Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ ශූරතාව දිනති

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ ශූරතාව දිනති

editorial - 2019 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම, දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාල කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේදී පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සමත් විය.

දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාල කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම එම ශූරතාවට හිමිකම් කීවේය. ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ ඕවර 37.4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කයක පසුකර ගියහ.

එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක (නොදැවී 84) සහ නායක චරිත් අසලංක (නොදැවී 29) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක් නොබිඳුණ ගොඩනගමින් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 108 කදී වාර්තා වූ නිස්සංකගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 21 කට මුහුණුදුන් අසලංක හයේ පහර 3 කින් සිය ඉනිම අලංකාර කළේය.

සඳුන් වීරක්කොඩි (26) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පැතුම් නිස්සංක, ඉන් නොනැවතී කමිඳු මෙන්ඩිස් (40) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 110 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 180 ක් රැස්කළ අතර එහිදී ඩෙලනෝ පොට්ගීටර් (52) සහ රුබින් හර්මාන් (නොදැවී 63) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. ලකුණු 45 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී ඔවුන් දෙදෙනා එක්ව දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාල කණ්ඩායමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 137 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 75 කි.

එහිදී ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ළහිරු මධුෂංක ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාල කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී විය. පොට්ගීටර් සහ හර්මාන් අතර පැවැති පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාවද නිමා කළ මධුෂංක අවසන් තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය.

දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාල පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 180
(ලෙසෙගෝ සෙනොක්වේන් 19, ඩෙලනෝ පොට්ගීටර් 52, රුබින් හර්මාන් නොදැවී 63, ළහිරු මධුෂංක 35/4)

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම - ඕවර 37.4 කදී කඩුලු 2 ක් දැවී 184
(පැතුම් නිස්සංක නොදැවි 84, සඳුන් වීරක්කොඩි 26, කමිඳු මෙන්ඩිස් 40, චරිත් අසලංක නොදැවී 29)

-036


අදහස් (0)

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.