Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව 515/9

ශ්‍රී ලංකාව 515/9

editorial - 2020 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව 515/9

රාජිතගේ දැවී යෑමත් සමග සිය පළමු ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පියවර ගනී. ඒ අනුව පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බා‍බ්වේ කණ්ඩායමට වඩා ලකුණු 157 ක් ඉදිරියෙන් සිටියි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 515/9 - කසුන් රාජිත දැවී යයි...

ෂොන් විලියම්ස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් කසුන් රාජිත දැවී යයි.

කසුන් රාජිත - ප.විලියම්ස් 1 (පන්දු 6)

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 515/8

සිකන්දර් රාසාගේ පන්දුවක් හමුවේ ‍ඩීප් මිඩ් විකට් කළාපය හරහා ගැසූ හතරේ පහරත් සමග ඇන්ජලෝ මැතිව්ස් සිය මංගල ටෙස්ට් ‍ද්විත්ව ශතකය ලබාගනී.

පන්දු 468 කට මුහුණ දෙමින් ලබාගත් එම ද්විත්ව ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 16 කින් සැරසීමටද මැතිව්ස් සමත් වෙයි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 510/8 - ලසිත් ඇඹුල්දෙණිය දැවී යයි...

සිකන්දර් රාසාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලසිත් ඇඹුල්දෙණිය දැවී යයි.

ලසිත් ඇඹුල්දෙණිය - ප.සිකන්දර් 0 (පන්දු 1)

ලක්මාල් දැවී ගිය පන්දුවට පසුව යොමුකළ පළමු පන්දුවේදීම ඇඹුල්දෙණියද දවාගැනීමට සිකන්දර් සමත් වෙයි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 510/7 - සුරංග ලක්මාල් දැවී යයි...

සිකන්දර් රාසාගේ පන්දුවක් හමුවේ රේගිස් චකබ්වාගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් සුරංග ලක්මාල් දැවී යයි.

සුරංග ලක්මාල් - ස්ට.චකබ්වා ප.සිකන්දර් 27 (පන්දු 41, 6x2)

ඇන්ජලෝ මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් අතර හත්වැනි කඩුල්ල සඳහා පැවැති සම්බන්ධතාව ලකුණු 49 කට සීමා වෙයි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 506/6

ඒන්ස්ලි එන්ලොව්ගේ පන්දුවක් හමුවේ ලොන් ඕන් කළාපයට ඉහළින් සුරංග ලක්මාල් ගැසූ හයේ පහරත් සමග ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා යයි.

මැතිව්ස් (නොදැවී 192) කෙමෙන් කෙමෙන් සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය අසලට ලඟා වෙමින් සිටියි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 466/6

තේ පානය සඳහා තරගය නතර කරයි.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 176, සුරංග ලක්මාල් නොදැවී 3

ක්‍රමක්‍රමයෙන් සිය ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරමින් සිටින ඇන්ජෙලෝ මැතිව්ස්, සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය හඹායමින් සිටියි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 461/6 - නිරෝෂන් දික්වැල්ල දැවී යයි...

සිකන්දර් රාසාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් නිරෝෂන් දික්වැල්ල දැවී යයි.

නිරෝෂන් දික්වැල්ල - ක.මු. කළා ප.සිකන්දර් 63 (පන්දු 120, 4x3)

ඇන්ජලෝ මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල අතර හයවැනි කඩුල්ල සඳහා පැවැති සම්බන්ධතාව ලකුණු 136 කට සීමා වෙයි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 444/5

නිරෝෂන් දික්වැල්ල පන්දු 105 කදී හතරේ පහර 2 ක් සමගින් සිය 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 434/5

වික්ටර් නයුචිගේ පන්දුවක් හමුවේ කවර් කළාපය හරහා ගැසූ හතරේ පහරත් සමග ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 160 පසුකර යයි.

ඕවර 155 ක් අවසානයේ මැතිව්ස් (නොදැවී 163) සහ නිරෝෂන් දික්වැල්ල (නොදැවී 47) එක්ව ශ්‍රී ලංකා ඉනිමේ හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා ඇති නොබිඳුන සම්බන්ධතාව ලකුණු 109 කි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 414/5

ඩොනල්ඩ් තිරිපානෝගේ පන්දුවක් හමුවේ ස්ලිප් සහ ගලී කළාප අතරින් ගැසූ හතරේ පහරත් සමග ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 150 සීමාව පසුකර යයි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 401/5

ෂොන් විලියම්ස්ගේ පන්දුවක් හමුවේ එක්ස්ට්‍රා කවර් කළාපය හරහා ඇන්ජලෝ මැතිව්ස් ගැසූ හතරේ පහරත් සමග ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාව ඉක්මවා යයි.

මැතිව්ස් (නොදැවී 142) කෙමෙන් කෙමෙන් සිය ඉහළම ටෙස්ට් ඉනිම අසලට ලඟා වෙමින් සිටියි. 2014 වසරේදී එංගලන්තයට එරෙහිව රැස්කළ ලකුණු 160 ඔහුගේ ඉහළම ටෙස්ට් ඉනිම ලෙස සටහන් වේ.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 370/5

දිවා ආහාරය සඳහා තරගය නතර කරයි.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 129, නිරෝෂන් දික්වැල්ල නොදැවී 17

ඔවුන් දෙදෙනා එක්ව මේ දක්වා ශ්‍රී ලංකා ඉනිමේ හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා ඇති නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 45 යි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 342/5

ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 112) සහ නිරෝෂන් දික්වැල්ල (නොදැවී 6) සෙමින් ගමනක. ධනංජය ද සිල්වාගේ දැවී යෑමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය තරමක් අඩාල වෙයි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 325/5 - ධනංජය ද සිල්වා දැවී යයි...

වික්ටර් නවුචිගේ පන්දුවක් හමුවේ ප්‍රින්ස් මස්වවුරේ අතට උඩ පන්දුවක් දෙමින් ධනංජය ද සිල්වා දැවී යයි.

ධනංජය ද සිල්වා - ඇ.ප්‍රින්ස් මස්වවුරේ සහ ප.නවුචි 63 (පන්දු 112, 4x7)

ඇන්ජලෝ මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා අතර පස්වැනි කඩුල්ල සඳහා පැවැති සම්බන්ධතාව ලකුණු 98 කට සීමා වෙයි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 317/4

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 272 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග සිය 10 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කරයි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 303/4

දිනයේ පළමු ඕවරයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 සීමාව පසුකර යයි.

කයිල් ජාවේස් අද දිනයේදී යැවූ පළමු පන්දුවටම හතරේ පහරකින් සංග්‍රහ කළ ධනංජය ද සිල්වා පන්දු 84 කදී හතරේ පහර 6 ක් සමග සිය 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

------------------------------------------------------------------------------------------------------------------

පෙරවරු 9.30 -

තරගයේ සිවුවැනි දිනය ආරම්භ වෙයි.

ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 92) සහ ධනංජය ද සිල්වා (නොදැවී 42) පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසෙති.. දිනයේ පළමු ඕවරය යැවීම සඳහා ‍වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජාවේස් සූදානම්.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 295/4

තෙවැනි දිනය සඳහා තරගය නතර කරයි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 295 ක් ලබා තවත් කඩුලු 6 ක් ඇතැතිව සිම්බාවේට වඩා ලකුණු 63 ක් පසුපසින් සිටියි.

දිනය නිමාවන විට ඇන්ජලෝ මැතිව්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 92 ක්ද, ධනංජය ද සිල්වා හතරේ පහර 5 ක් සමග ලකුණු 42 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ඒ වන විට මැතිව්ස් සහ ධනංජය එක්ව ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 68 කි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 266/4

මැතිව්ස් (79) සහ ධනංජය (26) ඉතා ආරක්ෂාකාරීව පන්දු තෝරා බේරා ගනිමින් ලකුණු රැස්කරන බවක් පෙනෙන්නට තිබේ.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 250/4

චන්දිමාල්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා තරමක් වේගයෙන් ලකුණු රැස්කරමින් සිටියි.

ඕවර 90 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 250 සීමාව පසුකර යයි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 227/4 - දිනේෂ් චන්දිමාල් දැවී යයි...

ෂේන් විලියම්ස්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දිනේෂ් චන්දිමාල් දැවී යයි.

දිනේෂ් චන්දිමාල් - ඇ. සහ ප.විලියම්ස් 12 (පන්දු 32, 4x1)

ඇන්ජලෝ මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් අතර සිවුවැනි කඩුල්ල සඳහා පැවැති සම්බන්ධතාව ලකුණු 43 කට සීමා වෙයි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 205/3

තේ පානය සඳහා තරගය නතර කරයි.

පන්දු 154 කදී ඇන්ජලෝ මැතිව්ස් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග සිය 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

කුසල්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් ක්‍රම ක්‍රමයෙන් පිටිය තුළ ස්ථාවර වෙමින් සිටියි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 184/3 - කුසල් මෙන්ඩිස් දැවී යයි...

වික්ටර් නවුචිගේ පන්දුවක් හමුවේ බ්‍රෙන්ඩන් ටේලර් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් දැවී යයි.

කුසල් මෙන්ඩිස් - ඇ.ටේලර් ප.නවුචි 80 (පන්දු 163, 4x8)

කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මෙන්ඩිස් අතර තෙවැනි කඩුල්ල සඳහා පැවැති සම්බන්ධතාව ලකුණු 92 කට සීමා වෙයි.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 160/2

අර්ධ ශතකය ලබාගන්නා තෙක් තරමක් ආරක්ෂාකාරීව පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස්, අර්ධ ශතකය ලබාගැනීමෙන් අනතුරුව සිකරන්දර් රාසාගේ පළමු ඕවරයේ පිට පිට පන්දු 3 ක්ම හතරේ සීමාව කරා යැවීමට සමත් විය.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 143/2

පිතිකරුවන් දෙදෙනාම තම තමන්ගේ ඉලක්ක කරා යන බවක් පෙනෙන්නට තිබේ.
කුසල් මෙන්ඩිස් සිය අවසන් ටෙස්ට් ඉනිම 10 දීම ලබා ඇත්තේ ලකුණු 238 කි. ඊට ඇතුළත්ව ඇත්තේ අර්ධ ශතක දෙකක් පමණි.

ඉනිම 7 කට පසුව අද සිය අර්ධ ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස් වසරකට වැඩි කාලයකට පසුව ටෙස්ට් ශතකයක් හඹා යමින් සිටී.

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 138/2

45 වැනි ඕවරයේ සිට 50 වැනි ඕවරය දක්වා යැවූ පන්දු 30 කදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනා ලබාගත්තේ ලකුණු 14 කි.

කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් වැනි නිරායාසයෙන් ලකුණු කරා යන පිතිකරුවන් දෙදෙනකු පිටියේ සිටයදී පවතින මේ තත්ත්වය තණතීරුවේ අසීරුතාව නිසාම නොවේ. 

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 124/2

දිවා ආහාරය සඳහා තරගය නතර කරයි.

කුසල් මෙන්ඩිස් නොදැවී 43, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 14

------------------------------------------------------------------------------------------------------------------

92/2 - දිමුත් කරුණාරත්න දැවී යයි...

නවුචිගේ පන්දුවක් හමුවේ එන්ලොවූ අතට උඩපන්දුවක් දෙමින් දිමුත් කරුණාරත්න දැවී යයි.

දිමුත් කරුණාරත්න - ඇ.එන්ලොවූ ප.නවුචි 37 (විනාඩි 132, පන්දු 78, 4x4)

දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අතර දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 60 ක සම්බන්ධතාවයක්.

------------------------------------------------------------------------------------------------------------------

පෙරවරු 10.00 -

තෙවැනි දිනයට තරගය ආරම්භ කිරීමට සියල්ල සුදානම්

------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව 42/1 - දෙවැනි දිනයේ ක්‍රීඩාව අවසන්... 

දිමුත් කරුණාරත්න නොදැවී 12 යි, කුසල් මෙන්ඩිස් නොදැවී 6 යි...

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තමන්ගේ තරම පෙන්වූ දිනයක් ලෙසින් සටහන් කළ හැකිය.

------------------------------------------------------------------------------------------------------------------

32/1 - ඕෂධ ප්‍රනාන්දු දැවී යයි...

ඩොනල්ඩ් ටිරිපානෝගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඕෂධගේ ඉනිම අවසන් වෙයි...

ඕෂධ ප්‍රනාන්දු - ප.ටිරිපානෝ 21 (විනාඩි 49, පන්දු 41, 4x2)

------------------------------------------------------------------------------------------------------------------

ඕවර 1.0 - පළමු ඕවරයේදීම ලකුණු 9 ක්

-----------------------------------------------------------------------------------------------------------------

පස්වරු 4.00 -

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වෙයි.

ඕෂධ ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න පිටියට එති.. සිම්බාබ්වේ පිලේ කෝඩුකාර පන්දු යවන්නන් දෙදෙනාට සිම්බාබ්බේ හිස්වැසුම් තිළිණ කෙරෙයි.


අදහස් (0)

ශ්‍රී ලංකාව 515/9

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.