Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 ක් බී.පී.එල් තරග බිමේ

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 ක් බී.පී.එල් තරග බිමේ

ශානුක අරවින්ද - 2019 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ ඩනා නුවරදී අද (11 වැනිදා) ආරම්භ වන 7 වැනි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙක් කණ්ඩායම් 5 නියෝජනය කරමින් තරග බිමට පිවිසීමට සූදානමින් සිටිති.

මෙවර තරගාවලියේදී භානුක රාජපක්ෂ, දසුන් ශානක සහ කුසල් පෙරේරා කුමිලා වොරියර්ස් කණ්ඩායමටද, අවිෂ්ක ප්‍රනාන්දු චිතගොංග් චැලේන්ජර්ස් කණ්ඩායමටද, ජීවන් මෙන්ඩිස් ශිලාත් තර්ඩර්ස් කණ්ඩායමටද, තිසර පෙරේරා ඩකා ප්ලැටූන් කණ්ඩායමටද, වනිඳු හසරංග කුල්නා ටයිගර්ස් කණ්ඩායමටද ක්‍රීඩා කිරීමට නියමිතය.

චිතගොංග් චැලෙන්ජර්ස්, කුමිලා වොරියර්ස්, ශිලාත් තන්ඩර්ස්, රාංග්පූර් රේන්ජ්ර්ස්, ඩකා ප්ලැටූන්, රාජෂාහී රෝයල්ස් සහ කුල්නා ටයිගර්ස් යන කණ්ඩායම් හතේ සහභාගීත්වයෙන් අද ආරම්භ වන මෙම තරගාවලිය ජනවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි මූලික වටයේ තරග 42 ක්ද අවසන් වටයේ තරග 4 ක්ද පැවැත්වීමට නියමිතය.

බංග්ලාදේශ ක්‍රීඩකයන් වන මහමදුල්ලා රියාද් චිතගොංග් චැලෙන්ජර්ස් කණ්ඩායමේත්, මොසැඞ්ඩෙක් හොසේන් ශිලාත් තන්ඩර්ස් කණ්ඩායමේත්, මෂ්රෆී මොටාසා ඩකා ප්ලැටූන් කණ්ඩායමේත්, මුෂ්ෆිකුර් රහීම් කුල්නා ටයිගර්ස් කණ්ඩායමේත් නායකයන් ලෙස කටයුතු කරති.

ශ්‍රී ලංකා ක්‍රීඩක දසුන් ශානක කුමිලා වොරියර්ස් කණ්ඩායමේත්, ඇෆ්ඝනිස්තාන ක්‍රීඩක මොහොමඞ් නබී රාංග්පූර් රේන්ජ්ර්ස් කණ්ඩායමේත්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඔන්ඩි්‍ර රසල් රාජෂාහී රෝයල්ස් කණ්ඩායමේත් නායකත්වය දරති.

-036


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 ක් බී.පී.එල් තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.