Last Update  :  2024-04-24 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විනිසුරුවරු දෙදෙනෙක් ඉහළ ශ්‍රේණියට

විනිසුරුවරු දෙදෙනෙක් ඉහළ ශ්‍රේණියට

editorial - 2019 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

2019-20 තරග වාරය සඳහා විනිසුරුවරුන්ගේ එමිරේට් අයි.සී.සී එලයිට් මණ්ඩලයට එංගලන්තයේ මයිකල් ගෆ් සහ බටහිර ඉන්දිය කොදෙව්හී ජොයෙල් විල්සන් යන මහත්වරුන් නම්කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව අද (30 වැනිදා) තීරණය කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාන්‍යාධිකාරී ජොෆ් ඇලර්ඩිස් මහතා (සභාපති), හිටපු ක්‍රීඩක සහ නිවේදක සංජේ මංජේකාර් මහතා සහ තරග තීරකවරුන්වන රංජන් මඩුගල්ල මහතා සහ ඬේවිඞ් බූන් මහතා ඇතුළත් වන තේරීම් කමිටුව විසින් ගෆ් සහ විල්සන් දෙදෙනාම විනිසුරුවරුන්ගේ ඉහළ පන්තියට උසස් කර තිබේ. 

මෙම විනිසුරුවරුන් දෙදෙනාම සුවිශේෂී ආකාරයෙන් ජාත්‍යන්තර මට්ටමට ලඟාවී ඇති අතර මයිකල් ගෆ් මහතා ටෙස්ට් තරග 9 කට, එක්දින තරග 59 කට සහ විස්සයි20 තරග 14 කටද ජොයෙල් විල්සන් මහතා ටෙස්ස් තරග 13 කට, එක්දින තරග 63 කට සහ විස්සයි20 තරග 26 කට විනිසුරුවරුන් ලෙස දායකත්වය ලබාදී ඇත. හිටපු විනිසුරුවරුන් වන ඉයන් ගෝල්ඞ් සහ රවී සුන්දරම් යන මහත්වරුන් විශ්‍රාම ගැනීම හේතුවෙන් ඔවුන්ගේ පුරප්පාඩු පිරවීමට මෙම පත්කිරීම් සිදුකර ඇත.

 


අදහස් (0)

විනිසුරුවරු දෙදෙනෙක් ඉහළ ශ්‍රේණියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.