Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශෂාන්ක් මනෝහර් ‘ඇති’ කියා ගෙදර යයි

ශෂාන්ක් මනෝහර් ‘ඇති’ කියා ගෙදර යයි

editorial - 2020 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 4 ක කාලයක් පුරා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශෂාන්ක් මනෝහර් මහතා එම තනතුරෙන් ඉවත්විය. ලබන සතිය වන විට එම තනතුර සඳහා වෙනත් අයකු පත්කරගැනීමට නියමිත අතර ඒ දක්වා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස වත්මන් උප සභාපති ඉම්රාන් කවාජා මහතා කටයුතු කරනු ඇත.

“මනෝහර් මහතාගේ නායකත්වය සහ සභාපතිවරයා ලෙස ඔහු ක්‍රීඩාව වෙනුවෙන් කළ සෑම දෙයක් ගැනම අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ සමස්ත ක්‍රිකට් ප්‍රජාව වෙනුවෙන්ම අපි ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඔහුටත් ඔහුගේ පවුලේ සැමටත් අපි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.” යැයි අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී මනු සවානි මහතා පැවසීය.

මනෝහර් මහතා පළමු වරට 2016 වසරේදී නිතරගයෙන්ම සභාපති ධූරය සඳහා තේරී පත්වූ අතර 2018 වසරේදී දෙවැනි වරට එම තනතුර සඳහා පත්වූයේද නිතරගයෙනි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැඩි බලපෑම් නොතකමින්, පළමු වසර දෙක තුළදී අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ පරිපාලන වි්‍යුහය සහ මූල්‍ය ආකෘතිය වෙනස් කිරීමටද මනෝහර් මහතා පියවර ගත්තේය.

“ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ කැපවීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සියලු දෙනා මනෝහර් මහතාට හෘදයාංගම ස්තූතිය පුද කරනවා. ක්‍රීඩාව වෙනුවෙන් කළ සියලු දේ වෙනුවෙන් ඔහුට කෘතඥතාව පළ කළ යුතු බවට කිසිදු සැකයක් නැහැ. මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව සහ අන්තර් ජාතික ක්‍රිකට් සභාව, මනෝහර් මහතා ඒ හා සම්බන්ධ වන විට තිබූ තත්වයට වඩා හොඳ තැනක තිබෙනවා.” යැයි වැඩ බලන සභාපතිවරයා ලෙස පත්වූ කවාජා මහතා කියා සිටියේය.

සිය ධූර කාලය අගෝස්තු මස 3 වැනිදායින් නිමාවන බව මේ වන විටත් ප්‍රකාශයට පත්කර ඇති එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති කොලින් ග්‍රේව්ස් මහතා, අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ධූරයට පත්විය හැකි පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටියි. අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ව්‍යවස්ථාවට අනුව, ඕනෑම සාමාජික රටක් නියෝජනය කරමින් සභාවේ දැනට සිටින අධ්‍යක්ෂවරයකු හෝ හිටපු අධ්‍යක්ෂවරයකු (වසර හයක් හෝ ඊට වැඩි කාලයක් එම තනතුරේ නොසිටි) සභාපති තනතුර සඳහා තරග කිරීමට සුදුසුකම් ලබනු ඇත.

 
-036 


අදහස් (0)

ශෂාන්ක් මනෝහර් ‘ඇති’ කියා ගෙදර යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.