Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එංගලන්තය පරදවති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එංගලන්තය පරදවති

යොහාන් භාසුර - 2020 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ දෙවැනි පුහුණු තරගයේදී කඩුලු 10 කින් ප්‍රබල එංගලන්ත පිල පරාජය කිරීමට අද (18) සමත් විය. මෙම තරගය ඇඩිලේඞ්හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකා කාන්තා පිල විස්සයි20 තරගයකදී එංගලන්තය පරාජය කළ පළමු අවස්ථාව මෙය වන නමුත් මෙය නිල විස්සයි20 තරගයක් නොවේ.     

ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරියන් වූ නායිකා චමරි අතපත්තු සහ හසිනි පෙරේරා ලකුණු 123 ක ඉලක්කය ඕවර 12.3 කදී කිසිවකු නොදැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. චමරි අතපත්තු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 50 කදී හතරේ පහර අටක් සහ හයේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 78 ක් රැස්කිරීම ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය බවට පත්විය.  

හසිනි පෙරේරා පන්දු 25 කින් හතරේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 29 ක් රැස්කළාය.

ශෂිකලා සිරිවර්ධන සහ චමරි අතපත්තු එක්ව පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල ලකුණු 122 කට සීමා කිරීමට සමත් වූහ. ශෂිකලා සිරිවර්ධන ඕවර හතරේදී ලකුණු 22 කට කඩුලු හතරක් දවාගැනීමට සමත් වූවාය. චමරි අතපත්තු පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 21 කට කඩුලු තුනක් දවාගත්තාය.

එංගලන්ත පිලේ සාර්ථකම පිතිකාරිය වූ ඇනී ජෝන්ස් පන්දු 20 කින් ලකුණු 23 ක් රැස් කළාය.

පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී නවසීලන්තයට එරෙහිව ලබන 22 වැනිදා තරග කිරීමට නියමිතය.    

ලකුණු පුවරුව
එංගලන්ත කාන්තා ක්‍රිකට් පිල
ඇනී ජොන්ස් - ඇ. අ.පත්තු ප. ශෂිකලා    23
ඩානි වයාට් - ඇ. සංජීවනි ප. ශෂිකාලා    5
ෆ්‍රෑන් විල්සන් - දුවද්දී දැවී ගියා    18
ටම්මි බෙයුමන්ට් - ප. අතපත්තු     23
ලයුරින් වින්ෆීඩ් - දුවද්දී දැවී ගියා     1
කැතරින් බර්න්ට් - ඇ. නිලක්‍ෂි ප. ශෂිකලා    0
ශතර් කිං - ඇ. හංසිමා ප. ශෂිකලා     19
ඇන්යා ශර්බ්සොලි - ප. අතපත්තු    9
සොපි එක්ලිස්ටන් - නොදැවී     16
සාරා ග්ලේන් - ඇ. දිල්හාරි ප. අතපත්තු    6
අතිරේක    2
එකතුව ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී     122
කඩුලු වැටීම:
1-7(ඩානි වයාට්), 2-42(ෆ්‍රෑන් විල්සන්), 3-52(ඇනී ජොන්ස්), 4-55(ලයුරින් වින්ෆීඩ්), 5-61(කැතරින් බර්න්ට්), 6-78(ටම්මි බෙයුමන්ට්), 7-94(ආන්යා ශ්‍රබ්සෝල්), 8-108(ශතර් කිං), 9-122(සාරා ග්ලේන්)
පන්දු යැවීම:

උදේෂිකා ප්‍රබෝධනි : 4-0-22-0, ශෂිකලා සිරිවර්ධන : 4-0-22-4, සුගන්දිකා කුමාරි : 4-0-26-0, අමා කාංචනා : 1-0-11-0, කවීෂා දිල්හාරි : 3-0-20-0, චමරි අතපත්තු : 4-0-21-3
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල
හසිනි පෙරේරා - නොදැවී    29
චමරි අතපත්තු - නොදැවී    78
අතිරේක     16
එකතුව ඕවර 12.3 කදී කිසිවකු නොදැවී     123
පන්දුවට පහර නොදුන් පිතිකාරිනියෝ:
හර්ෂිතා මාධවී, හංසිමා කරුණාරත්න, නිලක්‍ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනි, ශෂිකලා සිරිවර්ධන, අමා කාංචනා, කවීෂා දිල්හාරි, උමේෂා තිමාෂිනි, සත්‍යා සංදීපනි, උදේෂිකා ප්‍රබෝදනි, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, ඩිලානි මනෝදර
පන්දු යැවීම:
කැතරින් බර්න්ට් : 3-0-21--0, ආන්යා ශ්‍රබ්සෝල් : 2-0-24-0, සොෆී එක්ලිස්ටන් : 2.3-0-24-0, ෆ්‍රීයා ඩේවිස් : 2-0-25-0, සාරා ග්ලේන් : 2-0-19-0, ශතර් කිං : 1-0-07-0

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එංගලන්තය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.