

උදානගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 16 කදී - 78/3

(ශිම්රන් හෙට්මියර් 26, නිකලස් පූරන් 01, කසුන් රාජිත 3-0-27-1)

             

රාජිතගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට ක්‍රිස් ගේල්ගෙන් ලෝන්ග් ඕන් කළපයට ඉහළින් හයේ පහරක්.

එම ඕවරයේ දෙවැනි පන්දුවේදී ෂෝට් තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි ජෙෆ්රි වැන්ඩසේ අතට උඩ පන්දුවක් දෙමින් ක්‍රිස් ගේල් ලකුණු 35 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 1 යි)

පස්වැනි පිතිකරුවා ලෙස නිකලස් පූරන් පිටියට පිවිසෙයි.

සිවුවැනි පන්දුවේදී ශිම්රන් හිට්මියර්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 15 කදී - 65/2

(ක්‍රිස් ගේල් 29, ශිම්රන් හෙට්මියර් 21, ඉසුරු උදාන 3-0-14-0)

           

උදානගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 14 කදී - 62/2

(ක්‍රිස් ගේල් 27, ශිම්රන් හෙට්මියර් 20, කසුන් රාජිත 2-0-14-0)

           

රාජිතගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ක්‍රිස් ගේල්ගෙන් මිඩ් විකට් කළපයට ඉහළින් හයේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 13 කදී - 54/2

(ක්‍රිස් ගේල් 20, ශිම්රන් හෙට්මියර් 19, ඉසුරු උදාන 2-0-11-0)

           

උදානගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 12 කදී - 50/2

(ක්‍රිස් ගේල් 19, ශිම්රන් හෙට්මියර් 17, කසුන් රාජිත 1-0-6-0)

           

12 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ක්‍රිස් ගේල් සූදානම්.

රාජිතගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට ක්‍රිස් ගේල්ගෙන් මිඩ් ඕෆ් කළපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 11 කදී - 44/2

(ක්‍රිස් ගේල් 14, ශිම්රන් හෙට්මියර් 16, ඉසුරු උදාන 1-0-7-0)

           

11 වැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ක්‍රිස් ගේල් සූදානම්.

උදානගේ පළමු ඕවරයේ අවසන් පන්දුවට ශිම්රන් හිට්මියර්ගෙන් පොයින්ට් කළපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 10 කදී - 37/2

(ක්‍රිස් ගේල් 13, ශිම්රන් හෙට්මියර් 10, ධනංජය ද සිල්වා 5-0-17-0)

           

ධනංජයගේ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 9 කදී - 33/2

(ක්‍රිස් ගේල් 12, ශිම්රන් හෙට්මියර් 07, ලසිත් මාලිංග 5-0-19-2)

           

මාලිංගගේ පස්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 8 කදී - 32/2

(ක්‍රිස් ගේල් 12, ශිම්රන් හෙට්මියර් 06, ධනංජය ද සිල්වා 4-0-13-0)

           

ධනංජයගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 7 කදී - 30/2

(ක්‍රිස් ගේල් 11, ශිම්රන් හෙට්මියර් 05, ලසිත් මාලිංග 4-0-18-2)

           

මාලිංගගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

එම ඕවරයේ පළමු පන්දුවේදී ක්‍රිස් ගේල් (ලකුණු 100ක් ලබා සිටියදී) ලබාදුන් උඩ පන්දුවක් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්න අතින් ගිළිහෙයි.

සිවුවැනි පන්දුවේදී ශිම්රන් හිට්මියර් (ලකුණු 3 ක් ලබා සිටියදී) ලබාදුන් උඩ පන්දුවක් පළමු ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතින් ගිළිහෙයි.

....................................................................................................................................................................

ඕවර 6 කදී - 25/2

(ක්‍රිස් ගේල් 10, ශිම්රන් හෙට්මියර් 01, ධනංජය ද සිල්වා 3-0-11-0)

           

ධනංජයගේ තෙවැනි ඕවරයටද ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 5 කදී - 22/2

(ක්‍රිස් ගේල් 08, ශිම්රන් හෙට්මියර් 00, ලසිත් මාලිංග 3-0-13-2)

           

මාලිංගගේ තෙවැනි ඕවරයේ අවසන් පන්දුව කඩුල්ලේ වැදීමෙන් ශායි හෝප් ලකුණු 5 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

සිවුවැනි පිතිකරු ලෙස ශිම්රන් හිටිමියර් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 4 කදී - 20/1

(ක්‍රිස් ගේල් 07, ශායි හෝප් 05, ධනංජය ද සිල්වා 2-0-08-0)

           

ධනංජයගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 3 කදී - 17/1

(ක්‍රිස් ගේල් 05, ශායි හෝප් 04, ලසිත් මාලිංග 2-0-11-1)

           

මාලිංගගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් සුනිල් ඇම්බ්‍රිස් ලකුණු 5 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

තෙවැනි පිතිකරු ලෙස ශායි හෝප් පිටියට පිවිසෙයි.

එම ඕවරයේ සිවුවැනි පන්දුවට ශායි හෝප්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 2 කදී - 11/0

(ක්‍රිස් ගේල් 05, සුනිල් ඇම්බ්‍රිස් 05, ධනංජය ද සිල්වා 1-0-05-0)

           

දෙවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ක්‍රිස් ගේල් සූදානම්.

ධනංජයගේ පළමු ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 1 කදී - 06/0

(ක්‍රිස් ගේල් 01, සුනිල් ඇම්බ්‍රිස් 04, ලසිත් මාලිංග 1-0-06-0)

           

කොදෙව් ඉනිම ඇරඹීම සඳහා ක්‍රිස් ගේල් සහ සුනිල් ඇම්බ්‍රිස් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසෙති‍.

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ක්‍රිස් ගේල් සූදානම්.

මාලිංගගේ පළමු ඕවරයේ අවසන් පන්දුවට සුනිල් ඇම්බ්‍රිස්ගෙන් කවර් සහ පොයින්ට් කළාප අතරින් හතරේ පහරක්.

....................................................................................................................................................................

තරගය ජයගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 339 ක ඉලක්කයක් හිමි වෙයි.

....................................................................................................................................................................

ඕවර 50 කදී - 338/6

(ළහිරු තිරිමාන්න 45, ධනංජය ද සිල්වා 06, ශෙල්ඩන් කොට්‍රෙල් 10-0-69-1)

         

කොට්‍රෙල්ගේ 10 ඕවරයේ පළමු පන්දුවට ධනංජය ද සිල්වාගෙන් ෂෝට් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පරහක්.

....................................................................................................................................................................

ඕවර 49 කදී - 327/6

(ළහිරු තිරිමාන්න 41, ධනංජය ද සිල්වා 00, ඔෂේන් තෝමස් 10-1-58-1)

           

49 වැනි ඕවරය යැවීම සඳහා ඔෂේන් තෝමස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ළහිරු තිරිමාන්න සූදානම්.

තෝමස්ගේ 10 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ලෝන්ග් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ජේසන් හෝල්ඩර් අතට උඩ පන්දුවක් දෙමින් ඉසුරු උදාන ලකුණු 3 කට දැවී යයි.

අටවැනි පිතිකරුවා ලෙස ධනංජය ද සිල්වා පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 48 කදී - 321/5

(ළහිරු තිරිමාන්න 39, ඉසුරු උදාන 00, ශෙල්ඩන් කොට්‍රෙල් 9-0-59-1)

         

48 වැනි ඕවරය යැවීම සඳහා ශෙල්ඩන් කොට්‍රෙල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ළහිරු තිරිමාන්න සූදානම්.

කොට්‍රෙල්ගේ නමවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ලෝන්ග් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ෆැබියන් ඇලන් අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 104 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 9 යි)

හත්වැනි පිතිකරුවා ලෙස ඉසුරු උදාන පිටියට පිවිසෙයි.

එම ඕවරයේ සිවුවැනි පන්දුවට ළහිරු තිරිමාන්නගෙන් ලෝන්ග් ඕන් කළාපය හරහා හතරේ පරහක්.

....................................................................................................................................................................

ඕවර 47 කදී - 313/4

(අවිෂ්ක ප්‍රනාන්දු 104, ළහිරු තිරිමාන්න 31, කාර්ලෝස් බ්‍රැත්වේට් 7-0-53-0)

         

බ්‍රැත්වේට්ගේ හත්වැනි ඕවරයේ පස්වැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 100 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් අවිෂ්ක ප්‍රනාන්දු සිය මංගල එක්දින ශතකය ලබාගනී.

....................................................................................................................................................................

ඕවර 46 කදී - 304/4

(අවිෂ්ක ප්‍රනාන්දු 97, ළහිරු තිරිමාන්න 30, ඔෂේන් තෝමස් 9-1-52-0)

         

තෝමස්ගේ නමවැනි ඕවරයේ තෙවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ෂෝට් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 45 කදී - 294/4

(අවිෂ්ක ප්‍රනාන්දු 91, ළහිරු තිරිමාන්න 26, කාර්ලෝස් බ්‍රැත්වේට් 6-0-45-0)

         

45 වැනි ඕවරය යැවීම සඳහා කාර්ලෝස් බ්‍රැත්වේට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්.

බ්‍රැත්වේට්ගේ හයවැනි ඕවරයේ දෙවැනි සහ තෙවැනි පන්දුවලට ළහිරු තිරිමාන්නගෙන් ලෝන්ග් ඕෆ් සහ මිඩ් ඕන් කළාප හරහා පිට පිටම හතරේ පහර දෙකක්.

....................................................................................................................................................................

ඕවර 44 කදී - 281/4

(අවිෂ්ක ප්‍රනාන්දු 90, ළහිරු තිරිමාන්න 15, ඔෂේන් තෝමස් 8-1-42-0)

         

44 වැනි ඕවරය යැවීම සඳහා ඔෂේන් තෝමස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්.

තෝමස්ගේ අටවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 43 කදී - 275/4

(අවිෂ්ක ප්‍රනාන්දු 86, ළහිරු තිරිමාන්න 14, ශෙල්ඩන් කොට්‍රෙල් 8-0-51-0)

           

කොට්‍රෙල්ගේ හත්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 42 කදී - 264/4

(අවිෂ්ක ප්‍රනාන්දු 79, ළහිරු තිරිමාන්න 12, ජේසන් හෝල්ඩර් 10-0-59-2)

           

හෝල්ඩර්ගේ 10 වැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 41 කදී - 257/4

(අවිෂ්ක ප්‍රනාන්දු 76, ළහිරු තිරිමාන්න 08, ශෙල්ඩන් කොට්‍රෙල් 7-0-41-0)

           

41 වැනි ඕවරය යැවීම සඳහා ශෙල්ඩන් කොට්‍රෙල් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්.

කොට්‍රෙල්ගේ හත්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 40 කදී - 253/4

(අවිෂ්ක ප්‍රනාන්දු 75, ළහිරු තිරිමාන්න 05, ජේසන් හෝල්ඩර් 9-0-52-2)

           

හෝල්ඩර්ගේ නමවැනි ඕවරයේ පළමු පන්දුව කඩුල්ලේ වැදීමෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 26 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 2 යි)

හයවැනි පිතිකරුවා ලෙස ළහිරු තිරිමාන්න පිටියට පිවිසෙයි.

එම ඕවරයේ දෙවැනි පන්දුවට ළහිරු තිරිමාන්නගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 39 කදී - 247/3

(අවිෂ්ක ප්‍රනාන්දු 74, ඇන්ජලෝ මැතිව්ස් 26, ෆැබියන් ඇලන් 8-0-44-1)

           

39 වැනි ඕවරය යැවීම සඳහා ෆැබියන් ඇලන් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්.

ඇලන්ගේ අටවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පස්වැනි පන්දුවට ලෝන්ග් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 38 කදී - 235/3

(අවිෂ්ක ප්‍රනාන්දු 73, ඇන්ජලෝ මැතිව්ස් 15, ජේසන් හෝල්ඩර් 8-0-46-1)

           

38 වැනි ඕවරය යැවීම සඳහා ජේසන් හෝල්ඩර් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

හෝල්ඩර්ගේ අටවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 37 කදී - 224/3

(අවිෂ්ක ප්‍රනාන්දු 69, ඇන්ජලෝ මැතිව්ස් 09, ශැනන් ගේබ්‍රියල් 5-0-46-0)

           

ග්‍රේබ්‍රිෙයල්ගේ පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 36 කදී - 214/3

(අවිෂ්ක ප්‍රනාන්දු 64, ඇන්ජලෝ මැතිව්ස් 05, ෆැබියන් ඇලන් 7-0-32-1)

         

ඇලන්ගේ හත්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 35 කදී - 209/3

(අවිෂ්ක ප්‍රනාන්දු 61, ඇන්ජලෝ මැතිව්ස් 03, ශැනන් ගේබ්‍රියල් 4-0-36-0)

         

35 වැනි ඕවරය යැවීම සඳහා ශැනන් ගේබ්‍රියල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්.

ග්‍රේබ්‍රිෙයල්ගේ සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 34 කදී - 201/3

(අවිෂ්ක ප්‍රනාන්දු 56, ඇන්ජලෝ මැතිව්ස් 00, ෆැබියන් ඇලන් 6-0-27-1)

         

ඇලන්ගේ හයවැනි ඕවරයේ පළමු පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 33 කදී - 196/3

(අවිෂ්ක ප්‍රනාන්දු 51, ඇන්ජලෝ මැතිව්ස් 00, ඔෂේන් තෝමස් 7-1-36-0)

         

තෝමස්ගේ හත්වැනි ඕවරයේ පස්වැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ලෝන්ග් ඔන් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් අවිෂ්ක ප්‍රනාන්දු සිය දෙවැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

....................................................................................................................................................................

ඕවර 32 කදී - 189/3

(අවිෂ්ක ප්‍රනාන්දු 44, ඇන්ජලෝ මැතිව්ස් 00, ෆැබියන් ඇලන් 5-0-22-1)

         

ඇලන්ගේ පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේම පස්වැනි පන්දුවේදී ඇලන් අතටම උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 39 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

පස්වැනි පිතිකරුවා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 31 කදී - 181/2

(අවිෂ්ක ප්‍රනාන්දු 39, කුසල් මෙන්ඩිස් 36, ඔෂේන් තෝමස් 6-1-29-0)

         

තෝමස්ගේ හයවැනි ඕවරයේ පස්වැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් මිඩ් විකට්  කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 30 කදී - 173/2

(අවිෂ්ක ප්‍රනාන්දු 32, කුසල් මෙන්ඩිස් 35, ෆැබියන් ඇලන් 4-0-14-0)

         

ඇලන්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 29 කදී - 170/2

(අවිෂ්ක ප්‍රනාන්දු 30, කුසල් මෙන්ඩිස් 34, ඔෂේන් තෝමස් 5-1-21-0)

         

29 වැනි ඕවරය යැවීම සඳහා ඔෂේන් තෝමස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.

තෝමස්ගේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් මිඩ් විකට්  කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 28 කදී - 164/2

(අවිෂ්ක ප්‍රනාන්දු 29, කුසල් මෙන්ඩිස් 29, ෆැබියන් ඇලන් 3-0-11-0)

         

ඇලන්ගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 27 කදී - 158/2

(අවිෂ්ක ප්‍රනාන්දු 28, කුසල් මෙන්ඩිස් 24, ශෙල්ඩන් කොට්‍රෙල් 6-0-37-0)

         

කොට්‍රෙල්ගේ හයවැනි ඕවරයට ලකුණු 8 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 26 කදී - 150/2

(අවිෂ්ක ප්‍රනාන්දු 27, කුසල් මෙන්ඩිස් 17, ෆැබියන් ඇලන් 2-0-05-0)

         

ඇලන්ගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 25 කදී - 146/2

(අවිෂ්ක ප්‍රනාන්දු 25, කුසල් මෙන්ඩිස් 15, ශෙල්ඩන් කොට්‍රෙල් 5-0-29-0)

         

කොට්‍රෙල්ගේ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 24 කදී - 142/2

(අවිෂ්ක ප්‍රනාන්දු 23, කුසල් මෙන්ඩිස් 13, ෆැබියන් ඇලන් 1-0-01-0)

         

24 වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ෆැබියන් ඇලන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.

ඇලන්ගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 23 කදී - 141/2

(අවිෂ්ක ප්‍රනාන්දු 23, කුසල් මෙන්ඩිස් 12, ශෙල්ඩන් කොට්‍රෙල් 4-0-25-0)

         

23 වැනි ඕවරය යැවීම සඳහා ශෙල්ඩන් කොට්‍රෙල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්.

කොට්‍රෙල්ගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් දැවැන්ත හයේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 22 කදී - 133/2

(අවිෂ්ක ප්‍රනාන්දු 15, කුසල් මෙන්ඩිස් 12, ජේසන් හෝල්ඩර් 7-0-35-1)

         

හෝල්ඩර්ගේ හත්වැනි ඕවරයේ පළමු පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක් සහ තෙවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 21 කදී - 123/2

(අවිෂ්ක ප්‍රනාන්දු 10, කුසල් මෙන්ඩිස් 07, කාර්ලෝස් බ්‍රැත්වේට් 5-0-33-0)

           

බ්‍රැත්වේට්ගේ පස්වැනි තෙවැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 20 කදී - 113/2

(අවිෂ්ක ප්‍රනාන්දු 05, කුසල් මෙන්ඩිස් 02, ජේසන් හෝල්ඩර් 6-0-25-1)

           

හෝල්ඩර්ගේ හයවැනි ඕවරයට ලකුණු 8 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 19 කදී - 105/2

(අවිෂ්ක ප්‍රනාන්දු 04, කුසල් මෙන්ඩිස් 00, කාර්ලෝස් බ්‍රැත්වේට් 4-0-23-0)

           

බ්‍රැත්වේට්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

ලකුණු 64 ක් ලබා සිටි කුසල් පෙරේරා දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ශෙල්ඩන් කොට්‍රෙල් සහ කාර්ලෝස් බ්‍රැත්වේට් සමත් වෙති. (හතරේ පහර 8 යි)

සිවුවැනි පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 18 කදී - 103/1

(කුසල් පෙරේරා 63, අවිෂ්ක ප්‍රනාන්දු 03, ජේසන් හෝල්ඩර් 5-0-21-1)

           

හෝල්ඩර්ගේ පස්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

එම ඕවරයේ තෙවැනි පන්දුවේදී කුසල් පෙරේරා (ලකුණු 60 ක් ලබා සිටියදී)  ලබාදුන් උඩ පහසු පන්දුවක් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි නිකලස් පූරන් අතින් ගිළිහෙයි.

....................................................................................................................................................................

ඕවර 17 කදී - 97/1

(කුසල් පෙරේරා 59, අවිෂ්ක ප්‍රනාන්දු 01, කාර්ලෝස් බ්‍රැත්වේට් 3-0-21-0)

           

බ්‍රැත්වේට්ගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 16 කදී - 94/1

(කුසල් පෙරේරා 58, අවිෂ්ක ප්‍රනාන්දු 00, ජේසන් හෝල්ඩර් 4-0-15-1)

           

හෝල්ඩර්ගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ශායි හෝප් අත උඩ පන්දුවක් දෙමින් දිමුත් කරුණාරත්න ලකුණු 32 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

තෙවැනි පිතිකරු ලෙස අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙයි.

එම ඕවරයේ සිවුවැනි පන්දුවේදී අව්ෂ්ක ප්‍රනාන්දු කඩුල්ල මුවා කළ බවට කොදෙව් ක්‍රීඩකයන් කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළේය. අනතුරුව එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කිරීමට ජේසන් හෝල්ඩර් පියවර ගත්තද, පුනුරූපන නැරඹීමෙන් අනතුරුව තෙවැනි විනිසුරුවරයාද ප්‍රධාන විනිසුරු සමග එකඟ විය.

....................................................................................................................................................................

ඕවර 15 කදී - 91/0

(දිමුත් කරුණාරත්න 30, කුසල් පෙරේරා 58, කාර්ලෝස් බ්‍රැත්වේට් 2-0-18-0)

           

බ්‍රැත්වේට්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට කුසල් පෙරේරාගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 14 කදී - 80/0

(දිමුත් කරුණාරත්න 27, කුසල් පෙරේරා 51, ජේසන් හෝල්ඩර් 3-0-12-0)

           

හෝල්ඩර්ගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

පන්දු 38 කදී හතරේ පහර 7 ක් සමගින් කුසල් පෙරේරා සිය 14 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

....................................................................................................................................................................

ඕවර 13 කදී - 77/0

(දිමුත් කරුණාරත්න 25, කුසල් පෙරේරා 49, කාර්ලෝස් බ්‍රැත්වේට් 1-0-08-0)

           

13 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක කාර්ලෝස් බ්‍රැත්වේට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

බ්‍රැත්වේට්ගේ පළමු ඕවරයට ලකුණු 8 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 12 කදී - 69/0

(දිමුත් කරුණාරත්න 24, කුසල් පෙරේරා 42, ජේසන් හෝල්ඩර් 2-0-08-0)

           

හෝල්ඩර්ගේ දෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 11 කදී - 63/0

(දිමුත් කරුණාරත්න 21, කුසල් පෙරේරා 39, ශැනන් ගේබ්‍රියල් 3-0-28-0)

           

ගේබ්‍රියගේ තෙවැනි ඕවරයේ සිවුවැනි, පස්වැනි සහ අවසන් පන්දුවලට කුසල් පෙරේරාගෙන් ෆයින් ලෙග්, ස්කුවෙයාර් ලෙග් සහ මිඩ් විකට් කළාප හරහා පිට පිට හතරේ පහර 3 ක්.

....................................................................................................................................................................

ඕවර 10 කදී - 49/0

(දිමුත් කරුණාරත්න 20, කුසල් පෙරේරා 26, ජේසන් හෝල්ඩර් 1-0-02-0)

           

10 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ජේසන් හෝල්ඩර් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්.

හෝල්ඩර්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 9 කදී - 47/0

(දිමුත් කරුණාරත්න 19, කුසල් පෙරේරා 25, ශැනන් ගේබ්‍රියල් 2-0-14-0)

           

ගේබ්‍රියගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 8 කදී - 43/0

(දිමුත් කරුණාරත්න 19, කුසල් පෙරේරා 22, ඔෂේන් තෝමස් 4-1-15-0)

         

තෝමස්ගේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවට දිමුත් කරුණාරත්නගෙන් ඩීප් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 7 කදී - 39/0

(දිමුත් කරුණාරත්න 15, කුසල් පෙරේරා 22, ශැනන් ගේබ්‍රියල් 1-0-11-0)

           

හත්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ශැනන් ගේබ්‍රියල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

ගේබ්‍රියගේ පළමු ඕවරයේ සිවුවැනි සහ අවසන් පන්දුවලට කුසල් පෙරේරාගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහර දෙකක්.

....................................................................................................................................................................

ඕවර 6 කදී - 28/0

(දිමුත් කරුණාරත්න 14, කුසල් පෙරේරා 13, ඔෂේන් තෝමස් 3-1-11-0)

         

තෝමස්ගේ තෙවැනි ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

....................................................................................................................................................................

ඕවර 5 කදී - 28/0

(දිමුත් කරුණාරත්න 14, කුසල් පෙරේරා 13, ශෙල්ඩන් කොට්‍රෙල් 3-0-17-0)

           

කොට්‍රෙල්ගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට කුසල් පෙරේරාගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 4 කදී - 22/0

(දිමුත් කරුණාරත්න 13, කුසල් පෙරේරා 08, ඔෂේන් තෝමස් 2-0-11-0)

         

තෝමස්ගේ දෙවැනි ඕවරයේ සිව්වැනි පන්දුවට දිමුත් කරුණාරත්නගෙන් ඩීප් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 3 කදී - 17/0

(දිමුත් කරුණාරත්න 09, කුසල් පෙරේරා 07, ශෙල්ඩන් කොට්‍රෙල් 2-0-11-0)

           

කොට්‍රෙල්ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ස්කුවෙයාර් ලෙග් කවර් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ දිමුත් කරුණාරත්නගෙන් සිවුවැනි පන්දුවට මිඩ් විකට් කළාපය හරහා තවත් හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 2 කදී - 08/0

(දිමුත් කරුණාරත්න 01, කුසල් පෙරේරා 07, ඔෂේන් තෝමස් 1-0-06-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ඔෂේන් තෝමස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

තෝමස්ගේ පළමු ඕවරයේ සිව්වැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 1 කදී - 02/0

(දිමුත් කරුණාරත්න 01, කුසල් පෙරේරා 01, ශෙල්ඩන් කොට්‍රෙල් 1-0-02-0)

         

ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම සඳහා දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසෙති‍.

පළමු ඕවරය යැවීම සඳහා වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රෙල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්.

කොට්‍රෙල්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ තිසර පෙරේරාට, සුරංග ලක්මාල්ට සහ ජීවන් මෙන්ඩිස්ට මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන අහිමි වී ඇති අතර ඔවුන් වෙනුවට ළහිරු තිරිමාන්න සහ ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට කැඳවා සිටිති.

අසනීප තත්වයකට ගොදුරු වී සිටින නුවන් ප්‍රදීප් වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට කැඳවූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතද අද තරගයට ක්‍රීඩා කරයි.

....................................................................................................................................................................

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර චෙස්ටර්ලේ ස්ට්‍රීට්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ, කසුන් රාජිත සහ ලසිත් මාලිංග

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

ජේසන් හෝල්ඩර් (නායක), ක්‍රිස් ගේල්, සුනිල් ඇම්බ්‍රිස්, ශායි හෝප්, නිකලස් පූරන්, ශිම්රන් හැට්මෙයර්, කාර්ලෝස් බ්‍රැත්වේට්, ෆැබියල් ඇලන්, ශෙල්ඩන් කොට්‍රෙල්, ඔෂේන් තෝමස් සහ ශැනන් ගේබ්‍රියල්


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 23 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.