Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ටෙස්ට් පිල තවත් පඩියක් පහළට

ශ්‍රී ලංකා ටෙස්ට් පිල තවත් පඩියක් පහළට

editorial - 2021 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ වාර්ෂික යාවත්කාලීන කිරීම වලට අනුව මෙතෙක් 7 වැනි ස්ථානයේ පසුවු ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසුව ප්‍රසාද ලකුණු 83 ක් හිමිකරගනිමින් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී 7 වැනි ස්ථානයේ පසුවු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ප්‍රසාද ලකුණු 5 ක් අඩුවී ඇත. 

8 වැනි ස්ථානයට ඇද වැටුණු ශ්‍රී ලංකා පිලට හිමිවන්නේ ප්‍රසාද ලකුණු 78 ක් පමණි. 

සෑම වසරකම මැයි මාසයේ දී ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව කටයුතු කරයි. එහිදී අවසන් වසර තුනක කාලය තුළ ලබා ඇති ජයග්‍රහණ මත පදනම්ව නව ශ්‍රේණිගත කිරීම් සකස් කෙරේ. නවතම යාවත්කාලීන කිරීම් අනුව ටෙස්ට් සහ විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම අනුව  9 වැනි ස්ථානයේ පසුවන්නේය.

ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින ඉන්දියාව ප්‍රසාද ලකුණු 121 ක් සහ සහ නවසීලන්තය ප්‍රසාද ලකුණු 120 ක් හිමිකර ගනිමින් නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පිළිවෙලින් පළමු සහ දෙවැනි ස්ථානයේ රැඳී සිටිති.

වාර්ෂික යාවත්කාලීන කිරීම් වලට අනුව ප්‍රසාද ලකුණු 3 ක් හිමිකර ගනිමින් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ තෙවැනි වැනි ස්ථානය දක්වා උසස්විමක් ලබාගැනීමට එංගලන්තය සමත්වන විට ප්‍රසාද ලකුණු 5 ක් අහිමිකර ගත් ඕස්ටේ්‍රලියාව සිව්වැනි ස්ථානය දක්වා පහත වැටුණි.

බංග්ලාදේශයට එරෙහිව තරග 2-0 ක ටෙස්ට් තරගාවලි ජයක් මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව 0-0 ක් ලෙස ටෙස්ට් තරගාවලිය සම කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම වසරේ දී සමත් වීම හේතුවෙන් 8 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වී ඇත. නවතම යාවත්කාලීන කිරීම් වලට අනුව හිමිවූ ලකුණු 3 ත් සමගින් ඔවුන් ප්‍රසාද ලකුණු 84 ක් හිමිකරගෙන ඇති කොදෙව් කණ්ඩායම 2013 න් පසුව ශ්‍රේණිගත කිරීම්හී ඉහළට පැමිණි හොඳම අවස්ථාව වේ.

ඉතා දරුණු ලෙස කඩාවැටුණු කණ්ඩායම බවට දකුණු අප්‍රිකාව පත්වී තිබේ. නවතම යාවත්කාලීන කිරීම් වලට අනුව ඔවුන්ගෙන් ප්‍රසාද ලකුණු 9 ක් අහිමිවී ඇත. ඒ අනුව මේ වනවිට ප්‍රසාද ලකුණු 80 ක් හිමිකර ගෙන සිටින දකුණු අප්‍රිකාව 6 වැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත. දකුණු අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය දක්වා පහතට වැටුණු දෙවැනි අවස්ථාව මෙයයි. 

ඇෆ්ඝනිස්තානය සහ අයර්ලන්තය ද ටෙස්ට් වරම් දිනා ඇතත්, එම රටවල් ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්වීමට තරම් ප්‍රමාණවත් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර නොමැති බැවින් මෙම ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් නොවේ.

- 2079


අදහස් (1)

ශ්‍රී ලංකා ටෙස්ට් පිල තවත් පඩියක් පහළට
  • NKD Deemantha Saturday, 15 May 2021 06:28 AM

    දුක්වෙන්න එපා.. අපි තව ඉදිරියටම යමු.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.