Last Update  :  2024-03-29 14:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට ලකුණු 161 ක දැවැන්ත ජයක්
සජීවි විස්තර

ශ්‍රී ලංකාවට ලකුණු 161 ක දැවැන්ත ජයක්

editorial - 2020 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

..................................................................................................................................‍‍

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 161 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් වෙයි.

..................................................................................................................................‍‍

කොදෙව් පිල ඕවර 39.1 කදී - 184/10

ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් ෆේබියන් ඇලන් ලකුණු 17 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 2 යි)

..................................................................................................................................‍‍

අවසන් පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ‍‍ෂෙල්ඩන් කොට්‍රල් පිටියට පිවිසෙයි.

..................................................................................................................................‍‍

කොදෙව් පිල ඕවර 38.6 කදී - 184/9

නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් අල්සාරි ජෝෂප් ලකුණු නොළබා දැවී යයි.

..................................................................................................................................‍

දහවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ‍‍අල්සාරි ජෝෂප් පිටියට පිවිසෙයි.

..................................................................................................................................‍

කොදෙව් පිල ඕවර 38.3 කදී - 184/8

නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් කීමෝ පෝල් ලකුණු 21 කට දැවී යයි. (හතරේ පහර 3 යි)

..................................................................................................................................‍

නමවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ‍‍ෆේබියන් ඇලන් පිටියට පිවිසෙයි.

..................................................................................................................................‍

කොදෙව් පිල ඕවර 35.1 කදී - 158/7

ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි නිකලස් පූරන් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 31 කට දැවී යයි. (හතරේ පහර 3 යි)

..................................................................................................................................‍

අටවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු කීමෝ පෝල් පිටියට පිවිසෙයි.

..................................................................................................................................‍

කොදෙව් පිල ඕවර 30.5 කදී - 137/6 

වනිඳු හසරංගගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ජේසන් හෝල්ඩර් ලකුණු 3 කට දැවී යයි.

..................................................................................................................................‍

හත්වැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ජේසන් හෝල්ඩර් පිටියට පිවිසෙයි.

..................................................................................................................................‍

කොදෙව් පිල ඕවර 28.2 කදී - 131/5 

වනිඳු හසරංගගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් කරන් පොලාඩ් ලකුණු නොළඹාම දැවී යයි.

..................................................................................................................................‍

හයවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු කරන් පොලාඩ් පිටියට පිවිසෙයි.

..................................................................................................................................‍

කොදෙව් පිල ඕවර 27.6 කදී - 130/4 

ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් රොස්ටන් චේස් ලකුණු 20 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

..................................................................................................................................‍

කොදෙව් පිල ඕවර 25 කදී - 112/3

රොස්ටන් චේස් හතරේ පහරක් සමග ලකුණු 16 ක්ද, නිකලස් පූරන් ලකුණු 6 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටිති. වනිඳු හසරංගගේ මුල් ඕවර 5 තුළදී කොදෙව් පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 15 ක් පමණි.

..................................................................................................................................

චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් පන්දු යැවීම සඳහා කැඳවයි.

..................................................................................................................................‍

පස්වැනි පිතිකරුවා ලෙස වමත් පිතිකරු නිකලස් පූරන් පිටියට පිවිසෙයි.

..................................................................................................................................‍

කොදෙව් පිල ඕවර 20.1 කදී - 93/3

වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අත‍ට උඩ පන්දුවක් දෙමින් ඩැරන් බ්‍රාවෝ ලකුණු 16 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

..................................................................................................................................‍

සිවුවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු රොස්ටන් චේස් පිටියට පිවිසෙයි.

..................................................................................................................................‍

කොදෙව් පිල ඕවර 17.1 කදී - 83/2

ඇන්ජල‍ෝ මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ ෂෝට් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරත්න අත‍ට උඩ පන්දුවක් දෙමින් ශායි‍ හෝප් ලකුණු 51 කට දැවී යයි. (හතරේ පහර 5 යි)

..................................................................................................................................‍

පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පන්දු යැවීම සඳහා කැඳවයි.

..................................................................................................................................‍

කොදෙව් පිල ඕවර 15 කදී - 77/1

ශායි හෝප් හතරේ පහර 5 ක් සමග ලකුණු 48 ක්ද, ඩැරන් බ්‍රාවෝ හතරේ පහරක් සමග ලකුණු 10 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටිති. ඉසුරු උදානගේ මුල් ඕවර 4 තුළදී ලකුණු 21 ක් රැස්කිරීමට කොදෙව් පිතිකරුවෝ සමත් වෙති.

..................................................................................................................................

තෙවැනි පිතිකරුවා ලෙස වමත් පිතිකරු ඩැරන් බ්‍රාවෝ පිටියට පිවිසෙයි.

 

..................................................................................................................................‍

කොදෙව් පිල ඕවර 12.2 කදී - 64/1

ලකුණු 17 ක් ලබා සිටි සුනිල් ඇම්බ්‍රිස් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සහ ඉසුරු උදාන සමත් වෙති.

..................................................................................................................................‍

දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ජලෝ ‍මැතිව්ස් පන්දු යැවීම සඳහා කැඳවයි.

..................................................................................................................................

කොදෙව් පිල ඕවර 11 කදී - 58/0

ශායි හෝප් හතරේ පහර 5 ක් සමග ලකුණු 43 ක්ද, සුනිල් ඇම්බ්‍රිස් හතරේ පහරක් සමග ලකුණු 14 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටිති. තිසර පෙරේරාගේ මුල් ඕවර 5 තුළදී කොදෙව් පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 18 ක් පමණි.

..................................................................................................................................

වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන පන්දු යැවීම සඳහා කැඳවයි.

..................................................................................................................................

කොදෙව් පිල ඕවර 8 කදී - 44/0

ශායි හෝප් හතරේ පහර 4 ක් සමග ලකුණු 33 ක්ද, සුනිල් ඇම්බ්‍රිස් හතරේ පහරක් සමග ලකුණු 11 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටිති. නුවන් ප්‍රදීප්ගේ මුල් ඕවර 4 තුළදී ලකුණු 27 ක් රැස්කිරීමට කොදෙව් පිතිකරුවෝ සමත් වෙති.

..................................................................................................................................

 

කොදෙව් පිල ඕවර 6.5 කදී - 40/0

නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ ලකුණු 7 ක් ලබා සිටියදී සුනිල් ඇම්බ්‍රිස් ලබාදුන් උඩ පන්දුවක් ෂෝට් ෆයින් ලෙග් කළපෙයේ පන්දු රකිමින් සිටි ලක්ෂාන් සඳකැන් අතින් ගිළිහෙයි.

..................................................................................................................................

කොදෙව් පිල ඕවර 5 කදී - 24/0

ශායි හෝප් හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක්ද, සුනිල් ඇම්බ්‍රිස් හතරේ පහරක් සමග ලකුණු 6 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටිති.

..................................................................................................................................

කොදෙව් ඉනිම ආරම්භ කිරීම සඳහා ශායි හෝප් සහ සුනිස් ඇම්බ්‍රිස් පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් කැඳවයි.

..................................................................................................................................

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි දින එක්දින ක්‍රිකට් තරග‍ය‍ේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 345 ක් ලබාගත්තේය.

ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු (127) සහ කුසල් මෙන්ඩිස් (119) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 239 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූහ. පන්දු 123 කට මුහුණදුන් අවිෂ්ක හතරේ පහර 10 කින් සිය දෙවැනි එක්දින ශතකය සැරසූ අතර පන්දු 119 කදී වාර්තා වූ කුසල්ගේ දෙවැනි එක්දින ශතකය හතරේ පහර 12 කින් සමන්විත විය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 161 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.