Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට 3-0 ක තරගාවලි ජයක්
සජීවී විචාරය

ශ්‍රී ලංකාවට 3-0 ක තරගාවලි ජයක්

editorial - 2019 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද) 

................................................................................................................................. 

තෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදවා ලකුණු 122 ක දැවැන්ත ජයක් ලැබූ ශ්‍රී ලංකාව, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් වෙයි. 

තරගයේ වීරයා ඇන්ජලෝ මැතිව්ස්. 

.................................................................................................................................

ඕවර 36 කදී - 172/10 

(තයිජුල් ඉස්ලාම් 39, වනිදු හසරංග 4-1-16-1) 

           

වනිඳුගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට තයිජුල් ඉස්ලාම්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්. 

ලකුණු 2 ක් ලබා සිටි රුබෙල් හොසේන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා සමත් වෙති. 

.................................................................................................................................

ඕවර 35 කදී - 166/9 

(තයිජුල් ඉස්ලාම් 33, රුබෙල් හොසේන් 02, ෂෙහාන් ජයසූරිය 6-0-40-0) 

           

35 වැනි ඕවරය යැවීම සඳහා වනිඳු හසරංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා තයිජුල් ඉස්ලාම් සූදානම්.

ෂෙහාන්ගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ තයිජුල් ඉස්ලාම්ගෙන් තෙවැනි සහ සිවුවැනි පන්දුවලට බැක්වඩ් පොයින්ට් සහ ඩීප් මිඩ් විකට් කළාප හරහා හතරේ පහර දෙකක්. 

.................................................................................................................................

ඕවර 34 කදී - 149/9 

(තයිජුල් ඉස්ලාම් 18, රුබෙල් හොසේන් 00, වනිදු හසරංග 3-1-10-1) 

           

34 වැනි ඕවරය යැවීම සඳහා වනිඳු හසරංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ශෆියුල් ඉස්ලාම් සූදානම්.

වනිඳුගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරාගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ශෆියුල් ඉස්ලාම් එක් ලකුණකට දැවී යයි. 

11 වැනි පිතිකරු ලෙස රුබෙල් හොසේන් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 33 කදී - 149/8 

(තයිජුල් ඉස්ලාම් 18, ශෆියුල් ඉස්කිලාම් 01, ළහිරු කුමාර​ 5-0-26-2) 

            

ළහිරුගේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවට තයිජුල් ඉස්ලාම්ගෙන් ලොන් ඕන් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 32 කදී - 143/8 

(තයිජුල් ඉස්ලාම් 13, ශෆියුල් ඉස්කිලාම් 00, අකිල ධනංජය 10-0-44-1) 

           

අකිලගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට සෞම්‍ය සාකර්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ පස්වැනි පන්දුව කඩුල්ලේ වැදීම නිසා සෞම්‍ය සාකර් ලකුණු 69 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 5 යි) 

10 වැනි පිතිකරු ලෙස ශෆියුල් ඉස්ලාම් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 31 කදී - 138/7 

(සෞම්‍ය සාකර් 65, තයිජුල් ඉස්ලාම් 12, ළහිරු කුමාර​ 4-0-20-2) 

            

ළහිරුගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවට තයිජුල් ඉස්ලාම්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක් සහ අවසන් පන්දුවට සෞම්‍ය සාකර්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 30 කදී - 128/7 

(සෞම්‍ය සාකර් 60, තයිජුල් ඉස්ලාම් 07, අකිල ධනංජය 9-0-39-0) 

            

අකිලගේ නමවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 29 කදී - 124/7 

(සෞම්‍ය සාකර් 59, තයිජුල් ඉස්ලාම් 04, ළහිරු කුමාර​ 3-0-10-2) 

            

ළහිරුගේ තෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 28 කදී - 122/7 

(සෞම්‍ය සාකර් 58, තයිජුල් ඉස්ලාම් 03, අකිල ධනංජය 8-0-35-0) 

            

28 වැනි ඕවරය යැවීම සඳහා අකිල ධනංජය කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සෞම්‍ය සාකර් සූදානම්. 

අකිලගේ අටවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 27 කදී - 117/7 

(සෞම්‍ය සාකර් 56, තයිජුල් ඉස්ලාම් 00, ළහිරු කුමාර​ 2-0-08-2) 

            

ළහිරුගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කවර් කළාපයේ පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් මෙහෙදි හසන් ලකුණු 8 කට දැවී යයි. 

නමවැනි පිතිකරු ලෙස තයිජුල් ඉස්ලාම් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 26 කදී - 114/6 

(සෞම්‍ය සාකර් 53, මෙහෙදි හසන් 08, වනිඳු හසරංග 2-0-10-0) 

            

වනිඳුගේ දෙවැනි ඕවරයේ අවසන් පන්දුවට මෙහෙදි හසන්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 25 කදී - 109/6

(සෞම්‍ය සාකර් 52, ‍මෙහෙදි හසන් 04, ළහිරු කුමාර​ 1-0-05-1) 

            

25 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සෞම්‍ය සාකර් සූදානම්. 

ළහිරුගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවේදී කවර් කළාපයේ පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් සබීර් රහමන් ලකුණු 7 කට දැවී යයි. 

අටවැනි පිතිකරු ලෙස මෙහෙදි හසන් පිටියට පිවිසෙයි. 

එම ඕවරයේ පස්වැනි පන්දුවට මෙහෙදි හසන්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 24 කදී - 104/5

(සෞම්‍ය සාකර් 51, සබීර් රහමන් 07, වනිඳු හසරංග 1-0-05-0) 

            

24 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සෞම්‍ය සාකර් සූදානම්. 

වනිඳුගේ පළමු ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 23 කදී - 99/5 

(සෞම්‍ය සාකර් 49, සබීර් රහමන් 04, අකිල ධනංජය 7-0-30-0) 

           

අකිලගේ හත්වැනි ඕවරයටද ලකුණු 3 ක් පමණයි. 

එම ඕවරයේ තෙවැනි පන්දුවේදී සෞම්‍ය සාකර් කඩුල්ල මුවා කරමින් දැවී ගිය බවට විනිසුරුවරයා සංඥා කළ අතර එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කිරීමට සාකර් පියවර ගත්තේය.

සිදුවීමට අදාල පුනුරූපන නැරඹීමෙන් අනතුරුව පන්දුව පා අවරණයේ වැදීමට පෙර අත් ආවරණයේ වදින බව නිරීක්ෂණය කළ තෙවැනි විනිසුරු, සාකර් නොදැවුණ ක්‍රීඩකයකු බව සනාථ කළේය. 

.................................................................................................................................

ඕවර 22 කදී - 96/5

(සෞම්‍ය සාකර් 47, සබීර් රහමන් 03, දසුන් ශානක 6-0-27-3) 

            

දසුන්ගේ හයවැනි ඕවරයේ පළමු පන්දුවට සෞම්‍ය සාකර්ගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 21 කදී - 89/5 

(සෞම්‍ය සාකර් 41, සබීර් රහමන් 02, අකිල ධනංජය 6-0-27-0) 

           

අකිලගේ හයවැනි ඕවරයටද ලකුණු 3 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 20 කදී - 86/5

(සෞම්‍ය සාකර් 39, සබීර් රහමන් 01, දසුන් ශානක 5-0-20-3) 

            

දසුන්ගේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට සෞම්‍ය සාකර්ගෙන් ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්. 

එම ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් මහමදුල්ලා රියාද් ලකුණු 9 කට දැවී යයි. (හතරේ පහර 1 යි) 

හත්වැනි පිතිකරු ලෙස සබිර් රහමන් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 19 කදී - 77/4 

(සෞම්‍ය සාකර් 33, මහමදුල්ලා රියාද් 08, අකිල ධනංජය 5-0-24-0) 

           

අකිලගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 18 කදී - 74/4 

(සෞම්‍ය සාකර් 32, මහමදුල්ලා රියාද් 06, දසුන් ශානක 4-0-11-2) 

            

දසුන්ගේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවට සෞම්‍ය සාකර්ගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

.................................................................................................................................

ඕවර 17 කදී - 68/4 

(සෞම්‍ය සාකර් 27, මහමදුල්ලා රියාද් 05, අකිල ධනංජය 4-0-21-0) 

           

අකිලගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට මහමදුල්ලා රියාද්ගෙන් තර්ඩ් මෑන්  කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 16 කදී - 61/4 

(සෞම්‍ය සාකර් 25, මහමදුල්ලා රියාද් 00, දසුන් ශානක 3-0-05-2) 

            

දසුන්ගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී පළමු ෆයින් ලෙග් කළාපයේ  පන්දු රකිමින් සිටි ළහිරු කුමාර අතට උඩ පන්දුවක් දෙමින් මොහොමඩ් මිතුන් ලකුණු 4 කට දැවී යයි. 

හයවැනි පිතිකරු ලෙස මහමදුල්ලා රියාද් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 15 කදී - 59/3 

(සෞම්‍ය සාකර් 24, මොහොමඩ් මිතුන් 04, අකිල ධනංජය 3-0-14-0) 

           

අකිලගේ තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට සෞම්‍ය සාකර්ගෙන් ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්. 

.................................................................................................................................

ඕවර 14 කදී - 49/3 

(සෞම්‍ය සාකර් 16, මොහොමඩ් මිතුන් 02, දසුන් ශානක 2-0-04-1) 

            

දසුන්ගේ දෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි. 

.................................................................................................................................

ඕවර 13 කදී - 48/3 

(සෞම්‍ය සාකර් 16, මොහොමඩ් මිතුන් 01, අකිල ධනංජය 2-0-04-0) 

           

අකිලගේ දෙවැනි ඕවරයටද ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 12 කදී - 46/3 

(සෞම්‍ය සාකර් 15, මොහොමඩ් මිතුන් 00, දසුන් ශානක 1-0-03-1) 

            

12 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක දසුන් ශානක කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. 

දසුන්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුවේදී පළමු ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් මුෂ්ෆිකුර් රහීම් ලකුණු 10 කට දැවී යයි. (හතරේ පහර 1 යි) 

පස්වැනි පිතිකරු ලෙස මොහොමඩ් මිතුන් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 11 කදී - 43/2 

(සෞම්‍ය සාකර් 14, මුෂ්ෆිකුර් රහීම් 09, අකිල ධනංජය 1-0-02-0) 

           

11 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සෞම්‍ය සාකර් සූදානම්. 

අකිලගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 10 කදී - 41/2 

(සෞම්‍ය සාකර් 13, මුෂ්ෆිකුර් රහීම් 08, කසුන් රාජිත 5-0-17-2) 

            

රාජිතගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 9 කදී - 39/2 

(සෞම්‍ය සාකර් 12, මුෂ්ෆිකුර් රහීම් 08, ‍ෂෙහාන් ජයසූරිය 5-0-23-0)

            

ෂෙහාන්ගේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවට මුෂ්ෆිකුර් රහීම්ගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 8 කදී - 29/2 

(සෞම්‍ය සාකර් 10, මුෂ්ෆිකුර් රහීම් 00, කසුන් රාජිත 4-0-15-2) 

          

රාජිතගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක් එල්ලක කළ එනමුල් හක්ගෙන් පස්වැනි පන්දුවට බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්. 

එම ඕවරයේ අවසන් පන්දුවේදී බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි අවිෂ්ක ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් දෙමින් එනමුල් හක් ලකුණු 14 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

සිවුවැනි පිතිකරු ලෙස මුෂ්ෆිකුර් රහීම් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 7 කදී - 19/1 

(එනමුල් හක් 06, සෞම්‍ය සාකර් 09, ‍ෂෙහාන් ජයසූරිය 4-0-13-0)

            

ෂෙහාන්ගේ සිවුවැනි ඕවරයටද ලකුණු 4 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 6 කදී - 15/1 

(එනමුල් හක් 04, ‍සෞම්‍ය සාකර් 07, කසුන් රාජිත 3-0-06-1) 

              

රාජිතගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 5 කදී - 12/1 

(එනමුල් හක් 04, සෞම්‍ය සාකර් 06, ‍ෂෙහාන් ජයසූරිය 3-0-09-0)

            

ෂෙහාන්ගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 4 කදී - 8/1 

(එනමුල් හක් 03, ‍සෞම්‍ය සාකර් 03, කසුන් රාජිත 2-0-03-1)

            

රාජිතගේ දෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 3 කදී - 6/1 

(එනමුල් හක් 02, සෞම්‍ය සාකර් 02, ‍ෂෙහාන් ජයසූරිය 2-0-05-0)

            

ෂෙහාන්ගේ දෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි. 

.................................................................................................................................

ඕවර 2 කදී - 5/1 

(එනමුල් හක් 02, ‍සෞම්‍ය සාකර් 01, කසුන් රාජිත 1-0-01-1)

            

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ටමීම් ඉක්බාල් සූදානම්. 

රාජිතගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් ටමීම් ඉක්බාල් ලකුණු 2 කට දැවී යයි.

තෙවැනි පිතිකරු ලෙස සෞම්‍ය සාකර් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 1 කදී - 4/0 

(ටමිම් ඉක්බාල් 02, එනමුල් හක් 02, ‍ෂෙහාන් ජයසූරිය 1-0-04-0)

            

බංග්ලාදේශ ඉනිම ආරම්භ කිරීම සඳහා නායක ටමිම් ඉක්බාල් සමගින් එනමුල් හක් පිටියට පිවිසෙති. 

පළමු ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා එනමුල් හක් සූදානම්. 

ෂෙහාන්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

.................................................................................................................................

තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 295 ක ඉලක්කයක් හිමිවෙයි. 

.................................................................................................................................

ඕවර 50 කදී - 294/8 

(වනිඳු හසරංග 12, කසුන් රාජිත 00, සෞම්‍ය සාකර් 9-0-56-3) 

            

50 වැනි ඕවරය යැවීම සඳහා සෞම්‍ය සාකර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

සාකර් නමවැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් අතට උඩ පන්දුවක් දෙමින් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 8 යි) 

නමවැනි පිතිකරු ලෙස අකිල ධනංජය පිටියට පිවිසෙයි. 

එම ඕවරයේ දෙවැනි පන්දුවේදී ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි සබීර් රහමන් අතට උඩ පන්දුවක් දෙමින් අකිල ධනංජය ලකුණු නොළබා දැවී යයි. 

10 වැනි පිතිකරු ලෙස කසුන් රාජිත පිටියට පිවිසෙයි. 

පස්වැනි සහ අවසන් පන්දුවලට වනිඳු හසරංගගෙන් ලෝන් ඕන් සහ තර්ඩ් මෑන් කළාප හරහා පිට පිට හතරේ පහර 2 ක්. 

පස්වැනි පන්දුවේදී වනිඳු හසරංග (ලකුණු 8 ක් ලබා සිටියදී) දුන් උඩ පන්දුවක් ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි සබීර් රහමන් අතින් ගිළිහෙයි. එය මෙම තරගයේදී ඔහු අතින් ගිළිහුණු තෙවැනි උඩ පන්දුවයි.  

................................................................................................................................. 

ඕවර 49 කදී - 283/6 

(ඇන්ජලෝ මැතිව්ස් 87, වනිඳු හසරංග 02, ‍ශෆියුල් ඉස්ලාම් 10-2-68-3) 

            

ශෆියුල්ගේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් සහ තෙවැනි පන්දුවට ෂෙහාන් ජයසූරියගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

එම ඕවරයේ සිවුවැනි පන්දුවේදී එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි ටමීම් ඉක්බාල් අතට උඩ පන්දුවක් දෙමින් ෂෙහාන් ජයසූරිය ලකුණු 13 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 1 යි) 

අටවැනි පිතිකරුවා ලෙස වනිඳු හසරංග පිටියට පිවිසෙයි.

................................................................................................................................. 

ඕවර 48 කදී - 271/5 

(ඇන්ජලෝ මැතිව්ස් 81, ෂෙහාන් ජයසූරිය 09, ‍මෙහෙදි හසන් 9-0-59-0) 

            

හසන්ගේ නමවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලොන් ඕන් කළපයට ඉහළින් හයේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 47 කදී - 260/5 

(ඇන්ජලෝ මැතිව්ස් 72, ෂෙහාන් ජයසූරිය 07, ‍ශෆියුල් ඉස්ලාම් 9-2-56-2) 

            

ශෆියුල්ගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවේදී ලොන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි සබීර් රහමන් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් ශානක ලකුණු 30 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 2 යි)

හත්වැනි පිතිකරුවා ලෙස ෂෙහාන් ජයසූරිය පිටියට පිවිසෙයි. 

එම ඕවරයේ පස්වැනි පන්දුවට ෂෙහාන් ජයසූරියගෙන් ස්වීපර් කවර් කළාපයට ඉහළින් හයේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 46 කදී - 251/4 

(ඇන්ජලෝ මැතිව්ස් 70, දසුන් ශානක 30, ‍මෙහෙදි හසන් 8-0-48-0) 

            

46 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 

හසන්ගේ අටවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලොන් ඕෆ් කළපය හරහා හතරේ පහරක්. 

එම ඕවරයේ තෙවැනි පන්දුවේදී ඇන්ජලෝ මැතිව්ස් (ලකුණු 63 ක් ලබා සිටියදී) දුන් උඩ පන්දුවක් ලොන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි සබීර් රහමන් අතින් ගිළිහෙයි. 

................................................................................................................................. 

ඕවර 45 කදී - 241/4 

(ඇන්ජලෝ මැතිව්ස් 62, දසුන් ශානක 28, ‍ශෆියුල් ඉස්ලාම් 8-2-47-1) 

            

45 වැනි ඕවරය යැවීම සඳහා ශෆියුල් ඉස්ලාම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දසුන් ශානක සූදානම්. 

ශෆියුල්ගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවට ලොන් ඕන් කළපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ දසුන් ශානකගෙන් දෙවැනි පන්දුවට එක්ස්ට්‍රා කවර් කළපය හරහා හතරේ පහරක් සහ අවසන් පන්දුවට ලොන් ඕන් කළපයට ඉහළින් තවත් හයේ පහරක්.

................................................................................................................................. 

ඕවර 44 කදී - 221/4 

(ඇන්ජලෝ මැතිව්ස් 61, දසුන් ශානක 09, ‍සෞම්‍ය සාකර් 8-0-45-1) 

            

සාකර්ගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවට දසුන් ශානකගෙන් ෆයින් ලෙග් කළපය හරහා හතරේ පහරක් සහ පස්වැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ෆයින් ලෙග් කළපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 43 කදී - 208/4 

(ඇන්ජලෝ මැතිව්ස් 54, දසුන් ශානක 03, රුබෙල් හොසේන් 9-1-55-1) 

           

43 වැනි ඕවරය යැවීම සඳහා රුබෙල් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 

රුබෙල්ගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්. 

පන්දු 69 කදී හතරේ පහර 5 ක් සමගින් ඇන්ජලෝ මැතිව්ස් සිය 40 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී. 

................................................................................................................................ 

ඕවර 42 කදී - 200/4 

(ඇන්ජලෝ මැතිව්ස් 49, දසුන් ශානක 00, ‍සෞම්‍ය සාකර් 7-0-32-1) 

           

42 වැනි ඕවරය යැවීම සඳහා සෞම්‍ය සාකර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 

සාකර්ගේ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ලොක් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි සබීර් රහමන් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 54 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 5 යි) 

හයවැනි පිතිකරුවා ලෙස දසුන් ශානක පිටියට පිවිසෙයි. 

................................................................................................................................. 

ඕවර 41 කදී - 197/3 

(කුසල් මෙන්ඩිස් 53, ඇන්ජලෝ මැතිව්ස් 47, තයිජුල් ඉස්ලාම් 10-1-34-1) 

           

තයිජුල්ගේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්. 

පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් කුසල් මෙන්ඩිස් සිය 16 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී. 

................................................................................................................................. 

ඕවර 40 කදී - 188/3 

(කුසල් මෙන්ඩිස් 46, ඇන්ජලෝ මැතිව්ස් 45, රුබෙල් හොසේන් 8-1-47-1) 

           

40 වැනි ඕවරය යැවීම සඳහා රුබෙල් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 

රුබෙල්ගේ අටවැනි ඕවරයට ලකණු 3 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 39 කදී - 185/3 

(කුසල් මෙන්ඩිස් 44, ඇන්ජලෝ මැතිව්ස් 44, තයිජුල් ඉස්ලාම් 9-1-25-1) 

           

39 වැනි ඕවරය යැවීම සඳහා තයිජුල් ඉස්ලාම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 

තයිජුල්ගේ නමවැනි ඕවරයට ලකණු 2 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 38 කදී - 183/3 

(කුසල් මෙන්ඩිස් 43, ඇන්ජලෝ මැතිව්ස් 43, ශෆියුල් ඉස්ලාම් 7-2-27-1) 

           

ශෆියුල්ගේ හත්වැනි ඕවරයේ පස්වැනි ඇන්ජලෝ මැතිව්ස්ගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 37 කදී - 174/3 

(කුසල් මෙන්ඩිස් 42, ඇන්ජලෝ මැතිව්ස් 35, රුබෙල් හොසේන් 7-1-44-1) 

           

රුබෙල්ගේ හත්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 36 කදී - 168/3 

(කුසල් මෙන්ඩිස් 38, ඇන්ජලෝ මැතිව්ස් 33, ශෆියුල් ඉස්ලාම් 6-2-18-1) 

           

36 වැනි ඕවරය යැවීම සඳහා ශෆියුල් ඉස්ලාම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 

ශෆියුල්ගේ හයවැනි ඕවරයේ පළමු පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

එම ඕවරයේ දෙවැනි පන්දුවේදී මැතිව්ස් (ලකුණු 32 ක් ලබා සිටියදී) දුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් අතින් ගිළිහෙයි. 

................................................................................................................................. 

ඕවර 35 කදී - 162/3 

(කුසල් මෙන්ඩිස් 37, ඇන්ජලෝ මැතිව්ස් 28, රුබෙල් හොසේන් 6-1-38-1) 

           

35 වැනි ඕවරය යැවීම සඳහා රුබෙල් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 

රුබෙල්ගේ හයවැනි ඕවරයේ පළමු පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලෝන් ඕන් කළාපය හරහා හතරේ පහරක් සහ පස්වැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 34 කදී - 153/3 

(කුසල් මෙන්ඩිස් 33, ඇන්ජලෝ මැතිව්ස් 23, මෙහෙදි හසන් 7-0-38-0) 

            

හසන්ගේ හත්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.  

................................................................................................................................. 

ඕවර 33 කදී - 148/3 

(කුසල් මෙන්ඩිස් 31, ඇන්ජලෝ මැතිව්ස් 20, සෞම්‍ය සාකර් 6-0-29-0) 

            

33 වැනි ඕවරය යැවීම සඳහා සෞම්‍ය සාකර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 

සාකර්ගේ හයවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 32 කදී - 145/3 

(කුසල් මෙන්ඩිස් 30, ඇන්ජලෝ මැතිව්ස් 18, මෙහෙදි හසන් 6-0-33-0) 

            

32 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 

හසන්ගේ හයවැනි ඕවරයේ තෙවැනි සහ අවසන් පන්දුවලට කුසල් මෙන්ඩිස්ගෙන් ඩීප් ස්කුවෙයර් ලෙග් කළාපය හරහා හතරේ පහර දෙකක්. 

................................................................................................................................. 

ඕවර 31 කදී - 136/3 

(කුසල් මෙන්ඩිස් 22, ඇන්ජලෝ මැතිව්ස් 17, තයිජුල් ඉස්ලාම් 8-1-23-1) 

            

තයිජුල්ගේ අටවැනි ඕවරයේ දෙවැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් බැක්වඩ් ස්කුවෙයර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 30 කදී - 130/3 

(කුසල් මෙන්ඩිස් 17, ඇන්ජලෝ මැතිව්ස් 16, සෞම්‍ය සාකර් 5-0-26-0) 

            

සාකර්ගේ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 29 කදී - 126/3 

(කුසල් මෙන්ඩිස් 16, ඇන්ජලෝ මැතිව්ස් 12, තයිජුල් ඉස්ලාම් 7-1-17-1) 

            

තයිජුල්ගේ හත්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

................................................................................................................................

ඕවර 28 කදී - 123/3 

(කුසල් මෙන්ඩිස් 15, ඇන්ජලෝ මැතිව්ස් 11, සෞම්‍ය සාකර් 4-0-22-0) 

            

සාකර්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 27 කදී - 119/3 

(කුසල් මෙන්ඩිස් 13, ඇන්ජලෝ මැතිව්ස් 09, තයිජුල් ඉස්ලාම් 6-1-14-1) 

            

තයිජුල්ගේ හයවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 26 කදී - 116/3 

(කුසල් මෙන්ඩිස් 11, ඇන්ජලෝ මැතිව්ස් 08, සෞම්‍ය සාකර් 3-0-18-0) 

            

26 වැනි ඕවරය යැවීම සඳහා සෞම්‍ය සාකර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 

සාකර්ගේ තෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 25 කදී - 111/3 

(කුසල් මෙන්ඩිස් 07, ඇන්ජලෝ මැතිව්ස් 07, තයිජුල් ඉස්ලාම් 5-1-11-1) 

            

තයිජුල්ගේ පස්වැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි. 

.................................................................................................................................

ඕවර 24 කදී - 111/3 

(කුසල් මෙන්ඩිස් 07, ඇන්ජලෝ මැතිව්ස් 07, රුබෙල් හෙසේන් 5-1-29-1) 

            

රුබෙල්ගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක් සහ අවසන් පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 23 කදී - 100/3 

(කුසල් මෙන්ඩිස් 02, ඇන්ජලෝ මැතිව්ස් 01, තයිජුල් ඉස්ලාම් 4-0-11-1) 

            

තයිජුල්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 22 කදී - 98/3 

(කුසල් මෙන්ඩිස් 01, ඇන්ජලෝ මැතිව්ස් 00, රුබෙල් හෙසේන් 4-1-18-1) 

            

22 වැනි ඕවරය යැවීම සඳහා රුබෙල් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්. 

රුබෙල්ගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 42 කට දැවී යයි. (හතරේ පහර 5 යි) 

පස්වැනි පිතිකරුවා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පිටියට පිවිසෙයි. 

එම ඕවරයට නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.

.................................................................................................................................

ඕවර 21 කදී - 98/2 

(කුසල් පෙරේරා 42, කුසල් මෙන්ඩිස් 01, තයිජුල් ඉස්ලාම් 3-0-09-1) 

            

තයිජුල්ගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් අතට උඩ පන්දුවක් දෙමින් දිමුත් කරුණාරත්න ලකුණු 46 කට දැවී යයි. (හතරේ පහර 6 යි) 

සිවුවැනි පිතිකරුවා ලෙස කුසල් මෙන්ඩිස් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 20 කදී - 95/1 

(දිමුත් කරුණාරත්න 46, කුසල් පෙරේරා 40, මහමදුල්ලා රියාද් 3-0-22-0) 

            

මහමදුල්ලාගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් ෆියින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.  

.................................................................................................................................

ඕවර 19 කදී - 88/1 

(දිමුත් කරුණාරත්න 46, කුසල් පෙරේරා 33, තයිජුල් ඉස්ලාම් 2-0-06-0) 

            

19 වැනි ඕවරය යැවීම සඳහා තයිජුල් ඉස්ලාම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්. 

තයිජුල්ගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.  

.................................................................................................................................

ඕවර 18 කදී - 85/1 

(දිමුත් කරුණාරත්න 45, කුසල් පෙරේරා 31, මහමදුල්ලා රියාද් 2-0-15-0) 

            

මහමදුල්ලාගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.  

.................................................................................................................................

ඕවර 17 කදී - 82/1 

(දිමුත් කරුණාරත්න 43, කුසල් පෙරේරා 30, රුබෙල් හොසේන් 3-0-18-0) 

           

රුබෙල්ගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 16 කදී - 74/1 

(දිමුත් කරුණාරත්න 40, කුසල් පෙරේරා 25, මහමදුල්ලා රියාද් 1-0-12-0) 

            

16 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහමදුල්ලා රියාද් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්. 

මහමදුල්ලාගේ පළමු ඕවරයේ දෙවැනි පළමු පන්දුවට ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ දිමුත් කරුණාරත්නගෙන් පස්වැනි පන්දුවට බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 15 කදී - 62/1 

(දිමුත් කරුණාරත්න 30, කුසල් පෙරේරා 24, රුබෙල් හොසේන් 2-0-10-0) 

          

15 වැනි ඕවරය යැවීම සඳහා රුබෙල් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්. 

රුබෙල්ගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

එම ඕවරයේ තෙවැනි පන්පදුවේදී කුසල් පෙරේරා කඩුල්ල මුවාකළ බවට රුබෙල් කළ ඉල්ලීම විනිසුරුවරයා ප්‍රතික්ෂේප කරයි. 

.................................................................................................................................

ඕවර 14 කදී - 59/1 

(දිමුත් කරුණාරත්න 28, කුසල් පෙරේරා 23, මෙහෙදි හසන් 5-0-24-0) 

          

හසන්ගේ පස්වැනි ඕවරයේ පළමු පන්දුවට කුසල් පෙරේරාගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 13 කදී - 53/1 

(දිමුත් කරුණාරත්න 27, කුසල් පෙරේරා 18, සෞම්‍ය සාකර් 2-0-13-0) 

          

සාකර්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට දිමුත් කරුණාරත්නගෙන් ඩීප් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 12 කදී - 45/1 

(දිමුත් කරුණාරත්න 21, කුසල් පෙරේරා 16, මෙහෙදි හසන් 4-0-18-0) 

          

හසන්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 11 කදී - 41/1 

(දිමුත් කරුණාරත්න 19, කුසල් පෙරේරා 14, සෞම්‍ය සාකර් 1-0-05-0) 

          

11 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක සෞම්‍ය සාකර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්. 

සාකර්ගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවට දිමුත් කරුණාරත්නගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 10 කදී - 36/1 

(දිමුත් කරුණාරත්න 15, කුසල් පෙරේරා 13, මෙහෙදි හසන් 3-0-14-0) 

          

හසන්ගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට දිමුත් කරුණාරත්නගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 9 කදී - 30/1 

(දිමුත් කරුණාරත්න 10, කුසල් පෙරේරා 12, ශෆියුල් ඉස්ලාම් 5-2-12-1) 

            

ශෆියුල්ගේ පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

.................................................................................................................................

ඕවර 8 කදී - 24/1 

(දිමුත් කරුණාරත්න 09, කුසල් පෙරේරා 07, මෙහෙදි හසන් 2-0-08-0) 

          

හසන්ගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

.................................................................................................................................

ඕවර 7 කදී - 18/1 

(දිමුත් කරුණාරත්න 08, කුසල් පෙරේරා 02, ශෆියුල් ඉස්ලාම් 4-2-06-1) 

            

ශෆියුල්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 6 කදී - 15/1 

(දිමුත් කරුණාරත්න 07, කුසල් පෙරේරා 01, මෙහෙදි හසන් 1-0-02-0) 

          

හයවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මෙහෙදි හසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්. 

හසන්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 5 කදී - 13/1 

(දිමුත් කරුණාරත්න 06, කුසල් පෙරේරා 00, ශෆියුල් ඉස්ලාම් 3-2-03-1) 

          

ශෆියුල්ගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 6 කට දැවී යයි. 

තෙවැනි පිතිකරුවා ලෙස කුසල් පෙරේරා පිටියට පිවිසෙයි. 

එම ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි. 

.................................................................................................................................

ඕවර 4 කදී - 13/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 06, දිමුත් කරුණාරත්න 06, තයිජුල් ඉස්ලාම් 1-0-03-0) 

          

සිවුවැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක තයිජුල් ඉස්ලාම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්. 

තයිජුල්ගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 3 කදී - 10/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 04, දිමුත් කරුණාරත්න 05, ශෆියුල් ඉස්ලාම් 2-1-03-0) 

          

ශෆියුල්ගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 2 කදී - 7/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 01, දිමුත් කරුණාරත්න 05, රුබෙල් හොසේන් 1-0-07-0) 

            

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක රුබෙල් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්. 

රුබෙල්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුවට දිමුත් කරුණාරත්නගෙන් බැක්වඩ් ස්කුවෙයර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 1 කදී - 0/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 00, දිමුත් කරුණාරත්න 00, ශෆියුල් ඉස්ලාම් 1-1-00-0) 

          

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා නායක දිමුත් කරුණාරත්න සමගින් අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙති. 

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ශෆියුල් ඉස්ලාම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්. 

ශෆියුල්ගේ පළමු ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි. 

.................................................................................................................................

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් හතරක් සිදුකර ඇති අතර දෙවැනි තරගයට ක්‍රීඩා කළ ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් වෙනුවට ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග සහ කසුන් රාජිත කණ්ඩායමට කැඳවා සිටිති. 

බංග්ලාදේශ කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් මෙම තරගයට සහභාගිවන අතර එහිදී මොසැඩ්ඩෙක් හොසේන් සහ මුස්තෆිසුර් රහමන් වෙනුවට එනමුල් හක් සහ රුබෙල් හොසේන් බංග්ලාදේශ කණ්ඩායමට එක්ව සිටිති. 

.................................................................................................................................

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, කසුන් රාජිත සහ ළහිරු කුමාර 

බංග්ලාදේශ කණ්ඩායම
ටමීම් ඉක්බාල් (නායක), සෞම්‍ය සර්කාර්, මොහොමඞ් මිතුන්, මුෂ්ෆිකූර් රහීම්, මහමුදුල්ලා රියාද්, එනමුල් හක්, සබීර් රහමන්, මෙහෙදි හසන්, තයිජුල් ඉස්ලාම්, ශෆිවුල් ඉස්ලාම් සහ රුබෙල් හොසේන් 


අදහස් (0)

ශ්‍රී ලංකාවට 3-0 ක තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.