Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවේදී වි-20 තරග 3 ක්

ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවේදී වි-20 තරග 3 ක්

editorial - 2019 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීළඟ ඕස්ට්‍රේලියානු ගිම්හානයේදී විස්සයි-20 තරග තුනකට සහභාගි වීම සඳහා ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබේ. මෙම තරග තුන ඔක්තෝබර් 27, ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 1 යන දිනයන්හිදී පැවැත්වේ. 

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඉතාමත් දීර්ඝ ක්‍රිකට් තරග මාලාවකට සූදානම් වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පාකිස්තානය සහ නවසීලන්තය සමග ටෙස්ට් තරගාවලි දෙකකටද සහභාගි වෙයි. මෙම ටෙස්ට් තරගාවලි දෙකේදී ටෙස්ට් තරග හයෙන් දෙකක් පිට පිටම පැවැත්වෙන දිවා/රාත්‍රී ටෙස්ට් තරග වෙයි. 

2019-20 තරග කාල සටහන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් අද (7 වැනිදා) නිකුත් කරන ලදි. 

 

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා විස්සයි-20 තරගාවලිය 

ඔක්තෝබර් 27 - පළමු වි-20 තරගය ඇඩිලේඞ්හිදී

ඔක්තෝබර් 30 - දෙවැනි වි-20 තරගය බි්‍රස්බේන්හිදී

නොවැම්බර් 01 - තුන්වැනි වි-20 තරගය මෙල්බර්න්හිදී

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවේදී වි-20 තරග 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.