Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් එපා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් එපා

යොහාන් භාසුර - 2019 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට අතුරු කමිටුවක් පත්කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) සභාපති
ශෂාන්ක් මනෝහර් මහතා අකමැත්ත පළකර ඇති බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී පසුගිය සිකුරාදා (02) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා එසේ පවසා ඇති බව දැනගන්නට තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා මීට දින කීපයකට පෙර නාග්පූර්හිදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති
ශෂාන්ක් මනෝහර් මහතා හමුවී ක්‍රිකට් පරිපාලනය සම්බන්ධ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

එහිදී අමාත්‍යවරයා අතුරු කමිටුවක් පත්කිරීමට තමන් තුළ ඇති අදහස ඉදිරිපත් කර ඇති බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව අතුරු කමිටු පිළිනොගන්නා බව එහිදී අයි.සී.සී. සභාපතිවරයා පවසා ඇති බවත් ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.

අමාත්‍යවරයා සහ ක්‍රිකට් ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා සහ අයි.සී.සී. සභාපතිවරයා අතර සාකච්ඡාවේ ඇතැම් තොරතුරු ද අමාත්‍යවරයා හෙළිකර තිබේ. තවද ක්‍රිකට් සංවර්ධන ව්‍යාපෘති සහ ජාතික කණ්ඩායම පිළිබඳව සාකච්ඡා කර කළේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ අමාත්‍යවරයා සහ ක්‍රිකට් නිලධාරීන් අතර ඉතාමත් වටිනා සහ සුහඳ සාකච්ඡාවක් පැවැති බවයි.

“ඇත්තට ඒ සාකච්ඡාව ඉතාමත්ම හොඳ එකක්. මොකද අපි ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණු වෙනුවෙන් කළ යුතු බොහෝ දේ කථා කළා. ඒක ඉතාමත් සුහද සාකච්ඡාවක්” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය. 

මේ පිළිබඳව දැනගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථාව කීපයකදී උත්සාහ කළ ද අමාත්‍යවරයා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.


අදහස් (2)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් එපා
  • sam Friday, 02 August 2019 06:59 PM

    ඔක්කොම හොරු .

    Reply 0       0

    Calvin Saturday, 03 August 2019 09:50 AM

    අයි.සී සී එක ඉන්දියාවට විතරක් ඇයි අතුරු කමිටුවක් දාන්න ඉඩ දුන්නේ ? මේ පාලකයෝ ඉන්නකල් අතුරු පාලක මණ්ඩලයක් නෙවේ කිසි දෙයක් කරගන්න බෑ .වෙලාවකට හරීන් රඟපෑවද කියලා හිතෙනවා . දේශපාලනය කියන්නේ මෙගා නාටකයක්. හැමෝම රඟපානවා .

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.