Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දැවැන්ත ජයක් ලබති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දැවැන්ත ජයක් ලබති

editorial - 2019 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (4 වැනිදා) පැවැති තරගයකදී මාලදිවයිනට එරෙහිව ලකුණු 249 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 280 ක ඉලක්කයක් හඹාගිය මාලදිවයින් කණ්ඩායම ඕවර 14.5 ක් අවසානයේ ලකුණු 30 කට සීමා කිරීමට ජනාදි අනාලි ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී කිසිදු මාලදිවයින් පිතිකාරිණියකට ලකුණු 10 සීමාව ඉක්මවා ඉඩක් නොලැබිණ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ජනාදි ලකුණු 2 කට කඩුලු 3 ක් බිඳදැමූ අතර මාලදිවයින් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ජනාදිට අනගි සහායක් දුන් සත්‍යා සංදීපනී ලකුණු 13 කට කඩුලු 2 ක් දවාගත්තාය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 279 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ නායිකා හර්ෂිතා මාධවී පන්දු 47 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 15 ක් සමග නොදැවී ලකුණු 106 ක් රැස්කිරීමට සමත් වූවාය.

මුලු ලකුණු සංඛ්‍යාව 58 ක් වන විට ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 2 බිඳවැටුණ අතර එතැන් පටන් සත්‍යා සංදීපනී (නොදැවී 96) සමග එක්වූ මාධවී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 221 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූවාය. පන්දු 48 කට මුහුණදුන් සංදීපනී, හයේ පහර 3 කින් සහ හතරේ පහර 11 කින් සිය අර්ධ ශතකය සැරසුවාය.

 

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 279
(උමේෂා තිමාෂිනී 18, ජනාදි අනාලි 32, හර්ෂිතා මාධවී නොදැවී 106, සත්‍යා සංදීපනී නොදැවී 96)

මාලදිවයින් කාන්තා පිල - ඕවර 14.5 කදී සියලු දෙනා දැවී 30
(ජනාදි අනාලි 02/3, සත්‍යා සංදීපනී 13/2)

-036


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දැවැන්ත ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.