Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේග පන්දු යවන්නියන් 3 ක් සමග

වේග පන්දු යවන්නියන් 3 ක් සමග

යොහාන් භාසුර - 2020 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හත්වැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ප්‍රබල නවසීලන්ත පිලට එරෙහිව හෙට (22 වැනිදා) සහභාගි වන පළමු තරගයේදී ශ්‍රී ලංකා කාන්තා පිල වේග පන්දු යවන්නියන් තිදෙනකුගෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි. පර්ත්හි නුවරදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය. 
 
ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නිය වන උදේෂිකා ප්‍රබෝදනී සමඟ මෙම තරගයේදී අචිනි කුලසූරිය සහ අමා කාංචනා වේග පන්දු යවන්නියන් ලෙස ක්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරගය වෙනුවෙන් සකස්කර ඇති තණතීරුව දකුණතින් වේග පන්දු යවන අචිනි කුලසූරියට වඩාත් සාර්ථක වීමට හැකියාව ඇතැයි විශ්වාස කරන බව කණ්ඩායමේ නිලධාරියෙක් පැවසීය.
 
මෙම වේග පන්දු යවන්නියන් තිදෙනා අතරින් අචිනි වඩාත් වේගයෙන් පන්දු යවන අතර ඒ හේතුව ඇයට සාර්ථක වීමේ අවස්ථාව තිබේ.  දඟ පන්දු යවන්නියන් වන ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු සහ සුගන්දිකා කුමාරි කණ්ඩායමට ඇතුළත් වන අතර චමරි අතපත්තු තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස ක්‍රීඩා කරන්නීය. 
 
එංගලන්තයට එරෙහිව පුහුණු තරගයේදී කඩුලු 10 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී ද වෙනසකින් තොරව ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. 
 
නවසීලන්තය අන්තර්ජාතික ක්‍රිකට් සභා කාන්තා විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ තුන්වැනි ස්ථානයේ පසු වන අතර ශ්‍රී ලංකාව අටවැනි ස්ථානයේ සිටී. ශ්‍රී ලංකාව විස්සයි20 තරග හතකදී නවසීලන්තයට එරෙහිව තරග කර ඇති අතර මේ දක්වා ජයග්‍රහණයක් ලබා නොමැත.    
 
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල:  
හසිනි පෙරේරා, චමරි අතපත්තු, හර්ෂිතා මාධවී, හංසිමා කරුණාරත්න, ශෂිකලා සිරිවර්ධන, නිලක්‍ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනි, අමා කාංචනා, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි සහ උදේෂිකා ප්‍රබෝදනි 

අදහස් (0)

වේග පන්දු යවන්නියන් 3 ක් සමග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.