Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා ලෙස හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය ලබන නොවැම්බර් මස 1 වැනිදා අවසන් වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා මෙන්ම සහ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා මේ වන විට කටයුතු කරයි.
ක්‍රිකට් පවුලක සාමාජිකයකු වන 42 හැවිරිදි බ්‍රෙට් ලී පුහුණුකරුවකුට වඩා තරග විස්තර විචාරයකු ලෙස ප්‍රසිද්ධියක් උසුළයි.
ලෝක ක්‍රිකට් පිටියේ 2000 දශකයේ මුල් භාගයේ වේගවත්ම පන්දු යවන්නා වූ දකුණතින් වේග පන්දු යවන බ්‍රෙට් ලී ටෙස්ට් තරග 76 කදී කඩුලු 310 ක් ද, එක්දින ජාත්‍යන්තර තරග 221 කදී කඩුලු 380 ක් ද, දවාගෙන තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.