Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්සයි20 වැඩිම හයේ පහර වාර්තාව ගප්ටිල්ට

විස්සයි20 වැඩිම හයේ පහර වාර්තාව ගප්ටිල්ට

editorial - 2021 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව අලුත් කරමින් වේගවත් පිතිහරඹයක නිරතවූ මාටින් ගප්ටිල් (97) ලබාගත් අර්ධ ශතකය හේතුවෙන් ඕස්ටේ්‍රලියාවට එරෙහිව ඩුනේඩින්හිදී අද (25 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 4 කින් ජය ගැනීමට නවසීලන්තය සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණේ පසුවීමටද නවසීලන්තයට හැකිවිය.

කාසියේ වාසිය දිනාගත් ඕස්ටේ්‍රලියාව පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණූ 219 ක් රැස්කිරීමට පිතිකරුවෝ සමත්වූහ.

ශතකය පෙනි පෙනී දැවී ගිය මාටින් ගප්ටිල් පන්දු 62 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 97 ක් රැස්කරමින් නවසීලන්ත පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන යෑමට ඔහු සමත්විය. අද ලබාගත් හයේ පහර 8 ත් සමගින් හයේ පහර සංඛ්‍යාව 132 ක් දක්වා ඉහළ දමාගත් මාටින් ගප්ටිල් විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව තමන් නමට ලියාගත්තේය. මින් පෙර ඉන්දියාවේ රෝහිත් ෂර්මා විසින් හයේ පහර 127 ක් ලබාගනිමින් විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියනු ලැබීය.

නායක කේන් විලියම්සන් පන්දු 35 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 53 ක් ලබාගත් අතර ජේම්ස් නීෂාම් පන්දු 16 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස්කරමින් ලකුණු 200 සිමාව පසුකිරීමට දායක වූහ.

මාටින් ගප්ටිල් සහ කේන් විලියම්සන් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 69 කදී ලකුණු 131 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් නවසීලන්ත ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

සියලුම පන්දුයවන්නන් පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වූ අතර කේන් රිචඩ්සන් සිය ඕවර 4 තුලදී ලකුණු 43 ක් ලබාදෙමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ්‍රලියාවට ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 215 ක් පමණි. අවසන් ඕවරයේදී ජයග්‍රහණය සඳහා ඕස්ටේ්‍රලියාවට ලකුණු 15 ක් ලබාගැනීමට තිබූ නමුත් කඩුලු 2 ක් බිඳ වැටීම හේතුවෙන් ලබාගැනීමට හැකිවූයේ ලකුණු 10 ක් පමණි.

මාකස් ස්ටොයිනිස් පන්දු 37 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 78 ක් ලබාගත් නමුත් ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

පන්දු 37 කදී ලකුණු 92 ක සම්බන්ධතාවයක් පැවැත්වූ මාකස් ස්ටොයිනිස් සහ ඩැනියෙල් සෑම්ස් විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ 7 වැනි කඩුල්ල සඳහා පැවැත්වූ ඉහළම සම්බන්ධතාවය ලෙස වාර්තා පොත්හි සටහන් විය.

ජොෂ් ෆිලිප්ස් පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළ අතර ඩැනියෙල් සෑම්ස් පන්දු 15 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 41 ක් රැස්කිරීමට සමත්විය.

මිචෙල් සැන්ටර් ලකුණු 31 කට කඩුලු 4 ක් සහ ජේම්ස් නීෂාම් ලකුණු 10 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 219
(මාටින් ගප්ටිල් 97, කේන් විලියම්සන් 53, ජේම්ස් නීෂාම් නොදැවී 45, කේන් රිචඩ්සන් 43/3)

ඕස්ටේ්‍රලියාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 215
(මැතිව් වේඩ් 24, ජොෂ් ෆිලිප්ස් 45, මාකස් ස්ටොයිනිස් 78, ඩැනියෙල් සෑම්ස් 41, මිචෙල් සැන්ටර් 31/4, ජේම්ස් නීෂාම් 10/2)


අදහස් (0)

විස්සයි20 වැඩිම හයේ පහර වාර්තාව ගප්ටිල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.